විරැකියාවෙන් පෙළෙන වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට නොමිලේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක් ( NVQ3 මට්ටමේ) ළගදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි 'පිරිපුන්' සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේවසිංහ කියයි.
මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්යාප්ත දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ගයකට පිවිසීමට තීරණය කරඇතැයි වාර්තා වෙයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ‘ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පතේ’ (PSTA) ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්ය උදය ගම්මන්පිල විසින් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ හා ප්රකාශනයේ නිදහස මෙන්ම මාධ්ය නිදහස බරපතල ලෙස උල්ලංඝනය වන බව පවසමින්, එම පනත් කෙටුම් පතේ අණ්ඩුක්රම ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ නිර්ණය පෙත්සමක් ගොනු කර ඇත.
රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) හරහා නව අපරාධමය වගකීම් නිර්මාණය වන බව පවසමින් ශ්රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටී.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබේ.
QR කේතය නිකුත් කර ඇත්තේ තෙල් කෝටාවක් ලෙස නිකුත් කිරීමට නිසා අනිවාර්යෙන් ම තෙල් පාරිභෝජනය සීමා වී, කලකිරීම වැඩි වී ආර්ථික ගැටලු රැසක් නිර්මාණය වන්නේ යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
QR කෝඩ් එක දැමීමෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය, ඌබර් කර්මාන්තය, resturant එදිනෙදා ව්යාපාර යනාදි සියල්ල කඩාගෙන වැටෙන බව පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
පශ්චාත් උපාධි විද්යා අධ්යයනායතනය (PGIS), පේරාදෙණිය විශ්වවිද්යාලය නොවැම්බර් 7 සහ 8 දිනයන්හි දී PGIS පරිශ්රයේ දී.
SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති යහ්ටුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නිෂ්පාදනය කරන, බෙදාහරින හෝ අලෙවි කරන පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
තලවතුගොඩ ප්රදේශයේ SPA වැටලීමේ සිද්ධියේ දී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ගල්අඟුරු මිලදීගැනිමේ දී එතෙක් පැවති ටෙන්ටර් පටිපාටි වෙනස් කර Trident Chemphar සමාගමට එම ටෙන්ඩරය ලබා දුන්නේ ප්රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ද යන්න සැක සහිත යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) හිටපු අධ්යක්ෂ (නීති සේවා) වරියට එරෙහි විධිමත් විනය පරීක්ෂණ වාර්තාව මඟින්, ඇයගේ රාජකාරි පැහැර හැරීම් හේතුවෙන් අධිකාරියට අතිවිශාල මූල්ය පාඩුවක් සිදු වූ ආකාරය පිළිබඳ තීරණාත්මක වැරදි හයක් යටතේ ඇයව තනතුරෙන් ඉවත් කර තිබුණි.
හිටපු මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාවක් ප්රකාර, රනිල් වික්රමසිංහ පාලනය විසින් ශ්රී ලංකාවට වීසා ලබාදීමේ ක්රමවේදය විදේශීය සමාගමක් එකතුකර ගැනීම හේතුවෙන් ශ්රී ලංකාවට කිසිදු ආදයමක් නොලැබුන බව විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාව සඳහන් වේ.
මෙම ශීත සෘතුවේ දී මොල්ඩොවා රාජ්යයේ සිට VisionAir සෘජු ගුවන් වාර 09 ක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට සැලසුම් කර ඇත. එම ගුවන් වාර නවයෙන් සංචාරකයින් 1,500 ක් පමණ රැගෙන ඒමට බලාපොරොත්තු වන අතර, දළ වශයෙන් ඩොලර් 2,250,000 පමණ විදේශ විනිමයක් රටට උපයා ගත හැකි බව අප විශ්වාස කරමු.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වැනිදා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළේ ය.
වත්කම් විමර්ශනයකට අදාළව අක්මීමන ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වු හපුතන්ත්රිගේ මිලින්ද හපුතන්ත්රි යන අයට එරෙහිව HCB/374/25 යටතේ ගොණු කර තිබු නඩුවට අදාළව විත්තිකරු වරදකරු කරමින් ගරු මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල විසින් පසුගිය 2026 ඔක්තෝබර් මස 01 වන දින තීන්දුව ලබා දෙන ලදී.
ජනාධිපති ලේකම් කාර්යායේ සේවකයෙකු ලෙස රාජ්ය සේවයට බැඳී හිටපු අධ්යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ගේ ඉන්ධන පිරවුම්හලේ සේවය කළ බව කියන සේවකයෙකු ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් නුවන් කෞශල්ය අද (12) නියෝග කළා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරිිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද(18) නියෝග කළේ ය.
දැඩිසත්කාර ඒකක තුළ උග්ර වකුගඩු ආබාධ තත්ත්වය පත්ව (acute kidney injury -AKI) ප්රතිකාර ලබන වකුගඩු රෝගීන් කළමණාකරණය කිරීම සඳහා ලබාදෙන අඛණ්ඩ වකුගඩු ප්රතිස්ථාපන චිකිත්සාව (Continuous Renal Replacement Therapy - CRRT ) සම්බන්ධව මෙරට සෞඛ්ය කාර්ය මණ්ඩල සඳහා වූ විශේෂ පුහුණු වැඩමුළුවක සමාරම්භය පසුගියදා කොළඹ ජාතික රෝහල් ශ්රවණාගාරයේ දී සිදු කෙරිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

