දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු දකුණු පළාත් ප්රධාන ලේකම්වරයකු වූ රන්නුළු චන්ද්රසිරි ද සොයිසා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද නියෝග (24) කළා.
දකුණේ ව්යාපාරිකයින් මුහුණ දෙන මුදල් සහ පරිපාලන ගැටලු ඇතුළු තවත් ගැටලු ගණනාවකට කඩිනමින් විසඳුම් ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙරටට ගල්අඟුරු සපයන ආයතනයක් බාල ගල්අඟුරු ඒවා ඇති නම් ආණ්ඩුව කළ යුත්තේ දඩයක් ගසා බාල ගල් අඟුරු භාර ගැනීම නොව, එය ප්රතික්ෂේප කිරීම යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැදවියන් 1500කට ආසන්න පිරිසක් බන්ධනාගාර තුළ සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්රධාන සංඝනායක අතිපූජ්ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා පැවැත් වුණි.
දඹුල්ල ප්රදේශයේ එළවළු පලතුරු සහ ලුණු අස්වනු අස්වනු බහුල කාලයේ දී ගොවීන්ගෙන් ඒවා සාධාරණ මිලකට මිලදී ගෙන ශීත ගබඩාවේ තැන්පත් කර අස්වනු හිඟවන කාලයට ඒවා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සැපයීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන පන්සීයකට වැඩි මුල්ය අනුග්රහයක් ලබාගෙන ඉදිකරන ලද ශීත ගබඩාව අපරිභෝගව තිබීමෙන් ප්රදේශවාසී ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
අල්ලස්, දූෂණ හා අක්රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා ව්යවස්ථාපිතව පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක් විසින් විමර්ශනයක් සිදුකරමින් පවතින අවස්ථාවක, එම විමර්ශනයට අදාළ පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා ඉහළ නිලධාරීන් පත්කරන ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ ප්රධානියා වශයෙන් කටයුතු කිරීම සහ එකී විමර්ශනයට සම්බන්ධ සාක්ෂි සහ තොරතුරු ලබා දෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්රධානියා වශයෙන් තවදුරටත් කටයුතු කිරීම හේතුවෙන් නීතිමය, සදාචාරාත්මක, ආයතනික විශ්වාසවන්තභාවය සහ මහජන විශ්වාසය සම්බන්ධයෙන් ප්රශ්න මතු වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කරයි.
ශ්රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් ලෙස දයාසිරි ජයසේකර පිළිබඳව පක්ෂයක් ලෙස විනය ක්රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා ශ්රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන එච්. එම්. පී. හේරත් විසින් පක්ෂයේ ජ්යේෂ්ඨ උප සභපති නිමල් සිරිපාල ද සිල්වා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
දර්ශන අශෝක කුමාර විසින් පරිවර්තිත ''යෝගාචාර බුදු දහම සහ නූතන මනෝවිද්යාව'' කෘතිය සහ ඔහු විසින් රචිත ''සිනමා න්යාය'' නමැති කෘති ද්විත්වය එළඹෙන 09වන දා සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේ දී ජනගත කරයි.
සමාජ මාධ්ය ක්රියාකාරිකයෙක් වූ, මියගිය දර්ශන හඳුන්ගොඩ යන අයට අයත් අධිකරණය බාරයේ තිබූ නඩු භාණ්ඩ වන ඔහුට අයත් පරිගණක ය සහ ජංගම දුරකතන ඔහුගේ බිරිඳ වෙත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය පසුගිය දා නියෝග කර ඇත.
මෙරටින් මත්ද්රව්ය වසංගතය තුරන් කිරීමට පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම වසරේ විදුලි ජනනය සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමට ටෙන්ඩරය ලබාගත් ඉන්දියානු සමාගම මේ දක්වා ලංකාවට රැගෙනවිත් ඇත්තේ නැව් 13ක් පමණක් බවත්, අවසන් දින 10ක පමණ කාලය තුළ එක නැවක්වත් පැමිණ නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ජනාධිපතිවරයා ගේ ඉදිරිපිටට ම පැමිණ නීතිඥවරයෙක් සහ ඔහු ගේ බිරිඳ ඝාතනය කර යා හැකි නම් එතනින් එහාට මේ රටේ පුරවැසියා ගේ ආරක්ෂාව පිළිබඳව තව කුමන කතා දැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
ඝාතනයට පත් ඊශ්රායල හමුදා භටයකුගේ යයි පැවසෙන සිරුරක් අද ( 09) රතු කුරුස හමුදාව හරහා ඊශ්රායල හමුදා වෙත භාර දීමට පියවර ගැනිණි.
මඩකලපුවේ මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය අම්පිටියේ සුමනරතන හිමි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබී තිබූ අතර ඊට අදාලව ගොනු කරන ලද නඩුව ගරු මහාධිකරණ විනිසුරු ටී. ජේ. ප්රභාකරන් ඉදිරියේ ඊයේ (17) කැඳවන ලදී.
රාජ්ය බිඳ වැටීම ආරම්භ වීම නිශ්චිත දිනක සිදු නොවූව ද මේ වන විටත් රාජ්ය බිඳ වැටී ඇති බවත්, රාජ්ය නැවත බිහි කිරීම ඊළඟ දේශපාලන ප්රවාහයක වගකීම වන අතර රාජ්ය ගොඩ ගත යුතු යැයි ශ්රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්යස්ථානයේ විධායක අධ්යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
යම් නීතියක් සකස් කිරීමේ දී එයට අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර ප්රශස්ත අන්දමින් කටයුතු කිරීමේ ව්යවහාරයක් පැවතිය යුතු බවත්, නමුත් නීති සම්පාදනයේ දී ලංකාවේ ක්රියාත්මක වන සියලු ම ව්යවහාරයන් පසෙකට දමා, තනිකරම ඒකාධිපති - උද්ධච්ච ‘නීති සම්පාදන ව්යවහාරයක්’ බවට පත්වෙන්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
මේ වන විට රටෙන් බාගයක් ජනතාව කුසගින්නේ සිටින බවට වාර්තා පළ වී තිබිය දී ම 75%ක් ජනතාව ජනාධිපතිට කැමති යැයි වාර්තා වන්නේ කෙසේ දැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ විමසී ය.
දැන් සිදු වී තිබෙන්නේ කොතමල්ලි බී සිටීමට බවත්, වෙන කවුරු හරි මෙසේ පැවසුවේ නම් එසේ පැවසූ පුද්ගලයා මේ වන විටත් ඩොක්ටර් කොත්තමල්ලි වී අවසන් බවත්, නමුත් ආණ්ඩුවේ ෆේක් බළකාය ප්රබල බැවින් එලෙස සිදු වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් ඇතැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

