බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දින 26කට ආසන්න කාලයක් බලංගොඩ කස්සප නමැති හිමිනම සිරගත කර සිටින බවත්, උන්වහන්සේ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ඇප පනත ක්‍රියාත්මක නොවන්නේ දැයි තෙල්දෙණිය සමගි ජනබලවේගය සංවිධායක මහේෂ් සේනානායක විමසී ය.
ලෝක සිතියමේ බලවතුන් ලෙස වැජඹෙන රටවල් දෙස බලන විට අපට පෙනෙන්නේ ඉතාමත් ආකර්ෂණීය, ශක්තිමත් සහ ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි පින්තූරයකි.
ලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගය පිළිබඳව විවිධ මාධ්‍යවල පළ කළ තොරතුරු හේතුවෙන් ම ඒ පිළිබඳව අද (07) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේ ය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින අයට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ලෙස සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුදේශ් නලින්ද අල්විස් නැමැති සැකකරු ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (06)නියෝග කළේ ය.
බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ අඛණ්ඩ සහ විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම පිණිස ගත හැකි සියලු ම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර ගෙන ඇති අතර ඉන්ධන දීමනා ද මාර්තු 1 මිලට ස්ථාවර කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ අත්සනින් යුතුව අද (02) නවතම උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
බල්ගේරියාවේ ඉන්ධන සංචිත සිඳී යයි. එරට පෙට්‍රල් සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් දින 35කට පමණක් බව රාජ්‍ය සංචිත ඒජන්සිය අද (11) නිවේදනය කළේය. එරට විශාලතම තෙල් පිරිපහදුව, ගබඩා සංකීර්ණ සහ සැපයුම් නල යටිතල පහසුකම් හිමි ලූක්ඔයිල් ( Lukoil) සමාගමට එරෙහි, එක්සත් ජනපද සම්බාධක හමුවේ මෙම අර්බුදය පැන නැගී තිබේ.
බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
අද අලුයම් කාලයේ දී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
බස් හිමියෙකු ට තර්ජනය කර කප්පම් ඉල්ලු බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පාතාල ක්‍රියාකරුවෙකු ගේ ගෝලයෙක් යැයි පවසන පතිරගේ රංජිත් යන අය ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් බස්නාහිර පළාතේ ප්‍රභූන් ඇතුළු විසිපස් දෙනෙකුට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන්වේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
බහමාස් දූපත් රාජ්‍යයේ පැවති 53වන නිදහස් දිනය උලෙළෙහි දී සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි නියමුවා ඇතුළු 10 දෙනකු මියගොස් තිබේ.
බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණූ දැක්වීමට අද (06) පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට පැමිණියේ ය.
මාතර, එළිය කන්ද ප්‍රදේශයේ ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව, ලබන මැයි මස 22 වැනිදා දක්වා කල්තැබීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (21) තීන්දු කළේය.
බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය පුත් හැරී කුමරු, ඔහු ගේ බිරිඳ මේගන් සහ ඔවුන් ගේ දරුවන් දෙදෙනා මුණගැසුණු බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරය, බානගල උපතිස්ස පිරිවෙන, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරය යන සිවු මහා විහාරයන් හි විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ 76වන උපන්දිනය නිමිත්තෙන් හෙට (05) කොළඹදී, ඉන්දියාවේ දී සහ ජපානයේදී ආශිර්වාද පින්කම් මාලාවක් පැවැත්වේ.
බාල එන්නත පිළිබඳව සෙවීම සදහා පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති ගත රසායනාගාරයකට නිදර්ශක යැවීම තවමත් ප්‍රමාද කරන්නේ ඇයි දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් විමසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

