ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවනු ලැබු අවස්ථාවේ දී හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කලේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කර බලහත්කාරයෙන් ජම්පරය අන්දන ආකාරය එක නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකථනයේ කැමරාව ක්රියාත්මක කරමින් වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට නිරීක්ෂණය කිරීමට ඉඩ දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල බරපතළ චෝදනාවක් එල්ල කරයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිර දඬුවම් නියම වී සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ප්රධානය කළ පොදු සමාව බල රහිත බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන වසර 6ක සිර දඬුවමේ ඉතිරි කාල සීමාව අද (05) සිට යළි ක්රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළේය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ 'ජනාධිපති සමාව' සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීරණය නිවැරදි බවත් තමන් එම තීන්දුවට ගරු කරන බවත්,
එවකට ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාරව සිටි අතිරේක ජ්යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුව ඇති වරද හේතුවෙන් උන්වහන්සේට නැවත සිරගත වීමට සිදුව ඇති බවත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විශේෂ ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සිර දඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩුවලට අදාළව අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
සිර දඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
මාධ්ය සාකච්ඡාවකදී මුස්ලිම් සහ සිංහල ජනතාව අතර අපහාසයක් ඇතිවන අන්දමින් ප්රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් නියම කළ මාස 9ක සිරදඬුවම මහාධිකරණය විසින් ස්ථීර කළ බව කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා අද (07) දන්වා සිටියේය.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීමට පියවර ගැනීම බුද්ධ ධර්මයට කළ අපහාසයක් බවත්, එම ක්රියාව කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව, පූජ්ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත්කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් යළි නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
සිරදඬුවම් නියම වී සිටින සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (06) දින අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේ උන්වහන්සේ ගිහි ඇඳුමින් සැරසී අධිකරණය වෙත රැගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස තම අදහස දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එවකට ලබා දී තිබූ ජනාධිපති සමාව ලබා දීමේදී එය ආගමික හා විනය පිටකය පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින් සිදුවූ බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය.
සිරගත කළ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරු අංකයක් ලබා දී සිරකරුවන්හට ලබා දෙන ජම්පරය ලබා දුන් බව අද (05) පස්වරුවේ බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න පැවසුවේය.
ඥානසිරි කොත්තිගොඩ විසින් රචිත “නව සම සමාජ පක්ෂයේ මුල මැද අග සහ මම” කෘතිය පිළිබඳ සංවාදයක් ඔක්තෝම්බර් 24 සෙනසුරාදා ප.ව. 2.00 සිට ප.ව. 4.30 දක්වා එක්සත් රාජධනියේ CHAMPNEY HALL STANWELL ROAD, HORTON SLOUGH, SL3 9PA. හිදී පැවැත්වේ.
බටහිරට ගැති නායකයකු පත් කර ගැනීම උදෙසා ඇමෙරිකාව ඉරානයේ අධ්යාත්මික නායකයා ඝාතනය කළ ද එය එසේ සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අවම බව පෙනේ. සිය නායකයා මිය යාමට පෙර ඔහුට විරුද්ධව එරට තුළ උද්ඝෝෂණ දැඩි වුවත් මේ වන විට එරට සිටින විදෙස් ප්රවෘත්ති වාර්තාකරුවන් පවසන්නේ රට තුළ බෙදුණු මතයක් නිර්මාණය වී ඇති බවයි.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට විරුද්ධව ‘No kings’ විරෝධතා ආරම්භ කරමින් ලක්ෂ සංඛ්යාත ජනතාවක් පෙළපාළි යාම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
ටින් කළ මාළු වර්ග කිහිපයක් සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 03, ගාමිණී ගුණරත්න මාවතේ පිහිටි “ටියාන් යෙෆා ට්රේඩර්ස් පුද්ගලික සමාගම” (Tian Yefa Traders Private Limited) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අද (08) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (අංක 05) හමුවේ නඩු පවරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

