මහජන බැංකුවේ ක්‍රෙඩිට් කාර්ඩ් පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ

මහජන බැංකුවේ ක්‍රෙඩිට් කාර්ඩ් පත් හිමියන්ට සුවිශේෂ ප්‍රතිලාභ

මහජන බැංකුව මෙම උත්සව සමය සැමරීම සඳහා පීපල්ස් විසා/ මාස්ටර් කාඞ් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙත සිත්ගන්නා සුළු විශේෂ දීමනා රැසක් පිරිනමනු ලබයි. දෙසැම්බර් මාසය පුරා ම කාඞ්පත් හිමියන් හට ප‍්‍රමුඛ පෙළේ හෝටල සහ නිවාඩු නිකේතන, අවන්හල්, නිමි ඇඳුම්,ආභරණ, පාවහන් සහ සම්භාණ්ඩ,සුපිරි වෙළඳසල් මෙන් ම රෝහල්, ලිපි ද්‍රව්‍ය සාප්පු සහ පොත් සාප්පු වෙතින් 50% ක් දක්වා වූ සුවිශේෂි වට්ටම් සහ දීමනා ලබාගත හැකිය.

ගනුදෙනුකරුවන් වෙත අඩු ම පොලී අනුපාත පිරිනමන මහජන බැංකු විසා/ මාස්ටර් කාඞ් ක්‍රෙඩිට් කාඞ්පත් ඔවුන්ගේ ජීවන රටාව සුවපහසු කිරීම සඳහා උපකාරී වේ. මහජන බැංකුවේ සියලූම ගනුදෙනුකරුවන් හට අවම මූලික සම්බන්ධතා ගාස්තුවක් සහ වාර්ෂික ගාස්තුවකට මෙම කාර්ඩ් පත ලබාගත හැකිය. මෙම කාඞ්පත භාවිතයේදී ඉහළ ම මට්ටමේ ආරක්ෂාවක් සහ පහසුවක් සැලසෙන අතර 735 ඉක්මවූ දිවයින පුරා විසිරී ඇති ශාඛා ජාලයෙන් ඊට අදාළ ගෙවීම් කළ හැකිය. පිපල්ස් මොබයිල් බෑන්කින් සහ ඉන්ටර්නෙට් බෑන්කින් පහසුකම් ද කාඞ්හිමියන් වෙත ලැබේ.

 එමෙන්ම ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් වෙත ඉතා අගනා ප‍්‍රතිලාභ රැුසක් මහජන බැංකුව විසින් පිරිනමනු ලබයි. මහජන බැංකුව විසින් සිය බැංකු කටයුතු සඳහා ගනුදෙනුකාර කේන්ද්‍රීය ප‍්‍රවේශය නව මානයකට ගෙන ගොස් ඇති අතර අපගේ ඉතා විශාල වූ ගනුදෙනුකාර පදනමේ විවිධ වූ ජීවන රටා අවශ්‍යතා සපුරාලීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

 වසර 56 ට පෙර දී ඇරඹුණු තැන් සිට රටේ සෑම තරාතිරමකම ගනුදෙනුකරුවන් වෙනුවෙන් සිය දොරටු විවර කළ මහජන බැංකුව ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන බැංකු සේවා සම්පාදනය කරමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට ක‍්‍රියා කළේය. මහජන බැංකුව මේ වන විට සිය ශාඛා 737 සහ ලංකා පේ හා සම්බන්ධ කෙරුණු 3125 ක් පමණ වන ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍ර ජාලය හරහා මිලියන 16 ට අධික ගනුදෙනුකරුවන්ට සේවා සපයයි. එමෙන්ම මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා ස්ථාපිත කර ඇති ස්වයං බැංකුකරණ ඒකක 100 ක් ඔස්සේ මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ සහ බිල්පත් ගෙවිමේ පහසුකම් ඇති නවීන ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍ර මුදල් තැන්පතු යන්ත‍්‍ර සහ බිල්පත් ගෙවීමේ යන්ත‍්‍ර වල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න