චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ හෝටල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ.
මෙය, කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් නීරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන් කළ හෝටල් ගොඩනැගිල්ලක් බව පැවසේ.
කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිරවී සිටි 48 වැනි පුද්ගලයා අද උදෑසන වනවිට බේරාගැනීමට ජීවිතාරක්ෂක භට පිරිස සමත්වූහ.
ගිනි නිවන හමුදා නිලධාරීන් 848දෙනෙකු, සුනඛයන් හත්දනෙකු යොදාගනිමින් සිර වූ පිරිස මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.
සෙනසුරාදා රාත්‍රියේදී කඩා වැටුණු ගොඩ නැගිල්ලේ සිටි පිරිස බේරාගැනීම සඳහා එම නිලධාරීහු රාත්‍රියේ පටන් මේවනවිටත් මෙහෙයුම් කරමින් සිදුකරමින් සිටිති.
ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
