2012 වසරේදී ග්රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්ව ම ග්රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්රී ලංකා රජයට රුපියල් 1,843.267,595.65 අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුව අද විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය ගේ සභාපතිත්වය එක් යුත් ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (01) කැඳවිය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්ර භාරදීම සිදුකළා.
පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ රූපලාවණ්ය ආලේපන, උපරිම සිල්ලර මිල සඳහන් නොකළ සුවඳ විලවුන් සහ ආනයනකරු/බෙදාහරින්නා පිළිබඳ අවශ්ය තොරතුරු රහිත ශරීර ආලේපන අලෙවි කිරීම සදහා ප්රදර්ශනය සම්බන්ධයෙන් කොළඹ 08, බොරැල්ල, බේස්ලයින් පාරේ පිහිටි The Fashion Store International (Pvt) Ltd ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (අංක 05) හමුවේ චෝදනා 03ක් යටතේ නඩු පවරන ලදී.
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් SPAR SL (PRIVATE) LIMITED සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේ දී, විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ අංක 05 මහේස්ත්රාත් අධිකරණය විසින් රු. 200,000/-ක දඩ මුදලක් නියම කර ඇත.
පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ පාන වර්ග විකිණීම සඳහා ප්රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් රිචඩ් පීරිස් ඩිස්ට්රිබියුටර්ස් සමාගමට අයත් Arpico Super වෙළෙඳසැල් දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෝමාගම මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.
කල් ඉකුත් වූ ළදරු කිරිපිටි විකිණීම සහ ප්රදර්ශනය කිරිමේ වරදට අධිකරණයේ දී වරද පිළිගත් පෞද්ගලික ඔසුහලක හිමිකරුවකුට කොළඹ අතිරේක මහේස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න ලක්ෂයක දඩයක් දඩ මුදලක් නියම කළා ය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට (12) දිනයේ සිට පැවැත්වීමට නියමිතව තිබේ.
කල්පිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්ය නිලධාරීන් ආපදා සහනාධාර බෙදීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.
ගායක ගායිකාවන්ගේ බුද්ධිමය දේපළ සහ කොපිරයිට් අයිතිය ගැන මේ ටිකේ සංවාදයක් යනවා. ජගත් වික්රමසිංහ මහතා ඇතුළු පිරිස මාධ්ය හමුවක් තියෙද්දී ඒකට උත්තර විදිහට කීර්ති පැස්කුවල් මහතා ඇක්පෝ එස්එල් වැඩමුළුවේ දී දැක්වූ අදහස් නිසා මේ කතාබහ තවත් දුරදිග ගිහින් තියෙනවා.
පසුගිය සති කිහිපය තුළ දකුණු සහ අග්නිදිග ආසියාවට බලපෑ දේශගුණික ව්යසන රැල්ලෙන් දරුණුතම ණය ප්රතිවිපාකවලට (credit consequences) මුහුණ දීමට සිදුව ඇත්තේ ශ්රී ලංකාවට බව මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් (Moody’s Investors Service) විසින් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
කලා ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී “ඩාඩාවාදය” යනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ දී ස්විස්ටර්ලන්තයේ “සුරිවා”හි දී ආරම්භ වූ කලා විරෝධී ව්යාපාරයක් පිළිබඳ අපිට අසන්නට/ දකින්නට ලැබේ. මෙය එවකට පැවති කලාවට එරෙහි වූ, අභියෝග කළ කලා විරෝධී ව්යාපාරයක් ලෙස හැඳින්වේ.
හැඳින්වීම: ආයතනයේ මතවාදී දිළිඳුකම
සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ (UVPA) මූලික කලා ආයතනය වන හේවුඩ් කෞතුකාගාරය (Heywood Museum) වර්තමානයේ මුහුණ දී සිටින බරපතළ ම අර්බුදය, භෞතික ඉඩකඩ පිළිබඳ ගැටලුවක් හෝ ද්රව්යමය හිඟකමක් නොවේ. එය මූලික වශයෙන් ම සමකාලීන කෞතුකාගාර ප්රායෝගිකත්ව (Contemporary Museological Practices) පිළිබඳ පවතින මතවාදී සහ ඥානවිභාගාත්මක දිළිඳුකමකි.
ලොව ඉහළ ධනවතුන් පාරිභෝජනයට ගන්නා රුපියල් දසදහසකට අධික මිලක් වන පෝෂ්යදායි කලු සහල් (Black Rice) මෙරට ගොවි ජනතාවට හඳුන්වා දීම කළ යුතු බව පරිසර හිතකාමි පොහොර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ආචාර්ය චමින්ද හෙට්ටිකංකානම්ගේ කියයි.
මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘන්වහන්සේගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්රිය, මනුෂ්යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි රට තුළ ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
කවිවර ප්රකාශන ආයතනයට දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ සැමරුම් උත්සවය පසුගියදා (10) මහවැලි කේන්ද්රයේදී පැවැත්විණි.
පසුගියදා කසකස්තානයේ පැවති WC50 AKTAU KPMG KPMG OPEN Wheelchair para tennis තරගාවලියේ විවෘත අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට සුරේෂ් ධර්මසේන සමත් විය. අවසන් තරගය සදහා මැලේසියානු ක්රීඩක Mohomad Yusoff ක්රීඩකයා සමග තියුණු තරගයකින් පසුව පලමු වටය 6 - 3 සහ දෙවැනි වටය 6 - 4 ලෙස සුරේෂ් ධර්මසේන අනුශුරතාවය දිනා ගනී.
ත්රිකුණාමලය ප්රදේශයේ ඇති වූ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 05 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කසාගල සමූහ ව්යාපාරය සහ චීන සමාගමක් වන Anluod (shenzhen) Internationa Trading Company Ltd සමග එකට එක්ව ආනයන අපනයන වෙළෙඳාමට අත තබයි.
"සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ" කියලා පල්ලේගම හේමරතන හාමුදුරුවෝ 'අතීතය සිහිනයක් පමණය' කියන සිංදුවේ ලියලා තියෙනවා. ඇත්තටම සොබා දහමට අවනත නොවන කවුරුත් නෑ වගේම තමයි නීතියට ඉහළිනුත් කවුරුත් ඉන්න බෑ. නීතිය හැමෝට ම සර්ව සාධාරණ වෙන්න ඔ්නා. හැබැයි අද අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයේ දී ළමා ආරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු දැක්වුවේ අටමස්ථානාධිපති පල්ගේගම හේමරතන හිමියන් ළමා අපයෝජනයක් ගැන අත්අඩංගුවට ගන්න සාක්කි තියෙද්දිත් පොලිසිය නීතිය ක්රියාත්මක කිරීම පමා කරනවා කියලයි.
කවියෙක්, නවකතාකරුවෙක්, සාහිත්ය විචාරකයෙක් මෙන්ම මාධ්යවේදියෙක් ලෙස දීර්ඝ කාලයක් සාහිත්ය සහ මාධ්ය ක්ෂේත්රයේ නිරතව සිටින ජයසිරි අලවත්ත ගේ නවතම ප්රබන්ධ කෘතිය “මුවන්පැලැස්සේ හිඟන කොල්ලා” පසුගියදා සහෘද පාඨකයා අතට පත්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

