ඝාතනයට පත් ඊශ්‍රායල හමුදා භටයකුගේ යයි පැවසෙන සිරුරක් අද ( 09) රතු කුරුස හමුදාව හරහා ඊශ්‍රායල හමුදා වෙත භාර දීමට පියවර ගැනිණි.
මඩකලපුවේ මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබී තිබූ අතර ඊට අදාලව ගොනු කරන ලද නඩුව ගරු මහාධිකරණ විනිසුරු ටී. ජේ. ප්රභාකරන් ඉදිරියේ ඊයේ (17) කැඳවන ලදී.
රාජ්‍ය බිඳ වැටීම ආරම්භ වීම නිශ්චිත දිනක සිදු නොවූව ද මේ වන විටත් රාජ්‍ය බිඳ වැටී ඇති බවත්, රාජ්‍ය නැවත බිහි කිරීම ඊළඟ දේශපාලන ප්රවාහයක වගකීම වන අතර රාජ්‍ය ගොඩ ගත යුතු යැයි ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
මේ වන විට රටෙන් බාගයක් ජනතාව කුසගින්නේ සිටින බවට වාර්තා පළ වී තිබිය දී ම 75%ක් ජනතාව ජනාධිපතිට කැමති යැයි වාර්තා වන්නේ කෙසේ දැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විමසී ය.
දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ලෝකේ බොහෝ රටවල් මීට පෙර මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් සූදානම් වූ බවත්, ප්‍රමාද වී හෝ ඒ සම්බන්ධයෙන් සූදානම් වීම පිළිබඳව සතුටු වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
ජාතික විගණන කාර්යාලයේ (NAO) 2026 සඳහා වන විගණන සැලැස්ම එහි පරිමාව (මෑත වසරවල ඉහළම අගය වන විගණන 3,508 ක්) නිසා පමණක් නොව, පුළුල් ආර්ථිකය, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ ශ්‍රී ලංකාවේ යහපාලනයේ අනාගතය කෙරෙහි ඇති කරන බලපෑම හේතුවෙන් ද අවධානයට ලක්ව තිබේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩා විඳී ලක්ෂ 23 ක ජනතාවගෙන් හරි අඩක් දැඩි අවදානමට ලක් වූ පවුල්වලට අයත් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවන හානි අවම කිරීම සඳහා පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු වූ කීර්ති බණ්ඩාර කිරිදෙන ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ඔක්තෝබර් 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
සති ගණනාවක් පුරා පැවති අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස බැට කෑ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට හදිසි සහනයක් ලබා දීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) කඩිනම් සහන සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙය ආර්ථිකයට තීරණාත්මක කාල පරිච්ඡේදයක් තුළ මෙහෙයුම් ස්ථාවර කිරීමට, සැපයුම් දාමයන් යථා තත්ත්වයට පත් කිරීමට සහ අපනයන ආදායම සුරක්ෂිත කිරීමට අරමුණු කරයි.
නොවැම්බර් අගදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව, ගොඩනැගිලි සහ එහි අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය සහ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක සෘජු භෞතික හානියක් සිදු කර ඇතැයි ලෝක බැංකු සමූහය සඳහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාසවල පදිංචිකරුවන් වෙත වන්දි ගෙවීමේ සහ නව නිවාස ලබා දීමේ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් අද (22) ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණ.
දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරින් ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් බොහෝ පිරිසක් උදවු උපකාර කළ අතර ම මේ වන විට ඊට මැදිහත් වන ඇතැම් අය ගේ ''කල්ල මරේ'' බව දැක ගත හැකි යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
2026 මැයි මස 18 වැනිදා, කොළඹ: ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (National Disaster Relief Services Centre NDRSC), නෝර්වේ රාජ්‍යයේ මූල්‍ය ආධාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) සහ එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහයෝගය ඇති නිර්මාණය කළ, නවතම ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතිය සහ ප්‍රජා විමසීම් යාන්ත්‍රණය අද නිල වශයෙන් ආරම්භ කළේ ය.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාදිපති අනුර කුමාර දිසිනායක හමු වූහ.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් කර්මාන්ත කරුවන් සහ ව්‍යවසායකයින්ට රජයෙන් සහන ලබා ගැනීමට ලියාපදිංචි වීමට ලබා දී තිබූ කාලය මාසයකින් දීර්ඝ කරන ලෙස විපතට පත්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායක සංගම් රාශියක සාමාජිකයෝ රජයෙන් ඉල්ලීමක් කරයි.
දිවයිනට බල පෑ හදිසි ආපදා තත්ත්වයෙන් මාර්ග හා පාලම් විනාශ වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 75 ක පමණ අලාභයක් සිදුව ඇති බවට දැනට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු පැවසුහ.
අනුරාධපුර රාජාංගනය දිත්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවෙස් හිමියන් 17කට ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් ලබාදුන් චෙක්පත් අතුරින් අඩකට වැඩි ප්‍රමාණයක් අඟුරු වී ඇතැයි මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක තත්වය මත යොමුකෙරෙන විවෘත ප්‍රශ්නාවලියක් දිනන දකුණ සංවිධානය විසින් මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම වෙත ඉදිරිපත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

