#lk#srilanka#newstube

  • තුන්වන වාරයේ පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා .......

    තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසීය.

  • තුන්වන සිනමා යුගයේ අධිපති ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ තිර රචනා ත්‍රිත්වයක් ජනගත කිරීම

    ආචාර්ය ධර්මසේන පතිරාජ නිර්මාපිත තිර රචනා ත්‍රිත්වයේ ග්‍රන්ථ දොරට වැඩුමත්, සිංගප්පූරු ආසියානු සිනමා සංරක්‍ෂණාගාරයේ ප්‍රතිසංරක්‍ෂිත අහස් ගව්ව චිත්‍රපටයේ 4K ප්‍රදර්ශනයත් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී අගෝස්තු 9වන ඉරිදා පස්වරුවේ පැවැත්විණි.

  • තුම්මුල්ලේ හෝම්ලෑන්ඩ් පෙන්ටාරා හුටපටය දුරදිග යයි ! - හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කරලා !!

    කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නම්කර ඇති අතර එය හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ.

  • තුර්කි තානාපති සහ දිලිත් ජයවීර අතර හමුවක්

    ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් මහතා ගේ ආරාධනයෙන්, සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී , ව්‍යවසායක දිලිත් ජයවීර තුර්කි තානාපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.

  • තුෂ් වික්‍රමනායක පා.ම. ලක්මාලි හේමචන්ද්‍රට ඍජුව ම ලියයි

    වයස 11ක දැරියකට සාපරාධී ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු වී සිටින පල්ලේගම හේමරතන නමැති චිවරධාරියාට එරෙහිව සිදුකරන විමර්ශනවලට බලපැම් නොකරන්නැයි ඉල්ලමින් ළමා හිංසනයට තිත පදනමේ (Stop Child Cruelty)] සභාපතිවරිය මෙන්ම විධායක අධ්‍යක්ෂවරිය ද වන වෛද්‍ය තුෂ් (තුෂාර) වික්‍රමනායක ජාතික ජනබල වේගය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරියක වන ලක්මාලි හේමචන්ද්‍ර වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

  • තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන CCDයට

    ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබේ.

    වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය.

    තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

     මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව ගේ නීතීඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිට ඇති අතර වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුවට පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්ය. එම වාහනය පදවා ඇත්තේ තුසිත හල්ලොලුවගේ හිතවතෙකි.

    පහරකෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුව ගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

    ⁣තුසිත හල්ඔලුව පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් කතාබහට ලක් වූ අතර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පසුගිය 15 දා ප්‍රශ්න කිරීමකටද ලක් විය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමුව ඇති අතර ඔවුන් අද පස්වරුවේ රැස්වී මේ පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.

    මුලාශ්‍රය - aruna.lk

  • තෙර ගී උදානය; පූජනීය රඹුකන සිද්ධාර්ථ නාහිමි ජිවිත පද සජ්ජායනාව

    සිංහරාජ වන වියන දිහාවෙන් පතිත මන්දාරම මල් වැස්සක් සේ ඇද හැලෙන්නට වුණි. කොස්නිල්ගොඩ රෝහල වෙත මල් වැසි පතිත වෙයි. වෙසක් සඳ පායන්න තව දෙහොරාවක්වත් නැත. කිරි සුවඳ හමා හඬන හඬ ඇසී සයිමන් ලියනගේ සම ඇට නහර පිබිද ගියේ ය. ඔහු ඉක්මන් ගමනින් සක්මන් කළේ ය.

    මල් හිනා පුරාගෙන වාට්ටුවට දිව ආ සයිමන් රෝස පා සිඟිත්ත මුදු කෙසින් පිරි පින්පිරූ පුත් රුවන දැක්කේය. සතුට දෝරේ ගලයි.

  • තෙල් ගනු­දෙ­නු­වක් නිසා වරා­ය අධිකාරියට රු. කෝටි 970ක පාඩු­වක්

    මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආණ්ඩුව පැවැති කාලයේ මාග­ම්පුර වරායේ සිදු කළ තෙල් ගනු­දෙ­නු­වක් හේතු­වෙන් රු. කෝටි 970ක (බිලි­යන 9.7ක) දැවැන්ත ණය මුද­ලක් ගෙවී­මට රජ­යට සිදුව තිබේ.

  • තෙල් මිල පහළට...?

    එක්සත් ජනපද - ඉරාන අතුරු සාම ගිවිසුම අත්සන් තැබීමත් සමග ලෝක වෙළඳපොළ බොරතෙල් බැරලයක මිල අද (18), ඇමෙරිකානු ඩොලර් 2කින් පහළ වැටු‌ණේ ය. ගැටුම් අවසන් කරමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර, ඉරානයට එරෙහි එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීමේ අරමුණින් එම ගිවිසුම ක්‍රියාත්මක ය.

  • තෙවන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' නිර්මාණ භාර ගැනීම අරඹයි

    තෙවන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' සඳහා 2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ, පිළිගත් ප්‍රකාශන ආයතන සහ කර්තෘ ප්‍රකාශන ලෙස මුද්‍රණයෙන් නිකුත් වූ: නවකතා, කෙටිකතා, කාව්‍ය, සිංහල බසට කෙරුණු පරිවර්තන, ඉංග්‍රීසි බසට කෙරුණු පරිවර්තන, දෙමළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා සහ කාව්‍ය කෘති යනාදි නිර්මාණ භාර ගැනීම අරඹා ඇත.

  • තොටළඟ පොඩ්ඩි ගේ දේපොළ පවතින්නේ ඥාතීන් ගේ සහ අසල්වාසීන් ගේ නම් යටතේ

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් "තොටළඟ පොඩ්ඩි" වාහන 21ක්, බැංකු හතරක් ඇතුළු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නම් හරහා ලබාගෙන ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටියේ ය.

  • තොටළඟ පොඩ්ඩි, ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්!

    මුදල්විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම්  විමර්ශන කොට්ඨාසයේ  සංවිධානාත්මක අපරාධ මගින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් "තොටළඟ පොඩ්ඩි" ලබන 21 යළිත්   රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම  අද (17) නියෝග කළේ ය.

  • තොරතුරු දැන ගැනීමේ පනතට සංශෝධන එපා - සාධාරණ සමාජයක් කියයි

    තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

  • තෝලංගමුව ඩඩ්ලි සේනානායක මැදි විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට

    තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ 2025 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය හෙට (20) පෙරවරු 8.30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

  • දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ ඩබ්. ඕ. එස්. ප්‍රනාන්දුට උපහාර!

    ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය බැබළවූ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය (Sri Lanka Masters Athletics)මගින් සංවිධානය කරන ලද 2026 විශේෂ උපහාර උළෙල 2026 සැපතැම්බර් 27 වන දින දෙහිවල කොන්කෝඩ් උත්සව ශාලාවේදී  උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

  • දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ ශ්‍රී ලංකාවට තවත් ගෞරවණීය ජයග්‍රහණයක්

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් අද භූතානයේ පැවති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) විධායක කමිටු රැස්වීමේ දී ඒකමතිකව SAFF උප සභාපතිවරයා ලෙස පත් කර ඇත.

  • දකුණු ආසියාවේ වේගවත් ම රාජකීය දිවීම; ෂෆියා යමික් ගේ කතාව

    වසර 27ක් පැරණි, ඉන්දීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ පී.ටී. ඌෂා ගේ මීටර් 200 වාර්තාව (තත්පර 23.90) තත්පර 23.58කින් බිඳ හෙලමින් තත්පර 11.53ක මීටර් 100 වාර්තාවක් ද සමගින් රන් පදක්කම් 3ක් දිනූ ෂෆියා යමික් යනු ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාවේ නූතන පෙරළිය යි. 2025 රාංචි හි පැවැති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට අනුශූරතාවය හිමිකර දීමට ඇය දැක්වූ දක්ෂතාව අතිවිශිෂ්ට ය.

  • දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීමකට මුල පුරයි

    රජයේ සංචාරක කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙලට අත්වැලක් වෙමින් දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීමට මුල පුරයි.

  • දකුණු කොරියාවේ මගී නැව් අනතුරක්; කපිතාන් ජංගම දුරකතනයේ ප්‍රවෘත්ති බලලා

    දකුණු කොරියාවේ ඊයේ (19) සිදු වූ මගී නෞකා අනතුරක් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ.

  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ෂාන් විජයලාල් ගේ පුද්ගලික ලේකම්වරයෙකු අත් අඩංගුවට

    දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වර්ෂයේ රුපියල් මිලියන 16.5 ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න