ඊයේ (03) උදෑසන සිදුවූ ක්ෂණික ඇමෙරිකානු ප්‍රහාරයකින් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුම මගින් ප්‍රකාශ කර සිටියේ වෙනිසිවුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට සිය භාරයේ පසුවන බවයි.
අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගත්තේ ගණිකාවකගේ ප්‍රකාශයකට' යැයි දිලුම් අමුණුගම කළ ප්‍රකාශය මගින් වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදු
නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් හෙට (10) සවස 02:00 ට මතුගම CWW කන්නන්ගර පිළිරුව අසල දී සර්වපාක්ෂික විරෝධයක් පැවැත්වෙන බව සර්වජන බලය මහ ලේකම් නීතිඥ රංජන් සෙනවිරත්න පැවසී ය.
මෙවර නිදහස් දිනයේ දී ආයුධ ප්‍රදර්ශනය නොකිරීමෙන් රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් ලබාගත් යුද ජයග්‍රහණය සැහැල්ලු කළා යැයි දුමින්ද දිසානායක පැවසී ය.
නීපා (Nipah) වෛරසය ආසාදිතයින් ගෙන් සියයට 40 සිට 60 දක්වා මරණ ඇති විය හැකි බව ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි. ඇතැම් අවස්ථාවල එම අනුපාතය සියයට 70 දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් වේ. එවැනි රෝගයක් රටකට ඇතුළුවීමේ අවදානම අපි මැන බැලිය යුත්තේ, එය ඇතුළුවීමට ඇති සම්භාවිතාව අනුව නොව, ඇතුළුවුවහොත් ඇතිවන භයානකත්වයේ බර අනුව ය.
ඉන්දනීසියාවේ බතාම් නුවර මේ දිනවල පැවැත්වෙන පැවැත්වෙන 16 වැනි( WBPF) ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ වයස 50-60 මාස්ටර්ස් තරග අංශය සහ කිලෝ 90 වැඩි බර පන්තිය නියෝජනය කල නිමල් වන්නිආරච්චි සියළු තරග කරුවන් අතරින් ලොව හොදම මස්පිඩු ප්‍රදර්ශකයා බවට විය.
ඉන්දියානු සමාගමකට ගිනෙස් වාර්තාවක් ලබාදෙන්නට ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙරට අහිංසක දෙමාපියන්ගෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් කොටුව පොලිස් වසමේ ලෝටස් පාර, මුදල් අමාත්‍යාංශයයට, ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවන දොරටු අවහිර කරමින් මහජන පීඩාවක් කළ බවට වන සිද්ධියේ සැකකරුවන් වන නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (17) කොටුව පොලීසියට නියෝග කළේ ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් බොර දියේ මාළු බෑමට ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන කැසකවන බව රහසක් නොවේ.
අනුරාධපුර ප්‍රදේශයේ මත් කුඩු බෙදා හැර ඇත්තේ පෑලියගොඩ නගර සභාව නියෝජනය කළ ජාතික ජන බලවේගයේ මන්ත්රිවරියගේ සැමියා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පැවසී ය.
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල යළිත් තේරිපත්විය.
පසුගිය රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව කරන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන නිමල් සිරිපාල ද සිල්වාගෙන් පැය දෙකහමාරකට වැඩි කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (17) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ජනාධිපතිවරයා ගේ ප්රමුඛත්වයෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
'නිවැරදි කිරීමේ අයිතිය' ගැන පුද්ගලික මාධ්‍ය මත පදනම්ව සාකච්ඡාවක් සිදුවෙනවා. මේ තියෙන්නේ ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර යාපා මහතා 'නිවැරදි කිරීමක්' ලැබුණු විට එයට සමාජ මාධ්‍ය මගින් දක්වන ප්රතිචාරයයි.
පසුගිය දිනයක රජයේ ප්‍රධාන ප්රවෘත්ති නාලිකාවක විමර්ශන වැඩසටහනක් මගින් ගල්ගමුව අවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශිය ලේකම්වරයා සතු රජයේ ඉඩම්වල නීති විරෝධිව බොරළු කැණීම් සිදු කරන බවට තොරතුරු හෙළි කළ බවත්, ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නව ජනතා පෙරමුණ මහරගම ආසන සංවිධායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් ඉල්ලා සිටියේ ය.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ මායිමේ හෝටලයක් සඳහා අත්තිවාරම් දැමීමට පර්යන්ත වනාන්තරයේ අක්කරයකට ආසන්න ප්‍රමාණයක් හොර රහසේ එළි පෙහෙළි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ පරිසර කණ්ඩායම් අනතුරු අඟවා සිටිති.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ සිද්ධියක් මුල්කරගෙන පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි ජනවාරි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.
මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ආචාර්ය මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.
නීතිඥවරයෙක් සහ ඔහු ගේ බිරිඳව ඝාතනය කිරීම පාතල කල්ලි දෙකක සිදුවීමකට ලඝු කර, සිද්ධිය අමතක කර දැමීමට ආණ්ඩුවට පුළුවන්කමක් නැතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ පැවසී ය.
නීතිපති පාරින්ද රණසිංහ වෙත අසත්‍ය චෝදනා, අවලාද සහ අපහාස සිදු කරමින් ඔහු ධුරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණක් යැයි Free Lawyers සංවිධානය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

