දශක ගණනාවක් පුරා සිංහල ගීත ක්ෂේත්රයේ ප්රමුඛතම කාන්තා සලකුණ ලෙස අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ, ප්රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
2005 වසරෙන් පසුව ලංකාවේ උදා වුණේ ජාතිවාදය බවත්, එම ජාතිවාදය සමග බොහෝ දේශපාලන පක්ෂවලට විශාල වශයෙන් මැදිහත් වීමට හැකියාවක් නොතිබූ බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් ප්රකාශ කරයි. අමාත්යවරයා මේ බව අවධාරණය කළේ අද (28) කොළඹ නෙළුම් කුලුන පරිශ්රයේ දී පැවැති සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමයේ (All Ceylon YMMA Conference) 76වන සංවත්සර මහා සභාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
SCOPE වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සම-අරමුදල් සපයන අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්රියාත්මක කරනු ලබයි.
ශ්රී ලංකා කම්කරු කොංග්රසයේ ප්රධාන ලේකම් සහ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජීවන් තොණ්ඩමන්ගේ විවාහ උත්සවය අද (23) ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුපත්තූර් හි ආරුමුගම්පිල්ලේ පාරේ පිහිටි ආරුමුගම්පිල්ලේ සීතා අම්මාල් විද්යාල පරිශ්රයේදී පැවැත්විණ.
අද රට පුරා කිරිබත් කා, රබන් ගසා සැමරිය යුත් දිනයක් යැයි පිිවිතුරු හෙළ උරුමය උදය ගම්මන්පිල පැවසී ය.
අඟුරු සැපයුම ප්රමාද වීම හේතුවෙන් ජූලි මාසයේ අග සිට සැප්තැම්බර් මැද දක්වා දැවැන්ත විදුලි අර්බූදයක් හටගනු ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පවසයි.
ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සමාගම 2026 අගෝස්තු 25 වන දින මෙල්බර්න් සිට කොළඹ දක්වා සිය පළමු ඍජු අඩු වියදම් ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ ඕස්ට්රේලියාව සහ ශ්රී ලංකාව අතර ගුවන් සබඳතා නව මාවතකට යොමු කිරීමට සූදානම් වේ.
හේවූඩ් කලා කෞතුකාගාරය (Heywood Art Museum) පිළිබඳව මෙන්ම එය මුල් කරගනිමින් ප්රකාශයට පත් කර ඇති 'Heywood Art Museum' නැමැති කෘතිය පිළිබඳවද මේ දිනවල විවිධ අදහස් පළවෙමින් තිබේ.
මේ වන විට ජේ. ආර්. ජයවර්ධන ගේ බෑනා වීම සඳහා රනිල් වික්රමසිංහ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ (CWE) සේවකයින් රාජකාරි නොවන කටයුතු සඳහා යොදවා ඔවුන් ගේ වැටුප් සහ අතිකාල දීමනා සංස්ථා මුදලින් ගෙවීම හරහා රජයට රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති නඩුවේ, හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු ඉදිරියට පවත්වාගෙන යෑමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද (4) නියෝග කළේ ය.
හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු සහ ඔහුගේ පුත් ජෙරම් කෙනත් ප්රනාන්දු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේ දී, නිසි ප්රමිතියෙන් යුතුව අවම මිළ ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් මිලදී නොගෙන, ඩිසයින් පොයින්ට පුද්. සමාගම නැමති ආයතනයෙන් මිලදී ගැනීම සඳහා කටයුතු සැලසීම තුළින් ඉංජනේරු කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශන කාර්යාංශයට රු. 7,973,114.50 (රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය දාහතරයි ශත පනහ) ක පාඩුවක් හා බාහිර පාර්ශ්වයකට අයුතු සහගත වාසියක් සිදු කර " දුෂණය " නැමති වරද සිදු කිරීම හා ඒ සඳහා '' ආධාර අනුබලදීම '' යන චෝදනාව මත,
හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු BMW රථයක් එකලස් කර ව්යාජ අංකයක් යොදා භාවිතා කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගැනීම හෝ පිළිනොගැනීම සදහා නඩුව ලබන ඔක්තෝබර් මස 28 කැදවන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (16) නියෝග කළා.
වෙළෙඳ අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 28 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාර ගත කෙරුණු පූජ්ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ගිහි වස්ත්ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල හා විමතිය පළ කරමින් ත්රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීමේ තීරණය මගින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝණය වන බවද, බුද්ධාගම මෙන්ම ආගමික නිදහසද බරපතල අභියෝගයට ලක්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසුවේය.
අධිකරණ වරෙන්තු ලැබ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.
වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවනු ලැබු අවස්ථාවේ දී හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කලේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

