ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කළේය.
චීන මුදල් ඒකකය වන රෙනමින්බි ඒකකයෙන් මූල්‍ය පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බව එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.
කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරයට සහාය වීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවනෝපය වඩාත් යහපත් කිරීම යනාදියට උපකාර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම කළ බව එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් දැක්විණි.
(lankadeepa)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
