තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමයේ පළමු දිරිය අංකුඹුරේ දිරිය තරුණයෙකුට

තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමයේ පළමු දිරිය අංකුඹුරේ දිරිය තරුණයෙකුට

තරුණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන ”තුරුණු දිරිය”ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයේ පළමුවන ණය ප‍්‍රදානය අංකුඹුර ලංකා බැංකු ශාඛාවෙන් පසුගිය දා නිකුත් කර තිබේ.තරුණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන ”තුරුණු දිරිය”ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයේ පළමුවන ණය ප‍්‍රදානය අංකුඹුර ලංකා බැංකු ශාඛාවෙන් පසුගිය දා නිකුත් කර තිබේ.

මෙම පළමු ණය ප‍්‍රදානය ලබා දී තිබුණේ නුවර අංකුඹුර ප‍්‍රදේශයේ පදිංචි අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක‍්‍රමයට භාණ්ඩ අලෙවි සේවාවක් පවත්වාගෙන යන අසේල තරිඳු නම් තරුණ ව්‍යවසායකයාටය. 

මෙම දිරිය තරුණයා ඔන්ලයින් අලෙවිකරණය පිළිබඳ ස්වයං අධ්‍යයනයෙන් ලබාගත් දැනුම හරහා daylook.lk  නමින් අන්තර්ජාලය තුළින් ඇඟලුම් නිෂ්පාදන අලෙවි කිරීමේ ආයතනයක් පිහිටුවාගෙන ඇති අතර මේ වන විට ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ගොඩනගාගෙන ඇති ලක්‍ෂ දෙකකට අධික සම්බන්ධතා ජාලය මගින් දිවයින පුරාම තම නිෂ්පාදන අලෙවිය ඉතා සාර්ථකව සිදුකරනුයේ තවත් තරුණ තරුණියන් කිහිපදෙනෙකුටම රැකියා අවස්ථා සලසා දීමටද සමත්ව ඇත

මෙම තුරුණු දිරිය ණය මුදල මගින් ඉදිරියේ දී ෆේස්බුක් පිටුවට අමතරව පහසුවෙන් ඔන්ලයින් වෙළඳ කටයුතු සිදුකළ හැකි වෙබ් අඩවියක් නිර්මාණය කරමින් තම ව්‍යාපාරය වඩාත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවැසුවේය. 

නව අදහස් සහිත දිරිය තරුණ ව්‍යවසායකයින් නගාසිටුවමින් ඔවුන්ගේ නව ව්‍යාපාරික අදහස් රටේ ආර්ථික සංවර්ධනය සදහා යොදා ගැනීම අරමුණ කරගනිමින් ආරම්භ කරන ලද”තුරුණු දිරිය” ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මේ වනවිට රට පුරා සිටින කුඩා පරිමාණ ව්‍යවසායකයින් අතර දැඩි උනන්දුවක් ඇති කිරීමට සමත්ව ඇත. 

මේ වනවිට දිවයින පුරා ලංකා බැංකු කාර්යාලවලට මෙම ණය ලබා ගැනීම සදහා අයදුම්පත් රාශියක් ලැබෙමින් පවතින අතර ඉන් වැඩිම අයදුම්පත් ප‍්‍රමාණයක් ලංකා බැංකුවේ නැගෙනහිර පළාත් කාර්යාලයට ලැබී තිබුණි. මෙම ණය ලබා ගැනීමට අදාල ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම සදහා දිස්ත‍්‍රික් කාර්යාලවල සිටින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් විසින් සහයෝගය ලබාදෙන අතර දිවයින පුරා පිහිටි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කාර්යාලවලට මේ වනවිට 800කට ආසන්න ඉල්ලූම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති අතර රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පමණක් ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 340කි. මේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහල යන බව එම නිලධාරීහු ප‍්‍රකාශ කරති. මෙම ණය යෝජනා ක‍්‍රමය පිළිබ`දව වැඩි විස්තර සියලූම ලංකා බැංකු ශාඛාවලින් සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යවසායක නිලධාරීන් මගින් ලබාගත හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න