කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අය කිරීම අත්හිටුවීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සනිටුහන් කරමින්, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්රී ලංකා රේගුව එක්ව හඳුන්වා දෙන “කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය” දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (01) ශ්රී ලංකා රේගු ශ්රවණාගාරයේදී පැවැත්වේ.
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතයට සහ පස් කන්දට යටවීමේ මේ වන විට පස් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
ඇත්තෙන්ම කරුණු තුනක් මුලින් ම කියන්න ඕනෙ. එකක් තමයි අධ්යාපනය සම්බන්ධව සාධාරණය මෑත කාලයේ කිසිම ආණ්ඩුවක් මේ දක්වා කරල නෑ.
රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්රන් සංචිතයෙන් දේව රුව සහිත රත්රන් හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල ර්ණරීබිල්ඩින්ග් ශ්රී ලංකා” අරමුදලට පරිත්යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර ඇත.
පාර්ලිමේන්දු මහලේකම්වරියට කථානායකවරයා නියෝග කර ඇත්තේ "මම රහසේ සඟවාගෙන ඉන්න තොරතුරු කවුද යකෝ මාධ්යවලට දුන්නේ කියලා හොයා බලපල්ලා" යන්න යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.
අල්ලස් පැමිණිල්ලෙන් බේරීමට අගමැති හරිනි අමරසූරිය මහත්මිය ලවා ‘කූට’ කැබිනට් පත්රයක් අනුමත කරවා ගැනීමට දරන ලද තක්කඩි උත්සාහය ද පරාජය වෙද්දී කතානායක ජගත් වික්රමරත්න කොටු කරමින් විමර්ශන අතිශය තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.
කතානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම අද (08) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
කථානායක ජගත් වික්රමරත්නට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉල්ලීමක් කර ඇති බව විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්නට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
කථානායක ජගත් වික්රමරත්නට එරෙහිව සමගි ජන බලවේගය මගින් සූදානම් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ කථානායක වෛද්ය ජගත් වික්රමරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව, කථානායකවරයා ගේ පෞද්ගලික ලේකම් සාක්ෂි වසන් කරන බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මන්ත්රීවරු අද (11) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය..
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් අද පරාජයට පත්විය.
මධ්යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්රිත ගම්මානවල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට අද සිට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්රවාහන අමාත්ය සහ සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය.
කඳුකර ප්රදේශවල ජීවත්වන පහළොස් දහසකට එම ප්රදේශවල ජීවත්වීම අවදානම් සහගත බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිල වශයෙන් දැනුම්දී ඇත.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන විමර්ශනවල ඇතැම් කරුණු පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විවෘත අධිකරණයේ දී ප්රකාශ කර ඇතැයි වාර්තා වේ.
ශ්රී ලන්කන් ගුවන් සමාගම එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන මියගිය ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන ගේ ඇපල් ජංගම දුරකතනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මගින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේ ය.
අබිරහස් ලෙස මියගිය ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක කපිල චන්ද්රසේන ගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන ඇතුළත් ප්රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (22) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේ ය.
ශ්රී ලන්කන් ගුවන් සමාගම එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ ප්රධාන සැකකරුවා වන අබිරහස් ලෙස මියගිය ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනගේ ඇපල් ජංගම දුරකථන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා යවන ලෙසට අද (14) නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

