කොටස් වෙළෙඳපොළේ දෙවැනි විශාලතම සමාගම බවට ටෙලිකොම් පත්වෙලා !

කොටස් වෙළෙඳපොළේ දෙවැනි විශාලතම සමාගම බවට ටෙලිකොම් පත්වෙලා !

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, දෙවැනි විශාලතම සමාගම බවට ශ්‍රී ලංකා ටෙලිකොම්, අද (27) දිනයේ දී පත්විය.

ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 115 මට්ටමට පැමිණීමත් සමඟ එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 207 සීමාව ඉක්මවීමා යාම හේතුවෙනි. එය සමස්ත වෙළෙඳපොළෙන් 5%කට වඩා වැඩි අගයයක් වේ.

මේ දක්වා මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒ අනුව තෙවැනි තැන දක්වා තල්ලු වී ඇත. LOLC සමූහයේ මූල්‍ය සමාගම් වූ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් යන සමාගම්, LOLC ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීමත් සමඟම, පෙර කී සමාගමේ දෙකෙහි කොටස් ද අනුපාතිකව LOLC ෆිනෑන්ස් පීඑල්සී කොටස් බවට පරිවර්තනය විය. මේ හේතුවෙන් වර්තමානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් හිමිකම් කියන ඉහළම කොටස් ප්‍රමාණය වූ කොටස් බිලියන 33කට LOLC ෆිනෑන්ස් පීඑල්සී හිමිකම් කියනු ලබයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයයද රු. බිලියන 200 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී මෙම ලැයිස්තුවේ පළමු තැන පසුවේ.

සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ. පසුගිය සිකුරාදා (24) වන විට එම වටිනාකම රු. බිලියන 3,985.40 කි.

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 13 පහත පරිදි දැක්විය හැකිය.

SLT Marcket Cap

Derana

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න