ජාතික අධ්යාපන ආයතනයේ (NIE) අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ක්රියාවට නැංවීමට සමගාමීව රේගුව තුළ සිදු කළ යුතු නව්යකරණ වැඩපිළිවෙළ සහ අපනයනකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ගේ ප්රධානත්වයෙන් අද (17) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාතික ආර්ථිකයේ දියුණුවට උතුරු පළාතෙන් දැනට ලැබෙන දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) 4.6% ක දායකත්වය 10% දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතින්නේ යැයි උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම් පැවසී ය.
වසර ගණනාවක් පුරා කලාකරුවන්ගේත්, කලාකාමී ජනතාවගේත් හදවත් තුළ තිබූ දීර්ඝකාලීන බලාපොරොත්තුවක් මල්ඵල ගන්වමින් ජාතික කලාභවන ලබන සැප්තැම්බර් මාසයේ දී නැවත විවෘත කරන බවට ගරු සංස්කෘතික කටයුතු භාර අමාත්යතුමන් ලබා දුන් පොරොන්දුව අපි ඉතා අගය කොට සලකමු. එම උතුම් අරමුණ ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි හදවතින්ම ප්රාර්ථනා කරමු!
සිය වසකට අධික කාලයක් තිස්සේ මෙරට කලාකරුවන්ගේ කලා නිර්මාණය ප්රදර්ශනගාරය මෙන්ම සාඩම්බර ජාතික උරුමයක් වූ කොළඹ ජාතික කලාභවන ජාතියට අහිමි කිරීමේ කුමන්ත්රණයක් දියත්ව ඇති බව වාර්තා වෙයි.
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක ක්රීඩිකාවන් ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (31) රිට් ආඥාවක් නිකුත් කළේ ය.
ජාතික ක්රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්රමෝද්ය වික්රමසිංහ පත්කර තිබේ.
ශ්රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ් පත් හඳුන්වා දීම ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ඊට අනුබද්ධ රක්ෂණ සමාගම් විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යංශයේ දී අද (07 දින) සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල ය.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පැතිරීම වැළැක්වීම සඳහා මහජන සහය අත්යවශ්ය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ශ්රමයේ අභිමානය සහ සොබාදහමෙන් ලද රැකවරණයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්රදායක් සනිටුහන් කරමින්, ලෝකවාසී හින්දු ජනතාව සමරන තෛපොංගල් උත්සවයේ ජාතික සැමරුම අග්රාමාත්ය හරිණි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (15) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය මගින් ක්රියාත්මක කරනු ලබන ප්රකාශන ආධාර ව්යාපෘතිය 2027 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2026 සැප්තැම්බර් 15 සිට 2026 දෙසැම්බර් 15 දක්වා ක්රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය පවසයි.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025/26 ජාතික ඵලදායීතා සම්මාන(NPA) උළෙලේදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපය(BOI),රාජ්ය අංශයේ රාජ්ය ව්යවසායකයන් සඳහා වූ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
අප රටට වැදගත් වන රටට යෝග්ය, උචිත ජාතික බලශක්ති ප්රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහන අද දින ආරම්භ කළ බවත් මේ ප්රතිපත්තිය සම්පාදනය කරන්නේ අප රට බලශක්ති ක්ෂේත්රයෙන් සෝචනීය ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බැවින් යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
ජාතික ක්රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්රීඩක ක්රීඩිකාවන් රඳවා තබාගැනීම සහ ජාත්යන්තර ජයග්රහණ සඳහා දිරිදීම අරමුණු කරගනිමින් ක්රීඩක ක්රීඩිකාවන්ගේ දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීමට හැකි වන පරිදි රාජ්ය අංශයේ රැකියා ලබාදීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්රශ්න කරමින් සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේස් සලේ ගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්ය මණ්ඩලයට වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වන දින අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (15) ජාතික රෝහලේ අධ්යක්ෂකවරයාට නොතීසි නිකුත් කළේ ය.
ජාතික විගණන කාර්යාලය විසින් හෙළි කරන ලද ජාතික රෝහලේ රසායනාගාරවල දැවැන්ත නාස්තිය, දූෂණය, අක්රමිකතා සහ වැරදි කළමනාකරණය, තමාගේ සේවය අත්හිටුවීමෙන් හෝ සෞඛ්ය ලේකම් වෛද්ය අනිල් ජාසිංහට මරණ තර්ජන එල්ල කළ බවට චෝදනා කිරීමෙන් හෝ මැඩපැවැත්විය නොහැකි බව ජාතික රෝහලේ හිටපු නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික විද්යා පදනම විසින් "ජාතික විද්යා පදනම විද්යාව ප්රචලිත කිරීමේ සම්මාන උළෙල", 2026 සැප්තැම්බර් 18වන දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ ප්රධාන ශාලාවේ දී පැවැත්වී ය.
2025 අංක 14 දරණ ශ්රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්රතිපත්ති කෙටුම්පත ඒ සඳහා පත් කරන ලද කමිටුව විසින් බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි වෙත පිලිගන්වන ලදී.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ජාතික සංවර්ධන සැලැස්මක් තුළ ආර්ථිකය වර්ධනය කර ගැනීමේ සැලසුමක් මෙන් ම සමාජ ප්රතිසංස්කරණ ද තිබිය යුතු යැයි දේශපාලන විශ්ලේෂක, මාධ්යවේදී කුසල් පෙරේරා පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

