සිය දියණිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාව නවත්වන ලෙසට කළ අවවාද නොතැකූ තරුණයකු සිය පවුලේ සාමාජිකයන් සමග එක්ව පහරදී කපා කොටා ඝාතනය කළ පියකු ඇතුළු දස දෙනකුට ඇඹිලිපිටිය පූර්වගාමී මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල ඊයේ (24දා) මරණීය දණ්ඩනය නියම කළේය.
අවුරුදු දහයකට සැරයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට දියවඩන නිලමේ පත් වන්නේ 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පණත අනුව ය.
ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව සර්ව ජන බල පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේදී පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණයක දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වීමට සිහින දකින අය අතුරෙන් විශාල ලෙස කැපී පෙනෙන පුද්ගලයෙක් වන්නේ සර්වජන පක්ෂ නායක දිලිත් ජයවීර ය.
රටේ ගොවි ජනතාව මුහුණ දෙන වී මිල ගැටලුව ඇතුළු කෘෂිකාර්මික අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් සමග විශේෂ හමුවක් මැදිරිගිරිය නව නගරයේ දී පැවැත්විණි.
මේ වනවිට රට තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාව සඳහා සහන සැලසීමේ සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය මේ වනවිට ක්‍රියාත්මකය.
ටිල්වින් සිල්වා දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු නැගෙනහිර ප්‍රදේශ පාලනය කිරීම සඳහා මේ දෙදෙනා ම අනුගමනය කරන්නේ එක ම පිළිවෙත බවත්, මේ දෙදෙනා ගේ ම හදවතෙහි 'සිංහල සාරය' යම් ප්‍රමාණයකට සදාකාලිකව ම තැන්පත් වී ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
දිනපතා මහ මග දී මුණ ගැසෙන, අපි සැවොම ජීවත් වන නගරය දිනපතා ම පිරිසිදු කරන මිනිසුන් වෙනුවෙන් කිසියම් පරිත්‍යාගයක් කළ යුතු යැයි තමන් අදහස් කළ බවත්, අද මේ ත්‍යාග ලබා දෙන්නේ ඒ වෙනුවෙන් බවත් සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් සහ තරුණයින් සවිබල ගැන්වීම සඳහා කැප වූ නව ස්වාධීන අරමුදලක් වන "සර්වජන භාරය" පසුගිය සතියේ කොළඹදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මිලියන 16.6ක් වියදම් කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට ගිය සිද්ධිය සම්බන්ධයෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර අතර ගැටීමක් හටගෙන ඇතැයි අජිත් ධර්මපාල පැවසී ය.
දිවයිනෙහි පිහිටි කිසිදු රෝහලක මේ වන විට වැඩ වර්ජනයක් ක්රීයාත්මක නොවන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
රේගුවේ රඳවා ගත්, දෙමළ ලේඛක දීපචෙල්වන් ගේ කෘති නිදහස් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පැවැත්වූ සාකච්ඡාවකට දීපචෙල්වන් සමග ඔහුට සහයෝගයක් වශයෙන් අපි සහභාගි වුණෙමු.
මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රාදේශීය සභා පුස්තකාල පාඨක වටයේ සංවිධානයෙන් “නඩුගල්” (ස්මාරක ශීලාවත්) නවකතාව සහ “රෑ මත අසුන් ගත් රතු කුරුල්ලා” (රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලෙස) කවි සංග්‍රහය පිළිබඳ සාහිත්‍ය වැඩසටහනක් එළඹෙන 30වන දා (හෙට) හක්මන ප්‍රාදේශීය සභා පුස්තකාල මහ ශාලාවේදී පැවැත්වේ.
ඔවුන් පුන පුනා කියන්නේ අනෙකුත් සියලු ආගම් මේ වන විට අසාර්ථක වී ඇති බැවින් නුවණැති සියල්ලෝ ඔවුන් දෙදෙනා අනුගමනය කළ යුතු බව ය.
ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන පත්ව සිටින්නී ය.
ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික අභියෝගවලට මුහුණ දෙන පසුබිමක දුප්පත්කම සහ ආදායම් අසමතුලිතභාවය ජන ජීවිතයට තවදුරටත් බලපෑම් කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
දුම්කොළ සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්රචාරක ක්‍රම දියත් වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක දුම්රිය මැදිරිවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කරන ලෙසට දුම්රිය ප්‍රධානීන්ට මීට මසකට පමණ පෙරදී නියෝග කළත් තවමත් එම අඩුපාඩු එලෙසම පවතින බව මගීහු චෝදනා කරති.
රක්ෂිත බණ්ධනාගාරව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අද (22) ත්රිකුණාමයේ බණ්ධණාගාරය වෙත ගියේ ය.
දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසැල් රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි වැටලීමක් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

