කළු ජූලිය තුළින් අගතියට පත්වූ මෙරට දමිළ ප්රජාව ඇතුළු සියළු දෙනාට සිය කණගාටුව ප්රකාශ කරන අතර තමන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
ලාංකීය දේශපාලන ක්ෂේත්රය තුළ රාජ්ය තාන්ත්රිකයින් සිටියේ ඉතා අතළොස්සක් බවත්, ඒ අතුරින් මෑත ඉතිහාසයේ බිහි වූ රාජ්ය තාන්ත්රකයකු ලෙස මංගල සමරවීර හැඳිනිවිය හැකි බවත් තාරක නානායක්කාර පැවසී ය.
කළු සල්ලි සුදු කිරිම වැළැක්වීම බැංකුවලට පමණක් සීමා වූවක් නොවන බවත්, මූල්ය නොවන නියමිත ව්යාපාර සහ වෘත්ති (DNFBPs) මෙන්ම නීතිඥවරුන්, නොතාරිස්වරුන් සහ ස්වාධීන නීති වෘත්තිකයින් වෙත ද එහි වගකීමක් පැවරී ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ප්රකාශ කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්රී ( හිටපු) ලලිත් එල්ලාවල මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ නිර්මල බව රැකගත් පුද්ගලයින් අතර ඉහළින්ම ඉන්න පුද්ගලයෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්රී (හිටපු) ලලිත් එල්ලාවල සර්වජන බලය හා එක්වීම පිළිබඳව අදහස් දක්වමින් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්රී ව්යවසායක දිලිත් ජයවීර පැවසී ය.
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ නවීකරණය කළ ඒකක හා වැඩිදියුණු කළ යටිතල පහසුකම් රැසක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ රෝගී සත්කාර සේවාව සඳහා නිල වශයෙන් එක් කෙරිණි.
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 134කට අධික පිරිවැයකින් නවීකරණය කරන ලද ඒකක සහ යටිතල පහසුකම් රැසක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (16) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
බාල ගල් අඟුර් පිළිබඳව තමා ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ප්රශ්න කරන විට ඒවාට උත්තර දීමට නොහැකි වූ බවත්, රටට ශක්තිය දෙනවා කියූ, ක්රමයේ වෙනසක් ඇති කරනවා කියු රජය කටයුතු කර ඇත්තේ මේ ආකාරයෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
ශ්රී ලංකා ක්රීඩා මාධ්යක්ෂේත්රය තුළ අතිශය වැදගත් නඩු විභාගයක් පසුගිය දා කොළඹ දිසා අධිකරණයේ දී නිෂ්ප්රභා කෙරිණි. ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් විසින් ලේක්හවුස් ආයතනයට, සිළුමිණ පුවත්පතට සහ ජ්යෙෂ්ඨ ක්රීඩා මාධ්යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව එම නඩුව පවරනු ලැබුවේ 2023 වසරේ ජූනි මාසයේ දී ය. එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කළේDharman Wickremaretne වන මා ය.
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද(16) නියෝග කළේය.
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය භාරයට ගෙන තිබෙන සිය පරිගණක, ජංගම දුරකථන ඇතුලු ඉලෙක්ට්රෝනික උපාංග මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩිල්ෂාන් එල්මෝ ඇලෝසියස් ද සිල්වා නමැත්තකු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සම්බන්ධයෙන් හෙට (03) කරුණු දක්වන ලෙස දන්වා කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරනු ලැබීය.
ආන්දෝලනාත්මක 'ක්රිෂ්' ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට අනුව 'ක්රිෂ් ට්රාන්ස් හෝල්ඩින්ග්ස්' සමාගමේ අධ්යක්ෂවරුන් වන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්රතික්ෂේප කර තිබේ.
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (6) නියෝග කළා.
ක්රිෂ් ගනුදෙනුවට අදාළව භාවිත කර ඇති මුදල් මුදල් විශුද්ධිකරණයෙන් උපයා ගත් මුදල් බවට ඉන්දීය රජය දැනුම් දී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (29) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
කොළඹ කොටුව ට්රාන්ස්වර්ක් චතුරශ්රය බදු දීමේ ක්රිෂ් ගනුදෙනුවේදී සිදු වූවා යැයි කියන මහා පරිමාණ මූල්ය වංචාව සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන විමර්ශන සඳහා ඕනෑම අවස්ථාවක සහාය ලබාදීමට සූදානම් බව අදාළ මුදල් හුවමාරු කළ බැංකු ගිණුමක හිමිකාර ව්යාපාරිකයෙකු අද (15) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ ප්රකාශ කළේය.
ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරියෙකු වන වජිර ගුණවර්ධන ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පසුගියදා වැඩභාර ගත්තේ ය.
කොල්ලුපිටිය ක්රෙස්කැට් නිවාස සංකීර්ණයේ නිවසක නේවාසිකව සිටිය දී පසුගිය වසරේ දෙසැම්බර් මස 03වන දා එහි මහලකින් ඇඳ වැටී මියගිය විදේශ ජාතික ක්ලබ් චෙලාගෝ ඇලෙක්සැන්ඩර් යන අය මරණයට පත්වී ඇත්තේ අපරාධයක් හේතුවෙන් ද යන්න විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළේ ය.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී වත්මන් රජය අප රටේ ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන් වෙනුවෙන් සහන පොලී වැඩසටහනක් පිළිබඳව විපක්ෂය දැනුවත් කළ බවත් එය බැලු බැල්මට හොඳ වැඩසටහනක් වුව ද මේ වන විට අප රටේ ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන් අසාදු ලේඛන ගත වී ඇති බැවින් මේ අය වෙනුවෙන් ලබා දෙන ණය සහනය විපතට පත් ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන්ගෙන් 50%කට ලබා ගත නොහැකි යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසීය.
බැංකු කාඩ්පත් (Credit/Debit Cards) හෝ මාර්ගගත (Online) ක්රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමේ දී ඇතැම් වෙළඳ ආයතන 2.5%ක හෝ 3%ක අමතර ගාස්තුවක් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී යැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ඔස්ට්රේලියානු හිටපු ක්රිකට් ක්රීඩක ජේමි සිඩ්න්ස් පත්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

