Image

ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල; "කොළඹ සාහිත සමය 2026" (Colombo Literary Festival 2026) ජූලි 24වන දින සිට 29වන දා දක්වා

ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල; "කොළඹ සාහිත සමය 2026" (Colombo Literary Festival 2026) ජූලි 24වන දින සිට 29වන දා දක්වා

ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසට ම සම මුල් තැන දෙමින්, මෙරට ප්‍රථම වරට සංවිධානය වන ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය — "Colombo Literary Festival 2026" (කොළඹ සාහිත සමය 2026),

එළඹෙන ජූලි මස 24 දින සිට 29 දින දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. 

දින 6ක් පුරා පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන මෙම මහා සාහිත්‍ය උත්සවය, මෙරට ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන පහක (05) හිමිකරුවන් අධ්‍යක්ෂ ධුර දරන Colombo Literary Festival (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කරනු ලබයි.

WhatsApp Image 2026 07 04 at 8.47.54 AM

 

දේශීය හා ජාත්‍යන්තර බුද්ධිමය මුණගැසීමක්

ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද කීර්තිමත් ලේඛක ලේඛිකාවන්, විචාරකයින් සහ විද්වතුන් විශාල පිරිසක ගේ සහභාගීත්වයෙන් හැඩවන මෙම උළෙල, පුළුල් සංස්කෘතික සහ බුද්ධිමය සංවාද මණ්ඩපයක් වනු ඇත. සාහිත්‍යයේ වත්මන් ප්‍රවණතා, සමාජ-දේශපාලනික බලපෑම් සහ අනාගතය පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡා සහ බුද්ධිමය සංවාද රැසක් මේ යටතේ ක්‍රියාත්මක වේ.

උලෙළට සමගාමී සුවිශේෂී අංග

බුද්ධිමය සංවාද හා සාකච්ඡා: දෙස් විදෙස් විද්වතුන් මෙහෙයවන විවිධ තේමාවන් ඔස්සේ දිවෙන සංවාද මණ්ඩප

පොත් ප්‍රදර්ශනය: උසස් ගණයේ දේශීය හා ජාත්‍යන්තර කෘති එකම වහලක් යට දී පරිශීලනයට සහ මිලදී ගැනීමට ඇති අවස්ථාව

ජාත්‍යන්තර චිත්‍රපට ප්‍රදර්ශනය: සිනමා ලෝලීන් වෙනුවෙන් වෙන්වූ සුවිශේෂී සිනමා දැක්මක් කොළඹ 7, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ

සංගීතමය සන්ධ්‍යා: සාහිත්‍යමය අත්දැකීමට ආලෝකයක් එක් කරන සොඳුරු සංගීතමය වැඩසටහන්

වැඩිදුර තොරතුරු සහ සම්බන්ධීකරණය සඳහා:

දුරකථන අංකය: ප්‍රදීප් සමරනායක - +94773165894

විද්‍යුත් ලිපිනය: info@ colombolitfest.lk

වෙබ් අඩවිය :colombolitfest.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න