ශ්රී ලාංකීය තාරුණ්යයේ බලාපොරොත්තු මුදුන් පමුණුවාලන විශ්සවානීය වෙනසක් කරා රටේ අනාගත දිශානතිය කැඳවාගෙන යන නවමු බලවේගයක් ලෙස මීළඟ මැතිවරණයකදී කුරුණෑගල දිස්තික්කයේ කුලුඳුල් ජන්දදායකයින් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න තරුණ බලවේගය කටයුතු කරනු ඇතැයි සර්ව ජන බලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්රී, ව්යවසායක දිලිත් ජයවීර පැවසී ය.
විපක්ෂ නායකවරයා ගේ ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලි නුවර සිදු කළ සංචාරයේ දී සජිත් ප්රේමදාස ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් සම. සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්විණි. මෙහි දී ඉන්දීය-ශ්රී ලංකා හවුල්කාරිත්වය, කලාපීය ස්ථාවරත්වය, සම්බන්ධතාව සහ අන්යෝන්ය සමෘද්ධිය සඳහා දෙපාර්ශ්වයේ කැපවීම සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය.
ලොව ප්රථම වරට තමන්ගේ මානසික ආතති මට්ටම තමන්ට ම මැනගත හැකි ජංගම දුරකතන යෙදුමක් (ඇප් එකක්) ශ්රී ලංකාවේ වෛද්යවරුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.
‘Nirogi’ නම් මේ ඇප් එකෙන් අවශ්ය භාෂාව තෝරාගෙන අසා ඇති ප්රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් තමන්ගේ ආතති මට්ටම තමන්ටම මැනගත හැකි බව එම යෙදුම නිර්මාණය කළ වෛද්යවරු පවසති.
සාමාන්ය, සුළු, තරමක් ඉහළ සහ තීව්ර (උග්ර) ලෙසින් ආතති මට්ටම් වර්ග කර ඇති ලැබෙන ලකුණු අනුව ආතතියේ තරම ගැන නිගමනය කළ හැකි ය.
සුළු මට්ටමෙන් පවතිනවා නම් දෙසතියකින් නැවත එම යෙදුමේ ප්රශ්නවලට පිළිතුරු දී ලකුණු මට්ටම මැන බැලීම වැදගත් වේ.
තරමක් ඉහළ අයට ද එය අදාළ වන අතර ඔවුන් 1926 අමතා උපදෙස් ලබා ගත යුතු ය.
එසේ නොමැති නම් මනෝ වෛද්ය උපදෙස් පැතිය යුතු ය. ඔවුනට අවශ්ය උපදෙස් ද Nirogi යෙදුම හරහා ලබාදෙයි.
තීව්ර හෝ බරපතළ තත්ත්වයේ ඇත්නම් වහා ම මනෝ වෛද්ය උපදෙස් පතා යොමු විය යුතු ය.
ආතතිය දිගින් දිගට ම පැවැතීමෙන් කෙනෙකු විශාදයට පත් වීමේ දැඩි අවදානමක් පවතී.
මෙම යෙදුම මගින් කෙනෙකුට තමන්ටගේ ආතති මට්ටම විශාදය දක්වා දුරදිග ගොස් ඇත්දැයි කෙනකුට පහසුවෙන් ම තීරණය කළ හැකි ය.
ශ්රී ලංකා මනෝ වෛද්ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිනී මනෝ වෛද්ය විශේෂඥ දසන්ති අක්මීමන, වෛද්ය ආර්. නිරංජන්, ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්ය පාරමී රත්නායක, වෘත්තීය චිකිත්සක චාරුක යන සිව් දෙනා විසින් මෙම යෙදුම නිර්මාණය කර ඇත.
ලෝක මානසික සෞඛ්ය දින සැමරුමට සමගාමීව Nirogi යෙදුම ජනගත කිරීම ඊයේ (ඔක්. 17) කොළඹ 8, මොඩන් ෆාම්හි ප්රසව සහ නාරිවේද විශේෂඥවරුන්ගේ විද්යායතන මූලස්ථානයේදී විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිශාන්ත අබේසේන, සෞඛ්ය අමාත්යාංශයේ මානසික සෞඛ්ය අධ්යක්ෂිකා වෛද්ය ලක්මිණී මාගොඩආරච්චි සහ මනෝ වෛද්ය විශේෂඥ දසන්ති අක්මීමනගේ මූලිකත්වයෙන් සිදුවිය.
( Mawbima -| චම්පිකා දීපානි රණසිංහ)
මීට වසර 17කට පෙර ඝාතනයට ලක් කළ මාධ්යවේදී ලසන්ත වික්රමතුංග කොළඹ මහජන පුස්තකාල ශ්රවණාගාරයේ දී ඔබට යළි මුණගස්වන්නට සූදානම් යැයි ලාංකීය ජනමාධ්යවේදීන්ගේ ප්රධානතම වෘත්තීය සංගමය වූ ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ, මාධ්යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? රාජ්ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා'' කෘතිය ජනගත කිරීමෙනි.
ප්රවීණ නාට්යවේදියකු වන චාලක රණසූරිය ගේ නවතම නාට්ය නිර්මාණය වන ''අටවන බුවනෙක'' ඔක්තෝබර් 03වන දින සවස 03.30ට සහ 07ට බොරැල්ල පුංචි තියටර්හි දී වේදිකාගත කරයි.
අපි, ''අපේ අනන්යතාව'' යැයි විවාද කරන විට බහුලව සාකච්ඡා කෙරෙන්නේ අන්තවාදයේ සිට යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ශ්රී ලාංකීය ජනමාධ්යවේදීන් ගේ වෘත්තීය භාවය සහ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීම අරමුණු පෙරදැරි කරගනිමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යංශය වාර්ෂිකව ක්රියාත්මක කරන 2026 වසරට අදාළ ''ඇසිදිසි ජනමාධ්ය'' සහ ''ඇසිදිසි තාක්ෂණික'' ශිෂ්යත්ව වැඩසටහන ආරම්භ කර ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යංශය සඳහන් කරයි.
ප්රියනාත් විදානපතිරණගේ විසින් රචිත ''ඉරිසියාවේ අත්පොත'' ප්රබන්ධ කෘතිය ජූලි 12වන දා සවස 02.30ට ජාතික කෞතුකාගාර ශ්රවණාගාරයේ දී ජනගත කරයි.
ප්රවීණ රංගවේදී ජයනාත් බණ්ඩාර ගේ අධ්යක්ෂණයෙන්, විලියම් ෂේක්ස්පියර් ගේ අමරණීය ඔතෙලෝ නාට්යයේ සිංහල වේදිකා නිර්මාණය 2026 ජූලි 16වන දා පෙරවරු 10.30ට සහ පස්වරු 2.30ට ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ ප්රධාන සම්මන්ත්රණ ශාලාවේදී වේදිකාගත වේ.
ප්රවීණ ලේඛිකාවක් වන චමරි පී. සේනාරත්න ගේ නවතම කෘතිය වන ''තාරා ද ගැහැනියකි'' නවකතාව මෙවර BMICHහී දී පැවැත්වෙන ජාත්යන්තර පොත් ප්රදර්ශනයේ මින්සර කුටියෙන් ලබාගත හැකි ය.
නව සමාජ ක්රමයක් බලාපොරොත්තුවෙන් සිය දිවි පරදුවට තබා සටන් කළ අය අතීතයේ පමණක් නොව ඊනියා නිදහස ලැබීමෙන් ඉක්බිතිව ද බිහි විය. ඒ පළමු නැගිටීම සිදු වූයේ 1971 වසරේ දී ය. එවකට පැවති රාජ්ය පාලකයින් විසින් ඒ විප්ලවීය සොයුරු සොයුරියන් දස දහස් ගණනක් ඝාතනය කළේ ය; ඇතැම් අය අතුරුදන් කළේ ය; තවත් පිරිසක් සිරගත කළේ ය.
ගවේෂණාත්මක මාධ්යවේදියකු ලෙස ප්රකට තිලක් සේනාසිංහ ප්රබන්ධ කෘති මෙන් ම සමාජ විමර්ශන පිළිබඳ කෘති කිහිපයක් ම සම්පාදිත ලේකකයෙකි.
ඔහු විසින් සම්පාදිත''පැරණිමත ගැන අලුත් දැනුමක්''නමැති නවතම ග්රන්ථය පසුගියදා(27) කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශන භූමියෙහි පිහිටි ප්රධාන පීඨිකාවේ දී ජනගත කළේ ය.
දේශීය බලවත් කණ්ඩායමක කුමන්ත්රණයක් ලෙස පාස්කු ඉරිදා ප්රහාරය සිදු වූ බව අපේ රටෙහි ජනගහනයෙන් 53%ක් පමණ විශ්වාස කරන්නේ යැයි උදය ගම්මන්පිල පැවසී ය.
''රත්තරං පාටට අඹරපු තහඩු ටිකක් හදාගත්තම ඕනම කැත-ජාතිවාදී ලෙඩෙකුට උනත්, ලාංකේය කවි කිවිදියන් එක මිටට ගැනීමට හැකිවීම අප මුහුණ දෙමින් සිටින ඛේදවාචකයකි. මූ කොහෙන්ද මෝඩපහේ ආචාරි පට්ටමක් අරගෙන ඒක තිය තිය අස්සන් ගහනවා.මෙවැනි සිංහල බෞද්ධ අන්නවාදීන් සම්මාන දෙන්න කතාකරාම ඊයා whtto කියන්න පුලුවන් ගානට ලංකාවෙ කවි කිවිදියන් පරිනත විය යුතුයි.
(සත්යය බොහෝම කටුකයි)''
රුසියානු ලේඛක බියන්කි විතාලි වැලෙන්ටිනෝවිච් රචිත, ජනප්රිය රුසියානු චිත්ර ශිල්පීනී ඕල්ගා සූරිනා ගේ මනරම් ළමා සිතුවම්වලින් හැඩ වුණ ''සීන්කාගේ කැලැන්ඩරය'' නමැති ළමා කතාව Swan Books ආයතනයේ ප්රකාශනයක් ලෙස නිකුත් වී තිබේ.
ලබන 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳව පක්ෂ පාට කණ්ණාඩි ඉවත ලා බලන ඕනෑම කෙනෙකුට සුවිශේෂී අධ්යයනයක් වී තිබෙන්නේ යැයි අග්රාමාත්ය හරිණි අමරසූරිය පෙන්වා දෙයි.
සමාජ මාධ්ය ඔස්සේ නිතිපතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කරගෙන සංවිධානාත්මකව අසත්ය, අපහාසකාරී හා වෛරයෙන් යුත් content දිගින් දිගටම පළ කිරීම් සිදුවන බව තම සංවිධානය නිරීක්ෂණය කර ඇති බවත්, එවැනි අසත්ය සහ උපක්රමශීලී ලෙස විකෘති කළ තොරතුරු ජනතාව අතර පැතිරවීම මගින් වෛරය සහ සමාජ ගෞරවයට හානි කිරීම ඔවුන්ගේ පුරුද්දක් බවත් Free Lawyers සංවිධානය පෙන්වා දෙයි.
මහාමාන්ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්යාර්ථයින්ගේ සංගමය (DSSPA Alumni Club) මඟින් ප්රථම වරට සංවිධානය කරනු ලබන විශේෂ විද්වත් කථිකාව හෙට (17) පස්වරු 2.00 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්රලේඛන මණ්ඩල ශ්රවණාගාරයේදී පැවැත්වේ.
'මට නිදහස් වීමට ඇති බාධාව මාව යටත් කරගත් ස්වාමියා (සුදු පාලකයා) නොව මම ම ය' යැයි ක්රිෂාන්ති ආනන්දවංශ සිය පශ්චාත් උපාධි නිබන්ධනය වන 'Lacanian Eye on Salman Rushdie' කෘතිය තුළ පිළිබිඹු කරන්නේ යැයි දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
සුළි කුණාටු ව්යසනයෙන් විනාශ වූ ප්රජාවන් නැවත ගොඩනැගීම සහ ආධාර ඒකාබද්ධ කිරීම අරමුණු කර ගනිමින් ශ්රී ලංකාව විසින් දියත් කරන ලද දැවැන්ත ‘Rebuilding Sri Lanka’ (ශ්රී ලංකාව නැවත ගොඩනැගීමේ) අරමුදල මේ වන විට දැඩි පරීක්ෂාවකට ලක්ව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

