පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගය මැදමහනුවර සිට හසලක දක්වා කොටස හෙට උදෑසන 07.00 තෙක් වසා දැමීමට මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.
අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මදුපානී පියසේන පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව අගය කිරීම රටක් ජාතියක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක සහ සෘජු විදේශ ආයෝජන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින් ආයතනික සංස්කෘතියට විනිවිදභාවය දූෂණයට එරෙහිවීම සහ වෘත්තියභාවය වෙනුවෙන් කැපවී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න පවසයි.
රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග පෙර පාසල් ගුරුවරියක සහ ඇයගේ සැමියා මාදම්පිටිය පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කර සිටියි.
ජාතික ලොතරැයි මණ්ඩලය වෙත අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව සහ එහි අනුමත ධූරාවලියේ නොමැති තනතුරුවලට නිලධාරීන් තිදෙනකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන, එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක ගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළැයි කියන සිද්ධියකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අල්ලස් කොමිසම විසින් අද (30) අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් ඇතුළු කිසිවකුගේ බලපෑමක් නොමැතිව නිදහස් ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලු අවකාශ ගොඩනැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ධාවනය වෙමින් තිබු අධිවේගී දුම්රියක ගැටීමෙන් වන අලින් 08 දෙනෙකු මිය ගොස් තවත් වන අලියෙකු තුවාල ලබා තිබෙනවා.
ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
කොමිස් මුදල් භාණ්ඩ ආනයනය කර බෙදාහරින, අලුත් ම අතරමැදි ව්‍යාපාරික පන්තියකට වාසි සැලසෙන ලෙස ආහාර ද්‍රව්‍ය ආනයන ප්‍රතිපත්තිය වෙනස් කිරීම හේතුවෙන් දේශීය ගොවියාට යන එන මං නැතිවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණි රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු (Consultant Fast Bowling Coach) ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
අප රට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් ඛේදවාචක රැසක් සිදුව ඇති මොහොතක, අපේ ම සහෝදර ජනතාව ගේ ජීවිත දේපළ හා නිවාස අහිමි වී ඇති මොහොතක,
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසෙනු ඇතැයි කියා ඉන්ධන මිල වැඩි කළා නම්, දැන් එම අවදානම පහව ගොස් තිබෙන අවස්ථාවක මිල අඩු කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය මණ්ඩල සභාපති නීතිඥ පියල් දර්ශන ගුරුගේ පැවසී ය.
වයස අවුරුදු 16 දක්වා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන නීති රීතී සලසන්නැයි ජාතික මාධ්‍ය පදනම රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි පාර්ශවයන්හි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරුන් ජනාධිපතිවරයා හමුවේ අද ප්‍රකාශ කර ඇත.
අස්වැසුම දෙවන අදියර යටතේ ප්රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නොමැතිනම් වහාම බැංකු ගිණුම් විවෘත කර අදාළ බැංකු ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදිය යුතු බව රජය ප්‍රකාශ කරයි.
අස්වැසුම ප්‍රතිලාභීන් 16800ක් මෙතෙක් බැංකු ගිණුම් ආරම්භ කර නැනැයි සමාජ සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර පවසයි.
අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
විෂයභාර අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් මත එම කමිටුව පත් කර ඇත.
එම තීරණය ගෙන ඇත්තේ, දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි.
සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ, සමෘද්ධිලාභීන් ලෙස ප්රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව ඉන් සොයා බැලෙන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

