රුපියල් මිලියන 99ක් වැය කර සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කරන ලද "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) දී ජුනි 01 සඳුදා ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
ඇසළ පෙරහැර මංගල්‍යයත් සමඟ කලින් කලට මතු වන නව ප්රවණතා වලින් මිදීමට සියලු සැදැහැවතුන් කටයුතු කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසති.
ජාතික ජනබලවේග රජය ලබාගත් ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ඉතා කැපී පෙනෙන සලකුණක් තබා ඇත.
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය තුළ පිහිටි භෝජනාගාරයේ දී දේශීය බෝතල් කළ පානීය ජලය සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කළ දුම්රිය භෝජනාගාර සේවයට අයත් “ජයබිම කේටරින්” — කොළඹ කොටුව ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙ න්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඉන්දීය දෙමළ චිත්‍රපටයක් වන “නල්ලපඩම්” චිත්‍රපටයේ සංගීත එළිදැක්වීමේ උත්සවය එළඹෙන අගෝස්තු 22වන දා කොළඹ පෝට් සිටිහි දී පැවැත්වෙන “World of Raavan” සංගීත උළෙලේ දැවැන්ත වේදිකාවේදී පැවැත්වීමට නියමිත ය.
විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා තම ධූරය අවදානමට ලක් වන්නේ නම් එය භාර ගැනීමට සූදානම් බවත්, අවදානමකින් තොරව වෙනසක් සිදු වෙතැයි තමා විශ්වාස නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් ගොඩනගන ලද “රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ” තෙවන සැසිවාරය සඳහා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ දී අවධානය යොමු කළේ ය.
“ෂී ජින්පිං - චීන පාලන තන්ත්රය” ග්‍රන්ථයේ 5වන වෙළුම එළි දැක්වීමේ උත්සවයක් අද කොළඹ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ චීනය, නවීකරණ ක්‍රියාමාර්ගයේ අත්වැල් බැදගෙන ගමන් කිරීම වෙනුවෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම එම උත්සවයේ තේමාවයි.
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවක භාරකාර අරමුදලේ (ETF) පාලනය හාම්පුතුන් අතරට රැගෙන යෑමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
පහුගිය දවස්වල ඕගොල්ලට මතක ද ලංකාවේ දෙමළ භාෂාවෙන් දේශපාලනය කරන පක්ෂ හයක් එකතු වෙලා වෙනම සන්ධානයක් හැදුවා. ඔය වෙලාවෙ සමහර සිංහල බෞද්ධ කණ්ඩායම් නම් ඕක දිහා බැලුවේ වපරැහින්. අර මොකද දෙමළ භාෂාවෙන් කතාබහ කරන අයට වෙනම පක්ෂයක් කිව්වා ම සමහරුන්ට අවුල්...
මොරටුමුල්ල, පුවක්අරඹ මංසන්ධියේ පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින්, වසර කිහිපයක් තිස්සේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක බියගන්වා අපයෝජනය කළ බව කියන ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයකු මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
150 වන විද්‍යාලංකාර දිනයට සමගාමීව 100ක් නමකට ගිලන් පස දානය පුජා කිරිමේ පිංකම පෙරේදා (27) පුංචි කැලණිය විහාරාධිපති කුරුඳු වත්තේ ඥානසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙන් ආයතනයේදි සිදු කෙරිණි.
පුද්ගලයෙකු, මෙරට නිෂ්පාදනය කළ සිංහල චිත්‍රපටි සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කිරීම සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ (09) මොරටුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
යෝජිත මෙම 185අ වගන්තිය මගින්, බදු වාර්තා ගොනු කිරීම ප්‍රමාද වීම හෝ ලියාපදිංචි වීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය වැරදි පවා අපරාධ වරදවල් බවට පත් කරන් නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මාලිමා මන්ත්‍රීවරියක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය නිර්මාණය කිරීමට අප සමත් වු බවයි. 1971 කැරැල්ල සිදුවූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගේ නායකත්වයෙන් 1970 දී බිහිවු රජය සන්නද්ධ ප්‍රහාරයකින් බිඳ දමා සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් ය. කෙසේ වෙතත් 1971 සිදුකළ එම පහර දීම තම පක්ෂයට සිදුවූ 'වැරදීමක්' බව අමාත්‍ය ලාල්කාන්ත මෑතක දී ප්‍රකාශ කළේ ය.
ජීවිත රැසක් සුරක්ෂිත කිරීමේ උදාර මෙහෙවරක නිරත වන 1990 සුවසැරිය පදනමට වසර දහයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රථම මහා ලේ දන් දීමේ කඳවුර පසුගියදා කොළඹ 07, අංක 43, හෝර්ටන් පෙදෙසේ පිහිටි සුවසැරිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
2019.05.25 පැවැත් වූ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නොමැතිව 2020.10.16 සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර ප්‍රතිඵල ලබා දී ඇත්තේ 2024 බවත්, මෙහි බරපතළ අක්‍රමිකතාවක් සිදුව ඇති බැවින් නැවත නැවතත් විභාග පවත්වන්න පෙර පැවැති විභාගයේ ප්‍රතිඵල අනුව පත්වීම් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටී.
2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, පල්ලි තුනක් සහ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින්, දකුණු ආසියානු ත්රස්තවාදයේ ඉතිහාසයේ පමණක් නොව ගෝලීය පිළිවෙළෙහි වෙනස්වන ගෘහ නිර්මාණ ශිල්පයේ ද වැදගත් අවස්ථාවක් නියෝජනය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

