Sony Alpha නවතම A7 R III කැමරාව ශ්‍රී ලාංකේය වෙළඳපල

Sony Alpha නවතම  A7 R III කැමරාව ශ්‍රී ලාංකේය වෙළඳපල

Sony mirrorless කාණ්ඩයේ පෙරළිකාර කැමරා මාදිලියක්වූ Sony Alpha මාදිලියේ නවතම කැමරාව වන A7 R III කැමරාව ශ්‍රී ලාංකීය වෙළඳපල වෙත හඳුන්වාදීම අදදින එනම් 2018 ජනවාරි 16වන දින කොළඹ Galle face Hotelහීදී ( ගාලු මුවදොර හෝටලයේදී ) උත්සවාකාරයෙන් පැවැත්විණි.

මෙගා පික්සල් 42කින් යුක්ත මෙම කැමරාව , තත්පරයට ඡායාරුප 10 දක්වා ග්‍රහණය කිරීමේ හැකියාවෙන් යුතුවන අතර මින් පෙර තිබු මාදිලියට වඩා නාභිගත කිරීමේ ක්‍රියාවලියද දියුණුකර ඇති අතර Focus points 425ක් සමගින් මෙම කැමරාව එළිදකිනවා. තවද pixel shifting තාක්ෂණය මගින් මෙම කැමරාව සතු මෙගා පික්සල් 42ක සෙන්සරයම භාවිතා කරමින් මෙගා පික්සල් 160ක පමණ ප්‍රමාණයේ ඡායාරුපයක් ලබාගැනීමේ සුවිශේෂ ක්‍රමවෙදයක් මෙම කැමරාව සතුවීම විශේෂයකි.

Sony Alpha A7R iii කැමරාව හඳුන්වාදීම ශ්‍රී ලංකාව තුල සෝනි කැමරා සඳහා බලයලත් අලෙවිකරු වන CameraLK ආයතනය , සෝනි මව් ආයතනය සමග එක්ව සංවිධානයකර තිබිණි.

{gallery}Sony Alpha{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න