බොලීවියාවම නිරෝධායනය කෙරේ

බොලීවියාවම නිරෝධායනය කෙරේ

බොලීවියාව අද සිට දින 14ක කාලයක් මුලු රට සඳහාම නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිනී ජෙනින් ෂෙස් විසින් මෙම නිරෝධායන කාලය ප්‍රකාශයට පත්කළ බව බොලිවියානු රාජ්‍ය මාධ්‍ය පවසයි.

ඒ අනුව බොලිවියානුවන් දවසේ පැය 24 පුරාම නිවසේ සිටිය යුතු වන අතර,  අවශතා වෙනුවෙන් නිවසින් බැහැර වීමට හැක්කේ පවුලක එක් අයෙකුට පමණි.

කෙසේ වෙතත් ඔසුසැල්, රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට ජනාධිපතිවරිය නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන කටයුතු අත්හිටුවා ඇති අතර‍, විවෘතව පවතින අංශවල සේවකයන්ට බලපත්‍ර ලබාදෙන බවත් ඇය සඳහන් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න