බදු දැලේ හිල් ලොකු වෙලා : තෝරු මෝරුන්ගෙන් බදු ගෙවන්නේ 13 % යි !

බදු දැලේ හිල් ලොකු වෙලා : තෝරු මෝරුන්ගෙන් බදු ගෙවන්නේ 13 % යි !

2020 වසර අග වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩත්තු කරන පුද්ගල බදු ලිපිගොනු සංඛ්‍යාව දෙලක්ෂ අසූ දහසකට (2,80,000)ක් පමණ වුවද එයින් දැනට බදු ගෙවන්නේ 13%ක ප්‍රමාණයක් බවත් එම සංඛ්‍යාව තිස් පන්දහසක් (35,000) පමණ වන බවත් දේශයට වාර්තා වෙයි. වර්තමාන රජය 2020 අයවැය ලේඛනයෙන් බදු ගෙවිය යුතු අවම ආදායම් මට්ටම රුපියල් ලක්ෂ 30ක් (මිලියන 3ක්) දක්වා ඉහළ දැමීම නිසා 2021 වන විට සක්‍රිය ලිපිගොනු සංඛ්‍යාව දහසය දහස (16,000) පමණ දක්වා පහළ බසිනු ඇති බවද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

2019 වසරේදී රුපියල් බිලියන 10ක්ව තිබූ සමස්ත බදු ආදායම බිලියන 6 දක්වා අඩු වී තිබෙන අතර 2021 වන විට තවදුරටත් පහළ බසිනු ඇති බවට අනතුරු ඇඟවේ. සේවක වැටුප් සහ දීමනා මෙන්ම දෙපාර්තමේන්තුවේ නඩත්තු වියදම් සලකා බැලීමේදී එක රුපියලක් ඉපයීම සඳහා රුපියලකට වැඩි මුදලක් වැයවන බව එහි සේවකයෝ පවසති.

ආදායම් බදු ගෙවන සමාගම් සංඛ්‍යාව 1500ක් පමණ වන අතර එයින් ලැබෙන බදු ආදායම රුපියල් බිලියන 40කි. එහෙත් සත්‍ය වශයෙන් බදු ගෙවන මට්ටමේ ව්‍යාපාරිකයන් සංඛ්‍යාව මේ ප්‍රමාණයෙන් තුන් ගුණයක් පමණ විය හැකි අතර වැඩිදෙනා විවිධ සම්බන්ධතා ගොඩනගාගෙන ආදායම අඩුවෙන් පෙන්වා බදු ගෙවීමෙන් වැළකී සිටින බව සොයාගෙන ඇත. එමෙන්ම සමාගම් ලිපිගොනු විගණනය කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුවේ ඇතැම් බලවතුන් විසින් තමන්ට බලපෑම් කරන බවද සේවකයෝ පවසති.

දේශය - යසවර්ධන රුද්රිගූ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න