දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්යාංශයේ හිටපු ලේකම්වරුයෙකු වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
2023 වසරේ සිදු කළා යැයි පැවසෙන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාලව ඊයේ (25) රක්ෂිත බන්ධනාගාර ගත කළ සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරු වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවිමට පක්ෂය තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඔහු ගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය අද (4) ප්රතික්ෂේප කළේ ය.
උතුරු පළාත් සෞඛ්ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ චාවකච්චේරිය මුලික රෝහලේ රුපියල් මිලියන 336ක වියදමින් අංග සම්පුර්ණ ඖෂධ ගබඩාවක්, කාර්ය මණ්ඩල නිල නිවාස සංකීර්ණයක් (Drug Store & Staff Quarters) හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්යාපෘතියක් සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් පසුගියදා මුල්ගල තැබී ය.
චිත්රපට ශාලා ඉදිකිරීම පිළිබඳව ඉතා වැදගත් තොරතුරක් ජාතික චිත්රපට සංස්ථා සභාපතිවරයා මුල්කොට - සංස්ථා නිලධාරීන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්යවරයා විසින් සමාජ මාධ්ය ඔස්සේ දැනුවත් කිරීම කරන ලදී.
චීනය විදේශ වෙළඳාම යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ අනුව 2026 මුල් භාගයේ දී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්රිලියන 25.47 දක්වා ළඟා වී ඇති බවත් චීන රේගු පරිපාලනය අද (14) අදාළ දත්ත වාර්තා නිකුත් කරමින් සඳහන් කර ඇත.
නෙම්සිරි ජයතිලක මහතා චින්තන පර්ෂදයේ ලේකම් ලෙස අදහස් දක්වා තිබිණි. සිංහල-බෞද්ධ සාරධර්මවලට අනුව නම්, ජයතිලක මහතා එලෙස කටයුතු කිරීමෙන් වැළකීය යුතු ය. මන්ද ඔහු චින්තන පර්ෂදයේ බහුතරයකින් ප්රතික්ෂේප වූ බැවිනි. ජයතිලක, සමන්ත ඇතුළු සුළු පිරිසක ගේ වුවමනාවට, අප එපා කියද්දී පූජ්ය බෙංගමුවේ නාලක හිමිපාණන් චින්තන පර්ෂදයේ ලේකම් තනතුර සඳහා ඡන්දයක් පැවැත්වූ අතර, ඉන් ජයතිලක මහතා පරාජයට පත්විය.
චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් (23) වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ගේ ආරාධනයකට අනුව, ජනාධිපති ෂී ජින්පිං මෙම රාජ්ය සංචාරයට එක්ව සිටිනවා.
චීන ජනාධිපති ෂී ජින්පිං උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු වී තිබෙනවා. ඒ අද (08) උතුරු කොරියාවේ Pyongyang හිදී.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං චීන Kuomintang පක්ෂ සභාපති Cheng Li-wun හමුවුණා. ඒ, අද (10) පෙරවරුවේ බෙයිජිංහි දී.
චීන ජනාධිපති ෂී ජින්පිං ඉන්දීය අගැමති නරේන්ද්ර මෝදි හමු වෙයි. ඒ ෂී ජින්පිං මහතා නව දිල්ලි නුවර පැවැත්වෙන බ්රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුර ය. නායකයින් දෙපළ මෙහි දී විවෘත සහ අවංක ලෙස අදහස් හුවමාරු කරගත් අතර, චීනය සහ ඉන්දියාව හවුල්කරුවන් වීම පිළිබඳ වැදගත් එකඟතාවකට ද පැමිණ ඇත.
කොළඹ වරාය නගරය (Port City) ආසන්නයේ දී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චීන ජාතිකයන් දෙදෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ඖෂධ මිගාර මහත නියෝග කරයි.
විදේශ දුම්වැටි 9000ක් සන්තකයේ තබා ගත් චීන ජාතිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
කොල්ලුපිටිය ප්රදේශයේදී චීන ජාතිකයකු සන්තකයේ තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගෙන යාමේ දී අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව පහේස්ත්රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
ශ්රී ලංකාවේ සංවර්ධනය සඳහා සමුද්රීය සහයෝගිතාව අත්යවශ්ය බව චීනයේ කොළඹ තානාපති ෂි ෂිංහොයි ප්රකාශ කළේය.
චීන වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරුදු උත්සවයට සමගාමීව කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රම සම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු සහ චීන තානාපති චී ශෙන්හොංග් (Qi Zhenhong) අතර සුහද හමුවක් ඊයේ (15) මුදල් අමාත්යාංශයේ දී පැවැත්විණි.
අප්රිකානු රටවල් කිහිපයක සිය සංචාරය අවසන් කර අද (12) අලුයම ශ්රී ලංකාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්ය Wang Yi අමාත්ය විජිත හේරත් මුණ ගැසුණේ ය.
ආපදාවෙන් පසු ශ්රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) විසින් රුපියල් මිලියනයක මුදලක් ප්රදානය කරනු ලැබ තිබේ.
ශ්රී ලංකාවේ ප්රථම කේබල් කාර් ව්යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වීමට චීනය පදනම් කරගත් Amber Adventures (Private) Limited සමාගම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

