මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin අවධාරණය කළේ ය.
ආංශික අධීක්ෂණ කාරක සභා අඩු කර තරුණයන් ඉවත් කිරීමත්, පාර්ලිමේන්තුවේ ශක්තිය අඩු කිරීම පසුගිය දින රටට අහිමි වූ ඩොලර් මිලියන 2.5ට ගැළපිය යුතු බවත්, මෙය බරපතළ පාඩුවක් වන අතර අගමැති ප්රමුඛ රජයට මෙය ලොකු ගැටලුවක් නොවුන ද මේ පාඩුව විසඳා ගැනීමට සිදු වෙන්නේ බදු බර වැඩි කර යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
තම පක්ෂය ආණ්ඩුවේ නොසලකා හැරීම් 14ක් හඳුනා ගත් බවත්, ඒ සියල්ල අනාගතයේ අපරාධ නඩුවක දී දැකගත හැකි යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
අප සමග ඉතා ළෙංගතු ළබැඳියාවක් තිබූ ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ජීවිතයෙන් සමුගැන්මේ පණිවිඩය අප තුළ ඇතිකළේ දැඩි ශෝකයක් යැයි ඉමිතියාස් බාකිර් මාකාර් සඳහන් කරයි.
අප රටේ ආණඩුක්රම ව්‍යවස්ථාවෙ සඳහන් උත්තරීතර නීතියට අනුව බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙනවා බවත් එහි සඳහන් ආකාරයට බුදු දහම ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම හා රැක ගැනීම සිදු කිරීමත් සෙසු ආගම් හා සංස්කෘතීන්ට නිශ්චිත නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
රටෙහි දැනට පවතින තත්ත්වය අනුව බලයට පත්විය යුත්තේ ආණ්ඩු පක්ෂයෙන් පසු වැඩි පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂය වුවත්, ඒ අතර මැදට පැන බලය ලබා ගැනීමට තවත් පිරිසක් උත්සාහ කරන්නේ නම් එය අරාජික වීමක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
රටෙහි ජනතාව පාලනය වන්නේ අවිධිමත් ආර්ථිකයකින් නම්, ජනතාව ගේ යැපුම් මාර්ග සකසා ගෙන තිබෙන්නේ අවිධිමත් ආර්ථිකයක් තුළ නම්, මත් ද්‍රව්‍ය ඒ සමග ඓන්ද්‍රීය සම්බන්ධයක් පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මෙය පොලිස් රාජ්‍යයක් බවත්, එය ආඥාදායකත්වයක් කරා යන ගමන් කරන බවත්, අප සැමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් අයිතීන් තිබෙන අතර ප්රජාතන්ත්රවාදී සමාජයක විපක්ෂය සංවිධානය කිරීමේ නිදහස ද පවතින්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් පැවසී ය.
ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට බලයට පැමිණිමට සහාය දුන් ගොවීන්ට ආණ්ඩුව දැන් කසිප්පුකාරයේ ලෙස ආමන්ත්‍රණය කරන්නේ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් පැවසී ය.
මාලිමා ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම කඩිනම් කළේ ආසියානු සංවර්ධන බැංකුව විසින් (ADB) නිකුත් කරන ලද ඩොලර් මිලියන 200ට අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව සහතික කිරීමට යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ආණ්ඩුව කියන කියන වේලාවට විශ්වාසභංග ගෙන ඒමට විපක්ෂය සුදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මේ වන විට ගොවි ජනතාව වැඩි ප්‍රමාණයක් ගොවිබිම්වලින් ඉවත් වී පාරට බැස විරෝධතා පවත්වන තත්ත්වයට පත්වී ඇති බවත්, ආණ්ඩුව මේ ගොවි සංවිධාන නායකයින්ට විපක්ෂයේ කණ්ඩායම් යැයි ඇඟිල්ල දිගු කරන බවත් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පැවසී ය.
ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් අසල තබා ගෙන ඔවුන්ට වාසි වෙන විදියට තීන්දු තීරණ ගන්නවා. තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට වාසි වෙන විදියට තීන්දු තීරණ ගෙන ඒ පීඩනය මේ රටේ ජනතාව මත පටවන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
බදු ගෙවීමට සූදානම් දේශීය ව්‍යාපාරිකයින් පවා අත්අඩංගුවට ගෙන ඔවුන් තළා පෙළා දැමීමට මේ ආණ්ඩුව කටයුතු කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ජාතික ජන බලවේග ආණ්ඩුව තමන්ගේ රතු සන්නාමය පෙන්නවා, කම්කරුවන් ගේ ඇස් බැඳ, එදා රාජපක්ෂලාට කරගන්න බැරි වුණ වැඩේ කරන්න සූදානම් වනවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
මේ දිනවල ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සාකච්ඡා කෙරෙන ගල්අඟුරු නැව් නවයෙහෙමි ම දළ තාප ජනක අගය නැව් පටවන මොහොතේ නියමිත ප්‍රමිතියට තිබී ඇති බවත්, බානා මොහොතේ නැව් දෙකක දළ තාප ජනක අගය අඩුවෙන් පැවති බවත්, ලක් විජය බලාගාරයේ දී මේ නැව් සියල්ලෙහි පැවති ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරව පැවති බවට අද නිකුත් කළ විගණන වාර්තාවෙහි සඳහන් වන බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
මුදල් අමාත්‍යාංශය, ණය ගෙවීමේ දී ඩොලර් මිලියන 2.5ක් මංකොල්ල කෑම පිළිබඳව ආණ්ඩුව සහ විපක්ෂය යන දෙපාර්ශවය ම ව්‍යාජ ඝෝෂාවක් හරහා ඇත්ත ප්‍රශ්න යටපත් කරන්නේ ඔවුන් දෙපාර්ශවය ම ඉන්නේ එකම ප්රතිපත්තියක නිසා බවත්, ඔවුන්ට මේ ක්‍රමය වෙනස් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නොමැති බැවින් ක්‍රමය ප්‍රශ්න නොකරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
බියෙන් සැකෙන් තොරව කඩිනමින් සහන ලබා දීම හදිසි නීතිය ගෙන ආව ද මේ තුළ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ සහ අරගල සමයේ තිබු හදිසි මහජන පාලන රෙගුලාසි අඩංගු කරුණු ඇති බැවින් මෙය වහා සංශෝධනය විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඇ. ඩොලර් ලක්ෂ 25 හොරකම් කළා පමණක් නොව මේ හොරකම පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන් සහ ජනතාව ගෙන් ද සඟවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
වත්මන් රජය බලයට පත් වූයේ 'පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය' කරනවා යන පොරොන්දු පත්‍රිකාව මත වුව ද මේ වන විට වත්මන් රජය පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජීවිතයක් නිර්මාණය කරමින්, විදුලි බිල වැඩි කිරීමකට පවා මුල පුරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

