කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ (12) කෙරිණි.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ.
මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කි.
ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විතය.
මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විතය.
ඉතා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍ර මාණයක පවතී.
{gallery}alteyar{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
