Language Switcher

V2025

DLB SWEEP APP මඟින් සිය පාරිභෝගිකයින්ට වඩාත් ඉහළ සේවාවක්

දශක තුනකට වැඩි කාලයක් පුරා ඔබේ ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ වාසනාවන්ත ලක්ෂපතියන්,කෝටිපතියන් ගණන අපමණයි.

දිනෙන් දින, පියවරෙන් පියවර සාර්ථකත්වයේ මාවත ඔස්සේ ඉදිරියටම යන සංවර්ධන ලොතරැයිය කාලානුරූපීව සමාජ, ආර්ථික හා තාක්ෂණික ප්‍රවණතාවන්ට අනුව හැඩගැසුණු ලොතරැයියකි.

ආරම්භයේ සිට මේ දක්වා ලොතරැයිපතක් හරහා නව තාක්ෂණයේ නව මංපෙත් ඔබ වෙත සමීප කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජාත්‍යන්තර ලොතරැයි ව්‍යාපාරයේ පූර්වාදර්ශයක් උකහා ගනිමින් ශ්‍රී ලාංකීය ලොතරැයි ව්‍යාපාරයේ නව මානයන් කරා ගමන් කිරීමට මූලික අඩිතාලම දැනටමත් තබා අවසන්.

ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන DLB SWEEP APP මඟින් සිය පාරිභෝගිකයින්ට වඩාත් ඉහළ සේවාවක් ලබාදීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

ඔබගේ පහසුව වෙනුවෙන්ම සකසන ලද DLB SWEEP යෙදවුම මඟින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අයත් සියලුම ලොතරැයි ජයග්‍රහණයන්හි දෛනික නිල ප්‍රථිපල හා මාස 06ක් පැරණි නිල ප්‍රථිපල ඉතාම විශ්වාසවන්ත ලෙස නිවැරදිව,ඉක්මණින් දැන ගැනීමේ හැකියාව දැන් ඔබට උදාකර තිබේ.

IMG 4478කාර්යබහුල ඔබේ ජීවන රටාවට පහසුවක් වෙමින් ඔබවෙත එන DLB SWEEP APP හරහා ඔබගේ ජංගම දුරකථනය ඔස්සේ ඔබ කැමති ඕනෑම වේලාවක ජයග්‍රාහී ලොතරැයි නිල ප්‍රථිපල ඉතාම නිවැරදිව,එසැණින් දැනගැනීමේ අවස්ථාව පමණක් නොව ලොතරැයි ටිකට් පතේ ඇති QR සංකේතය භාවිත කර ලොතරැයි ටිකට් පතට අදාළ ත්‍යාග තිබේද හා ඊට අදාළ ත්‍යාග මුදල දැනගැනීමේ පහසුකමද සලසා ඇත.

ලොතරැයි පතක් වෙනුවෙන් ඔබ වැය කරන රුපියල් විස්සෙන් නැවතත් ඔබවම ජයග්‍රාහකයෙක් කරනා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔබ වෙනුවෙන් පමණක් නොව රට වෙනුවෙන්ද සෞඛ්‍ය සහ අධ්‍යාපනික මෙහෙවරක යෙදී සිටින්නේ ජනාධිපති අරමුදල සහ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ශක්තිමත් කරමින්ය.

ජනධිපති අරමුදල වෙනුවෙන් සම්පූර්ණ ලාභාංශ පරිත්‍යාග කරන එකම රාජ්‍ය ආයතනය වන සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි අලෙවි නියෝජිත ජාලය හරහා විශාල පිරිසකට රැකියා නිර්මාණය කර දී තිබෙන බව පවසන්නේ හද පිරි සතුටිනි.

DLB SWEEP APP හරහා ජයග්‍රාහී ලොතරැයි නිල ප්‍රථිපල ලබාගැනීමේ හැකියාව දැනටමත් ක්‍රියාත්මක වන අතර ඔබේ පහසුව සඳහා ඉදිරියේදී DLB SWEEP APP ඔස්සේ තවත් පහසුකම් ගණනාවක් හඳුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය බලාපොරොත්තු වේ.

පුංචි රුපියල් විස්සකින් ජාතික මෙහෙවරක යෙදෙන සංවර්ධන ලොතරැයිය සමඟින් ඔබත් දිනා,රටත් දිනවන්න.

ඔබත් අදම ඔබේ ජංගම දුරකථනයට හෝ ටැබ් යන්ත්‍රයට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ DLB SWEEP APP ඩවුන්ලෝඩ් කරගන්න.App Icon 02