පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රමවේදයක් තෝරාගැනීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා 03ක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජන සහතික කිරීම සඳහා සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් වඩාත් ප්‍රායෝගිකව අදාළ යෝජනා යථාර්ථයක් කරලීමට අවශ්‍ය පියවර ගන්නා අතර පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකි ආකාරය පෙන්වා දීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
යුක්තිය සාධරණත්වය අපේක්ෂා කරන ප්රගතිශීලී මිනිස්සුන්ට මේ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡ යුද්ධය දෙස නිහඬව බලා සිටිය නොහැක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
මාධ්‍යවේදී සහ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වී නොව අතුරුදහන් කර ඊයේට (2026-06-28) දින 6000කි; වසරවලින් ගැණ බැලුව හොත් වසර 16ක් ඉක්මවා ඇත. එහෙත් ඔහු අතුරුදන් කළේ කවුද, ඇයි ද යන්නට තවමත් පිළිතුරු නොමැත.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ හතරවැනි සාක්ෂිකරුව වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි නැවත සාක්ෂියට කැඳවන ලෙස අද (24) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
ප්රජාතන්ත්රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SMJDSL) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට අද ලිපියක් බාර දුන්නේ ය. ඒ, ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ ඒකාධිපති වියරුවකට තල්ලු වෙමින් පවතින බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දැනුවත් කිරීම සඳහා ය.
ප්රජාතන්ත්රවාදී පාර්ශ්වයෙන් සලකා බැලුව හොත් වර්තමානයේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජනතා අරගලයකින් සහ අතිමහත් මහජන අපේක්ෂාවන් මැද බලයට පත් වූ ආණ්ඩුවක්, මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය හමුවේ හැසිරෙන ආකාරය දෙස බලන විට මතුවන්නේ විශාල ප්‍රශ්නාර්ථයකි. ජනතාව මහ පාරේදී පන්න පන්නා එකහෙළා ප්‍රතික්ෂේප කළ ඒ පැරණි අත්තනෝමතික, ගෝත්‍රික "බයි" මානසිකත්වය සහ බල උමතුව යළිත් මේ ආණ්ඩුවටත් ආරූඪ වී තිබේද?
යෝජිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ v වැනි උප වගන්තිය සංශෝධන කළ හොත් චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්රජාතන්ත්රවාදී සංස්කෘතිය සහ ආයතන සියල්ලක් ම සම්පූර්ණයෙන් ම විනාශයට පත්වන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය විවෘත කිරීම අද (23) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අයගේ ප්‍රධානත්වයෙන් වවුනියාව විශ්වෙවිද්යාලයීය උද්‍යාන පාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
කැබිනට් අනුමැතිය ලත් ගෝලීය පරිසර පහසුකම් (GEF) අරමුදල් සහිත වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය වැදගත් ප්‍රතිපත්තිමය සංඥාවක් සනිටුහන් කරයි. නමුත් එය, පාරිසරික හා ආර්ථික පීඩනයන් හමුවේ සිය සාගර සහ වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ ආයතනික සූදානම පිළිබඳව ගැඹුරු ප්‍රශ්න මතු කරයි.
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ද, බදුල්ල සහ නුවරඒළිය දිස්ත්‍රික්කවල ද, ඇතැම් ප්‍රදේශවල සමස ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවත්, එම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බලධාරින්ගේ ඇස් වසා මේ වනවිට නිශ්චිත ප්‍රමිතියෙන් තොර බාල පොහොර වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන බවත් එය වහාම නතර කිරීමට බලධාරින් මැදිහත් විය යුතු බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ප්රකාශ කළේය.
බොලිවුඩයේ රන් ස්වරය.. ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී ආශා බෝස්ලේ අද (12) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
'දිවයින ඉරිදා සංග්‍රහය' පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු මෙන්ම මෙරට ජනාධිපතිවරු දෙදෙනකු ගේ මාධ්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් අභාවප්‍රාප්ත විය.
ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය නළුවෙකු වන නිහාල් ප්‍රනාන්දු මහතා අද (04) දින අභාවප්‍රාප්ත වි ඇත.
ටෙනිසන් පෙරේරා සූරින්ගේ දේහය අප්‍රේල් 26 වන ඉරිදා පෙරවරු 9.00 සිට රාත්‍රි 10 දක්වාත්, අප්‍රේල් 27 වන සඳදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වාත් තලාහේන චන්ද්‍රා පනාගොඩ (රෝයල්) අවමංගල්‍ය උත්සව ශාලාවේ (තලාහේන සුසාන භූමිය ඉදිරිපස)මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.
ප්‍රවීන චිත්‍ර ශිල්පියකු වන බන්දුල හරිශ්චන්ද්‍ර අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත.
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ. කුණාටුව හේතුවෙන් උතුරු යුරෝපීය කලාපයේ නිවාස සිය දහස් සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී පවතී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

