ජෝන් කීල්ස් ප්‍රොපටීස් වෙතින් ‘TRI-ZEN’ මහල් නිවාස ව්‍යාපෘතිය

ජෝන් කීල්ස් ප්‍රොපටීස් වෙතින් ‘TRI-ZEN’ මහල් නිවාස ව්‍යාපෘතිය

පසුගියදා ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම විසින් ‘TRI-ZEN’ යන නමින් සුවිශේෂී මහල් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කළේය. එය සිතේ සැහැල්ලූව, නාගරික ජීවන රටාව සහ සියලූ පහසුකම් සහිත නිවසක් යන සාධක තුනම එක්තැන් කරන ලද නිවාස ව්‍යාපෘතියක් බව පැවසේ.

කොළඹ යුනියන් පෙදෙසේ ඉදිවන මෙම නිවාස එකතුව වාණිජ අගනගරයේ සියලූ පහසුකම් වලට නුදුරින්, එහෙත් එහි ජනාකීර්ණත්වයේ බලපෑම නොදැනෙන ස්ථානයක ඉදිවේ.

2023 වසරේදී අවසන් වීමට නියමිත මෙම ව්‍යාපෘතියෙන් නිවාස වෙන්කරවා ගැනීමේ අවස්ථාව දැන් උදා වී ඇත.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ වල දේපළ ව්‍යාපෘති කිහිපයක්ම දියත් කරමින් මෙරට දේපළ සංවර්ධන ක්ෂේත‍්‍රයේ ඉදිරියටම පැමිණීමට ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම සමත් වී තිබේ.

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුරේෂ් රාජේන්ද්‍ර මහතා පවසන පරිදි ‘‘TRI-ZEN’’ යනු පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන්ට අනුව ය සැලසුම් කරන ලද්දකි. ශ‍්‍රී ලංකාවේ ජනතාවට නවීනතම පහසුකම් සහිත සුවිශේෂී නිවස වල ජීවත් වීමට අවස්ථාව සලසා දීම සඳහා අප දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය පෙන්වා දිය හැකි බව ඒ මහතාගේ අදහසයි.

 

 

‘‘TRI-ZEN’’ ව්‍යාපෘතිය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා 94-112-000294 දුරකථන අංකයෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයෙන් එහි පාරිභෝගික සේවා අංශය සමග සම්බන්ධ විය හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න