දෙමළ ප්රගතිශීලී සන්ධානයේ (TPA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් නොවැම්බර් 21 වන දින සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට තම පක්ෂය සහභාගී නොවන බව පවසයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් කොළඹදී සිදුව තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කළේ ය.
ඩේවිඩ් කරුණාරත්න විසින් ‘රණබිම’ නමින් සිංහල බසට පරිවර්තනය කරන ලද හෝමර්ගේ ‘ඉලියඩ්’ නම් සුප්‍රසිද්ධ කාව්‍යයෙහි හි විස්තර කෙරෙන්නේ ‘ට්‍රෝයි’ නගරයෙහි විනාශය පිළිබඳ කතාව යි.
රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත්, එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා එම කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම සිදු කෙරිණි.
22වන සංශෝධනය සම්මත කර ගැනීමට ගොස් ආණ්ඩුවේ මැති ඇමතිවරු බොහොමයක් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220kV භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කිරීම බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පිවිසුම අසල දී සිදු කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය පෙත්සමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පතේ 2වන වගන්තිය අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CPA) සහ එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ SC SD 50/2026 අංක දරණ පෙත්සම ගොනු කර ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට පසුගිය 29වන දා උද්ඝෝෂණයක් පැවැත්විණි.
ආණ්ඩුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සහ ඊට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (සැප්තැම්බර් 01) කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි.
විනිසුරු විශ්‍රම වයස දීර්ඝ කිරීමට අදාළ 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීම අනිවාර්යෙන් සිදුකළ යුතු බව සමගි ජනබලවේගයේ නීති ලේකම් නීතිඥ මහේෂ් පරාක්‍රම පැවසී ය.
22වන ව්‍යවස්ථා සංශෝධනය යනු කිසිසේත් සිල්ලර කාරණයක් නොවන බවත්, අපි මෙතෙක් දුරට භුක්ති විඳි සහ අගය කළ ප්රජාතන්ත්රවාදී සංස්කෘතිය, මිනිස් අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කරගන්නවා ද, එසේත් නොමැති නම් ඒ සියල්ලක්ම විනාශ වීමට අපි ඉඩ තියෙනවාද යන ප්‍රශ්නයට අද අපි අද මුහුණ දී ඇතැයි ජනතාවාදී විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
22වන සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ කෙනකුගෙන් විමසුවහොත් ඔවුන් කිසිවකු, කිසිවක් නොදන්නා බව පවසන බව හොඳට ම විශ්වාස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අද වන විට සමාජයේ ඉමහත් අවධානයට යොමු වී ඇති යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති ඉහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන් ගේ සේවා කාලය දීර්ඝ කිරීම සිදුකළ යුතුව ඇත්තේ මනා සුපරික්ෂාවකින් යුත් බහු පාර්ශ්වීය ගැඹුරු සම්මුතියකින් අනතුරුව වන බවත්, එහිදී සියලු ම පාර්ශ්වයන්හි වගකීමක් වන්නේ කුමන හෝ තත්ත්වත්යන් තුළ වුව ද තමන්ගේ ම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සඳහන් කරයි.
රජය විසින් යෝජනා කරනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5)වන වගන්තිය සඳහා වන සංශෝධන මගින් අපේක්ෂිත මූලික වෙනස්කම් පිළිබඳව ජනතාව ගේ කැමැත්ත විමසා බැලීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIII වැනි පරිච්ඡේදයේ විධිවිධානවලට අනුව ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අධිකරණයට ගිය බවත්, පළවෙනි පැය 24ක් තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මීට පෙර සංශෝධන 21ක් ඉදිරිපත් වි තිබුණ ද, කිසිම සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතරම් පෙත්සම් බහුලතාවයක් දුටුවේ නැතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
දැනට ආරම්භ කර ඇති 06 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කොට මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳ ව සොයා බැලූ බවත් එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

