#lk#srilanka#newstube

  • තුම්මුල්ලේ හෝම්ලෑන්ඩ් පෙන්ටාරා හුටපටය දුරදිග යයි ! - හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කරලා !!

    කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නම්කර ඇති අතර එය හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ.

  • තුර්කි තානාපති සහ දිලිත් ජයවීර අතර හමුවක්

    ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් මහතා ගේ ආරාධනයෙන්, සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී , ව්‍යවසායක දිලිත් ජයවීර තුර්කි තානාපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.

  • තුෂ් වික්‍රමනායක පා.ම. ලක්මාලි හේමචන්ද්‍රට ඍජුව ම ලියයි

    වයස 11ක දැරියකට සාපරාධී ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු වී සිටින පල්ලේගම හේමරතන නමැති චිවරධාරියාට එරෙහිව සිදුකරන විමර්ශනවලට බලපැම් නොකරන්නැයි ඉල්ලමින් ළමා හිංසනයට තිත පදනමේ (Stop Child Cruelty)] සභාපතිවරිය මෙන්ම විධායක අධ්‍යක්ෂවරිය ද වන වෛද්‍ය තුෂ් (තුෂාර) වික්‍රමනායක ජාතික ජනබල වේගය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරියක වන ලක්මාලි හේමචන්ද්‍ර වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

  • තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන CCDයට

    ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබේ.

    වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය.

    තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

     මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව ගේ නීතීඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිට ඇති අතර වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුවට පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්ය. එම වාහනය පදවා ඇත්තේ තුසිත හල්ලොලුවගේ හිතවතෙකි.

    පහරකෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුව ගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

    ⁣තුසිත හල්ඔලුව පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් කතාබහට ලක් වූ අතර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පසුගිය 15 දා ප්‍රශ්න කිරීමකටද ලක් විය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමුව ඇති අතර ඔවුන් අද පස්වරුවේ රැස්වී මේ පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.

    මුලාශ්‍රය - aruna.lk

  • තෙල් ගනු­දෙ­නු­වක් නිසා වරා­ය අධිකාරියට රු. කෝටි 970ක පාඩු­වක්

    මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ආණ්ඩුව පැවැති කාලයේ මාග­ම්පුර වරායේ සිදු කළ තෙල් ගනු­දෙ­නු­වක් හේතු­වෙන් රු. කෝටි 970ක (බිලි­යන 9.7ක) දැවැන්ත ණය මුද­ලක් ගෙවී­මට රජ­යට සිදුව තිබේ.

  • තෙල් මිල පහළට...?

    එක්සත් ජනපද - ඉරාන අතුරු සාම ගිවිසුම අත්සන් තැබීමත් සමග ලෝක වෙළඳපොළ බොරතෙල් බැරලයක මිල අද (18), ඇමෙරිකානු ඩොලර් 2කින් පහළ වැටු‌ණේ ය. ගැටුම් අවසන් කරමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර, ඉරානයට එරෙහි එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීමේ අරමුණින් එම ගිවිසුම ක්‍රියාත්මක ය.

  • තෙවන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' නිර්මාණ භාර ගැනීම අරඹයි

    තෙවන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' සඳහා 2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ, පිළිගත් ප්‍රකාශන ආයතන සහ කර්තෘ ප්‍රකාශන ලෙස මුද්‍රණයෙන් නිකුත් වූ: නවකතා, කෙටිකතා, කාව්‍ය, සිංහල බසට කෙරුණු පරිවර්තන, ඉංග්‍රීසි බසට කෙරුණු පරිවර්තන, දෙමළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා සහ කාව්‍ය කෘති යනාදි නිර්මාණ භාර ගැනීම අරඹා ඇත.

  • තොරතුරු දැන ගැනීමේ පනතට සංශෝධන එපා - සාධාරණ සමාජයක් කියයි

    තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

  • දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීමකට මුල පුරයි

    රජයේ සංචාරක කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙලට අත්වැලක් වෙමින් දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව පිබිදීමට මුල පුරයි.

  • දකුණු කොරියාවේ මගී නැව් අනතුරක්; කපිතාන් ජංගම දුරකතනයේ ප්‍රවෘත්ති බලලා

    දකුණු කොරියාවේ ඊයේ (19) සිදු වූ මගී නෞකා අනතුරක් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹේ.

  • දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ෂාන් විජයලාල් ගේ පුද්ගලික ලේකම්වරයෙකු අත් අඩංගුවට

    දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වර්ෂයේ රුපියල් මිලියන 16.5 ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින්

  • දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයකු වූ රන්නුළු චන්ද්‍රසිරි ද සොයිසා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග (24) කළා.

  • දඩ ගසා බාල ගල්අඟුරු බාරගන්න ආණ්ඩුවට අයිතියක් නැහැ - පුබුදු ජයගොඩ

    මෙරටට ගල්අඟුරු සපයන ආයතනයක් බාල ගල්අඟුරු ඒවා ඇති නම් ආණ්ඩුව කළ යුත්තේ දඩයක් ගසා බාල ගල් අඟුරු භාර ගැනීම නොව, එය ප්‍රතික්ෂේප කිරීම යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සිදුකරයි

    ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා පැවැත් වුණි.

  • දඹුල්ලේ ශීත ගබඩාව අක්‍රීය යි; ගොවීන්ගේ අල, ලූනු කසළ ගොඩට

    දඹුල්ල ප්‍රදේශයේ එළවළු පලතුරු සහ ලුණු අස්වනු අස්වනු බහුල කාලයේ දී ගොවීන්ගෙන් ඒවා සාධාරණ මිලකට මිලදී ගෙන ශීත ගබඩාවේ තැන්පත් කර අස්වනු හිඟවන කාලයට ඒවා සාධාරණ මිලකට පාරිභෝගිකයාට සැපයීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන පන්සීයකට වැඩි මුල්‍ය අනුග්‍රහයක් ලබාගෙන ඉදිකරන ලද ශීත ගබඩාව අපරිභෝගව තිබීමෙන් ප්‍රදේශවාසී ගොවි ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

  • දයාසිරි ජයසේකරට එරෙහිව ශ්‍රීලනිපයේ විධායක සභිකයකු ගෙන් පැමිණිල්ලක්

    ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් ලෙස දයාසිරි ජයසේකර පිළිබඳව පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන එච්. එම්. පී. හේරත් විසින් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභපති නිමල් සිරිපාල ද සිල්වා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

  • දර්ශන හඳුන්ගොඩට අයත් භාණ්ඩ මුදා හරින්නැයි අධිකරණය නියෝග කරයි

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ, මියගිය දර්ශන හඳුන්ගොඩ යන අයට අයත් අධිකරණය බාරයේ තිබූ නඩු භාණ්ඩ වන ඔහුට අයත් පරිගණක ය සහ ජංගම දුරකතන ඔහුගේ බිරිඳ වෙත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර ඇත.

  • දරුවන්ට කුඩු බෙදුවේ මාලිමා විදුහල්පතිලා - නාමල් කියයි

    මෙරටින් මත්ද්‍රව්‍ය වසංගතය තුරන් කිරීමට පක්ෂ පාට භේදයෙන් තොරව කටයුතු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

  • දවස් 10කින් පමණ ගල් අඟුරු නැවක් ඇවිත් නෑ - පුබුදු ජයගොඩ

    මෙම වසරේ විදුලි ජනනය සඳහා ගල් අඟුරු නැව් 25ක් සැපයීමට ටෙන්ඩරය ලබාගත් ඉන්දියානු සමාගම මේ දක්වා ලංකාවට රැගෙනවිත් ඇත්තේ නැව් 13ක් පමණක් බවත්, අවසන් දින 10ක පමණ කාලය තුළ එක නැවක්වත් පැමිණ නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

  • දවසේ වෙඩිල්ල නැවැත්තුවා කියලා කිවුවා; දැන් ජනාධිපති ගෙ ගෙදර ළඟත් ඝාතන සිදුවෙනවා - නාමල් රාජපක්ෂ

    ජනාධිපතිවරයා ගේ ඉදිරිපිටට ම පැමිණ නීතිඥවරයෙක් සහ ඔහු ගේ බිරිඳ ඝාතනය කර යා හැකි නම් එතනින් එහාට මේ රටේ පුරවැසියා ගේ ආරක්ෂාව පිළිබඳව තව කුමන කතා දැයි නාමල් රාජපක්ෂ පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න