දුප්පතුන් තව දුරටත් දුප්පතුන් විය නොහැකි බවත්, පොහොසත් අය තව දුරටත් පොහොසත් වූවාට ගැටලුවක් නැතැයි යනුවෙන් ජනාධිපතිවරයා උදාන වාක්‍යයක් පැවසුව ද පොහොසතුන් තවදුරටත් පොහොසතුන් වූවා මිසි දුප්පතුන් පොහොසතුන් වන ලකුණක් පෙනෙන තෙක් මානයක නැතැයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරු සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ශ්‍රී ලංකාවේ පෝට් සිටි කොළඹ (Port City Colombo) ව්‍යාපෘතිය මේ වන විට විදේශ ආයෝජනවල සීඝ්‍ර වර්ධනයක් අත්විඳිමින් සිටී.
පෞද්ගලික බැංකුවක කාඩ්පත් හා ගිණුම් සකස් කර දීම වෙනුවට අමතර ආදායමක් ලබා දෙන පවසා එම බැංකුවේ පොදු ලෙජර් ගිණුමේ තිබු මිලියන 290ක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්විය.
ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සහ නිවැදි දත්ත ලබා ගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (UNOPS) නියෝජිතයින් සමග සාකච්ඡාවක් දෙසැම්බර් 8 වනදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ සටනේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස සැළකෙන තාරික් රහ්මන් (Tarique Rahman) වසර 17කට පසු අද (25) යළි බංග්ලාදේශය වෙත පැමිණියේය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රාථමික වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
බංග්ලාදේශය තුළ යළිත් වරක් ඔඩුදුවමින් තිබෙන ප්රචණ්ඩත්වය අතරතුර එරට ලක්ෂ්මිපූර් ප්‍රදේශයේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක බෙලාල් හුසේන්ගේ නිවසට පිරිසක් ගිනිතබා තිබේ.
බඩු මිල වැඩි වීම නිසා රටේ ජනතාව අන්ත අසරණ වී ඇති තත්ත්වයක් මතුව ඇති මොහොතක තමන් පත් කර ගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ බඩු මිල ගැටලුවට විසඳුමක් දෙයි කියා ජනතාව අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන සුළු අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරමින් සහ අත්‍යවශ්‍ය තොරතුරු ඇසුරුම්වල සඳහන් නොකරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ධර්මවිජය පාරේ පිහිටි “Ali Firosa Teas ප්‍රයිවට් ලිමිටඩ්” (Ali Firosa Teas Pvt Ltd) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මැර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
දැනට බදු ගෙවන පිරිස මත පවතින පීඩනය අවම කිරීමටත්, බදු අනුපාත පහළ දැමීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් රජය බලාපොරොත්තු වන්නේ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසී ය.
පුළුල් ලෙස ලබා දී ඇති බදු නිදහස් කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව සැලකිය යුතු ආදායම් අහිමිවීම්වලට මුහුණ දෙමින් සිටින අතර, මෙය රාජ්‍ය මූල්‍ය ස්ථායිතාව සහ පුළුල් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ගැටළු මතු කරයි.
බදුල්ල ප්‍රදේශයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්ව සිසුන් තුන්දෙනකු මරණයට පත්වීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, ඒ වෙනුවෙන් වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණයට පත් ශිෂ්‍යයෙකු ගේ පියකු විසින් ගොනුකරන ලද පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.
ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල ශ්‍රී ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ බියකරුම සිදුවීම් අතරින් එකක් බවත්, මේ වන විට මියගිය සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට රැඳවියන් 23 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් ඇතුළත් වන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් පත්කර ඇත.
මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවා ඇති සිරකරුවන් දෙදෙනකුට නීතිමය උපදෙස් ලබාදීම බන්ධනාගාර නිලධාරීන් ගේ ඇහුම්කන් දීමට යටත්ව සිදුකරන ලෙස කළ දැනුම් දීමක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්රමුඛ නීතිඥ කණ්ඩායමක් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
බූස්ස බන්ධනාගාරය තුළදී තම විවාහය ලියාපදිංචිය ජයටම ගැනීමට ඉඩ නොදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රභලයෙකු වන පියුම් හස්තික හෙවත් පියුමා සහ තවත් අයෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.
බූස්ස බන්ධනාගාරය තුළදී තම විවාහය ලියාපදිංචිය ජයටම ගැනීමට ඉඩ නොදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රභලයෙකු වන පියුම් හස්තික හෙවත් පියුමා සහ තවත් අයෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.
රාජ්‍ය සුබසාධන පද්ධතියේ වටිනාම සේවාවක් වන නිදහස් අධ්‍යාපනයට ගුරු හිඟය තුළ බරපතළ බලපෑම් එල්ලවන අවධියේ එය මගහරවා ගැනීමට සංවර්ධන නිලධාරී උපාධිධාරින් 22000ක් එම ගුරු හිඟය පියවීම සඳහා එදා කටයුතු කළා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

