අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකෙන් යැයි ඔහු පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
අධිකරණ ක්‍රියාවලියකට බලපෑම් වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම්වලින් වෙනස්වන බවත්, අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ නොහැකි බවත් දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
දිට්වා සුළි කුණාටුවෙන් පසුව අධිකරණ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා පහසුකම් සපයමින් ලැප්ටොප් පරිගණක 24ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාතයංශයට ලබා දීම අද (18) සිදු කෙරුණි.
ශ්‍රී ලංකා උසාවියක් ඉදිරියේ විභාග වන, තවමත් තීන්දුව නැති නඩුවක තීන්දුව පිළිබඳව ජනාධිපතිතුමා ඉගි කරන බවත්, ඒ තීන්දුව කුමක්ද යන්න පිළිබඳ ජනාධිපතිතුමාට පූර්ව දැනුමක් තිබෙන බවත්, ඒසේ වන්නේ කෙසේ ද යැයි මහාචාර්ය ජී. ඒල් පීරිස් විමසයි.
අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්: විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කිරීම ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩිව හෙළාදකී. ඉතිහාසයේ පක්ෂ නායකයින් පස් දෙනෙකුට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එක ම නඩුවක දී මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමේ සිදුවීම් අති දුර්ලභ ය. එය පැහැදිලිවම මර්දන උත්සාහයකි.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරමින් සිටින ප්‍රහාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැඩි ලෙස හෙලා දකියි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර, සහ එවැනි න්‍යෂ්ටික අවි පැවතීම පිළිබඳව පිළිගත හැකි සාධක නොමැති තත්ත්වයක් තුළ න්‍යෂ්ටික අවි පිළිබඳ චෝදනා කරමින් මෙලෙස දෙවන වතාවටත් පහරදීම ජාත්‍යන්තර නීති සහ සම්මුති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.
අනාගතය උදෙසා අපි නිදහස් සහ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.
"නව නේවාසිකාගාර ලබා දෙනු" විරෝධතාව ජූලි 25
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඉහත විරෝධතාවය සැලසුම් කර ඇති අතර, මේ සඳහා හාස්‍යජනක නිධාන කතාවක් ඇත
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත් කරනු ලැබ ඇත.
බොහෝ දුරට ආණ්ඩුව විසින් ආපදා කළමනාකරණය සඳහා ඉල්ලා සිටින ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල ප්‍රදානයක් වශයෙන් ලංකාවට හිමිවනු ඇති බව වාර්තා වන අතර, නමුත් ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමේ යෝජනාවට තවමත් මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව නැතැයි පැවසේ.
මාලිමා ආණ්ඩුව බලයට පත් වූ දා සිට විපක්ෂ කණ්ඩායම් නිරන්තරයෙන් ම උත්සාහ කළේ ආණ්ඩුව උහාසයට ලක් කිරීම වුව ද නවත ම ජනමත සමීක්ෂණය දෙස විමසිලිමත් වන විට අවසානයේ උපහාසයට සහ විහිළුවට ලක්ව ඇත්තේ විපක්ෂය ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ස්තූතිය පළ කර තිබේ.
විදෙස් රැකියාවල නියුක්තව සිට පැමිණි සියලු දෙනා විධිමත්ව ලියාපදිංචි කර ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කරන්නේ නම් වත්මන් ජනාධිපතිවරයාට රජවිය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවීමේ අවදානම නිසා බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් දහසකට අධික පිරිසක් අනුරාධපුර රත්නායක මහා විදුහලටත්, පොළොන්නරුව බන්ධනාගාරයටත් රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
ශීත කාමර තුළ ටයි කෝට් පැලඳගෙන නොසිට ගොවිපළට පැමිණ තමා කරන අභියෝගය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් කරන ලෙස කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු කණ්ඩායමට විවෘත ආරාධනාවක් කරන්නේ යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසී ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (09) රාජාංගණය, වැවේ පන්සල අසදී පැවති අනුරාධපුර දිස්ත්‍රික්කයේ: රාජාංගනය, තලාව, නොච්චියාගම, මහවිලච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, මිහින්තලය, රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදාන වැඩසටහනට සඳහා එක්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප්රමුඛ බර්ටි දිසානායක පදනම අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ අංක 630 "සැනසුම" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ 13වන වරට පැවත්වූ දුන්තෙල් බත් දන්සල අවට ප්‍රධාන මාර්ගයේ වීදි ලාමිපු නිවා දමා ඇති බවත් පෝලිමේ සිටි අය කළුවරේ සිට ඇත; පෝලිම අවසන් වු පසුපස මී 100ක් දුරින් විදිලාම්පු දැල්වී තිබෙනු දුටු බව දන්සලට පැමිණි අය පවසා ඇත.
මීට ටික දිනකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ළමා නිවාසවල රාජ්‍යය බාරයේ ඇති දරු-දැරියන් උදෙසා සංවිධානය කළ උත්සවයකට සහභාගී වූ අතර එහි දී සංවේදී වූ එතුමා ෆෝඩියම් එකෙන් බැහැරව ගොස් සිය කඳුළු පිසදාගත්තේය. එම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු බාර ඇමතිනී සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ද සහභාගී වී සිටි අතර එම වීඩියෝව වයිරල් වූවේ ජනාධිපතිවරයා ගේ සංවේදීතාව පිළිබඳව කවි ගී රචනා සහිතවය.
ඩිජිටල් ආණ්ඩුකරණය කරන්නයි කථාව; නමුත් ගංවතුර එනවා කියලා මිනිස්සුන්ට අඩුම ගානේ SMS එකක් යවා ගන්න බැරි වුණා… අවදානම ගැන කිසිම දැනුම් දීමක් නොමැතිව තමන්ගේ නිවෙස් ඇතුළේ නිදාගෙන හිටිය දරුපවුල් තමන්ට වෙන්නේ මොකක්ද කියලා දැන ගන්න කලින් වතුරේ ගිලිලා, පස්වලට යට වෙලා, හුස්ම ගන්න බැරුව එහෙම ම මැරිලා ගියා. සිරුරු තාම හොයනවා. අනේ උඹේ කෙහෙල්මල් ඩිජිටල්කරණය තියලා වාඩි වෙයන්, හාන්ස්.
LTL Holdings යනු මෙරට විදුලි බල ක්ෂේත්රයේ සුවිශේෂී සේවාවක් සපයන, නිරන්තරයෙන් ම රටේ ජනතාව අඳුරෙන් ආලෝකයට ගෙන ඒමට දිවා රෑ කැපවෙන සමාගමකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

