සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පළමු අලෙවිසැල යාපනයේ විවෘත කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පළමු අලෙවිසැල යාපනයේ විවෘත කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වර්තමාන සභාපතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද ලොතරැයි අලෙවිසැල් ( Lotteries shop ) හදුන්වාදීමේ වැඩසටහන යටතේ එහි පළමු අලෙවිසැල යාපනය නල්ලූර් ප‍්‍රදේශයේදී පසුගිය මාර්තු 11 වන දින විවෘත කරන ලදී.

සාම්ප‍්‍රදායික ලොතරැයි කුටියෙන් ඔබ්බට ගොස් ලොතරැයි නියෝජිතයින් හට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව නවීන තාක්ෂණයත් සමග ලොතරැයි අලෙවි කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම මෙම ලොතරුයි අලෙවිසැල් සංකල්පයේ මූලික පරමාර්ථය වී ඇත.

යාපනය අලෙවි නියෝජිත සමුළුව

මෙයට අමතරව යාපනය ,මන්නාරම, කිලිනොච්චි ,මුලතිව් ,වව්නියාව යන දිස්ති‍්‍රක්කයන්හි අලෙවි නියෝජිතයින් 100 කට දිනක වැඩමුලුවක් සහ 2017 වර්ෂයේ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඇගයීමේ වැඩසටහනක්ද මාර්තු 11 වනදා පවත්වා ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුමගේ ප‍්‍රධානත්වයෙන් යාපනය ටිල්කෝ හෝටලයේදී එම වැඩසටහන් සංවිධානය කර තිබු අතර ඊට යාපනය දිස්ති‍්‍රක් බෙදා හැරීමේ අලෙවි නියෝජිත ටී.තේමරාසන් , Dan TV අධිපති කුහනාදන් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච්.ආර් විමලසිරි , වැඩබලන සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න ඇතුලු ඉහළ නිළධාරීන් සහභාගී විය.

IMG 5849

IMG 5867

jaffna dlb

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න