ප්‍රියනාත් විදානපතිරණගේ විසින් රචිත ''ඉරිසියාවේ අත්පොත'' ප්‍රබන්ධ කෘතිය ජූලි 12වන දා සවස 02.30ට ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.
ප්‍රවීණ රංගවේදී ජයනාත් බණ්ඩාර ගේ අධ්‍යක්ෂණයෙන්, විලියම් ෂේක්ස්පියර් ගේ අමරණීය ඔතෙලෝ නාට්‍යයේ සිංහල වේදිකා නිර්මාණය 2026 ජූලි 16වන දා පෙරවරු 10.30ට සහ පස්වරු 2.30ට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී වේදිකාගත වේ.
දේශීය බලවත් කණ්ඩායමක කුමන්ත්‍රණයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ බව අපේ රටෙහි ජනගහනයෙන් 53%ක් පමණ විශ්වාස කරන්නේ යැයි උදය ගම්මන්පිල පැවසී ය.
''රත්තරං පාටට අඹරපු තහඩු ටිකක් හදාගත්තම ඕනම කැත-ජාතිවාදී ලෙඩෙකුට උනත්, ලාංකේය කවි කිවිදියන් එක මිටට ගැනීමට හැකිවීම අප මුහුණ දෙමින් සිටින ඛේදවාචකයකි. මූ කොහෙන්ද මෝඩපහේ ආචාරි පට්ටමක් අරගෙන ඒක තිය තිය අස්සන් ගහනවා.මෙවැනි සිංහල බෞද්ධ අන්නවාදීන් සම්මාන දෙන්න කතාකරාම ඊයා whtto කියන්න පුලුවන් ගානට ලංකාවෙ කවි කිවිදියන් පරිනත විය යුතුයි.
(සත්‍යය බොහෝම කටුකයි)''
ලබන 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳව පක්ෂ පාට කණ්ණාඩි ඉවත ලා බලන ඕනෑම කෙනෙකුට සුවිශේෂී අධ්‍යයනයක් වී තිබෙන්නේ යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පෙන්වා දෙයි.
සමාජ මාධ්‍ය ඔස්සේ නිතිපතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කරගෙන සංවිධානාත්මකව අසත්‍ය, අපහාසකාරී හා වෛරයෙන් යුත් content දිගින් දිගටම පළ කිරීම් සිදුවන බව තම සංවිධානය නිරීක්ෂණය කර ඇති බවත්, එවැනි අසත්‍ය සහ උපක්‍රමශීලී ලෙස විකෘති කළ තොරතුරු ජනතාව අතර පැතිරවීම මගින් වෛරය සහ සමාජ ගෞරවයට හානි කිරීම ඔවුන්ගේ පුරුද්දක් බවත් Free Lawyers සංවිධානය පෙන්වා දෙයි.
සුළි කුණාටු ව්‍යසනයෙන් විනාශ වූ ප්‍රජාවන් නැවත ගොඩනැගීම සහ ආධාර ඒකාබද්ධ කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව විසින් දියත් කරන ලද දැවැන්ත ‘Rebuilding Sri Lanka’ (ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ) අරමුදල මේ වන විට දැඩි පරීක්ෂාවකට ලක්ව තිබේ.
"Rebuilding Sri Lanka" කළමනාකරණ කමිටුව පත්කිරීම නීති විරෝධි යැයි සඳහන් කරමින් නව ජනතා පෙරමුණ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග අද (17) ජනාධිපති ලේකම් වෙත සංදේශයක් බාර දුන්නේ ය.
මාතර යුගයේ කාව්‍ය වංශය තුළ හමුවන "අනුරාග මාලය" යනු අනුරාධපුරයේ සිට මහනුවර යුගය දක්වා පැවති ආගමික සහ උපදේශාත්මක රාමුවෙන් බැහැර ව, මෙලොව මානුෂීය ආශා සහ ලෞකික යථාර්ථ සෘජු ව කාව්‍යයට නැගූ රති කාව්‍යයකි. ආගමික වාරණවලින් මිදී ලිංගිකත්වය, ශාරීරික ආකර්ෂණය, විරහව සහ පීතෘමූලික සංස්කෘතිය තුළ ස්ත්‍රිය ගේ භූමිකාව සාකච්ඡා කිරීමට මෙම කෘතිය ලෞකික අවකාශයක් සපයයි.
බ්‍රිතාන්‍ය බී.බී.සී පුවත් සේවයට එදිරිව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් අඛණ්ඩ අධිකරණ ක්‍රියාමාර්ගයේ නියැලෙන බව එම පුවත් සේවය අද (16) නිවේදනය කළේය.
ප්‍රවීණ නාට්‍යයවේදියකු වූ රාජිත දිසානායක අධ්‍යක්ෂණය කළ ‘අපේ ගෙදර ගිනි තියයි ද’ නාට්‍යය මේ දිනවල රඟ දැක්වේ. මෙය රාජිත දිසානායක ගේ එකළොස්වන නාට්‍යය යි.
අල්ලස දූෂණය පිටුදැකීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ විදෙස් ආයෝජන පවා වැඩි වශයෙන් මෙරටට පැමිණීමට හේතු වී ඇතැයි 'පිරිපුන් සංවිධානයේ සභාපති ආචාර්ය ආනන්ද දේවසිංහ මහතා ප්‍රකාශ කරයි.
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ "ආදරය" වැඩසටහන ඊයේ හම්බන්තොටදී පැවැත්විණි.
*තිත්තම තිත්ත ඇත්ත කෙටියෙන්
රනිල්ට අදටත් අධිචෝදනා නොලබා සිටින්නේ නීතිපති අතිශය ප්‍රශ්නකාරී ලෙස අධිචෝදනා ගොනුකිරීම පැහැර හරින බැවිනි. නීතිපති රනිල්ට එරෙහි අධිචෝදනා පමා කරන්නේ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන්සේ සූරසේන විශ්‍රාම යන තුරු ය. මේ අගවිනිසුරුවරයා යටතේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටිමින් අධිචෝදනා ගොනුකරනවා කියන්නේ, රනිල් ගේ තත්ත්වය ඉතාම බැරෑරුම් අවදානමකට ඇදදැමීමක් ය යන්න නීතිපතිවරයාගේ ගණන් බැලීම යි.
වෙනිසියුලාවට යළි පහර දෙන බවට එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ තර්ජනයෙන් අනතුරුව, සහයෝගයෙන් "වැඩ කිරීමට කැමති " බව දන්වා එරට අන්තර්වාර පාලනය විසින් ට්‍රම්ප් පරිපාලනයට දැනුම් දී තිබේ.
කැටපත නිර්මාණ සහ විචාර කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන 'උල්පතින් අලුත් ගඟක් සාහිත්‍ය සම්මාන 2026' සම්මාන උලෙළ සඳහා ඔබ විසින් රචිත හෝ පරිවර්තිත, පළමු කෘතිය 2025 වසරේ පළමු මුද්‍රණය වන: නවකතාව, කෙටිකතා සංග්‍රහය, ළමා සාහිත්‍ය කෘතිය, පරිවර්තන නව කතාව, සිනමා සාහිත්‍ය කෘතිය හෝ ශාස්ත්‍රිය කෘතිය සඳහා සම්මාන පිදීමට බලාපොරොත්තු වන බව සංවිධායකයින් පවසයි.
කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන 'උල්පතින් අලුත් ගඟක්' සාහිත්‍ය සම්මාන උලෙළ යළි පැවැත්වීමට සූදානම් වන බව ප්‍රවීණ සිනමා විචාරක, සාහිත්‍ය නිර්මාණවේදී ගුණසිරි සිල්වා සිය face book පිටුවෙහි පෝස්ටුවක් පළ කර තිබුණි.
සම්මාන පිළිබඳ ධනාත්මක මෙන් ම ඍණාත්මක සංවාද සාහිත්‍ය ක්ෂේත්‍රය පුරා රැව්පිළිරැව් දෙන නිමේශයක මෙබඳු විකල්ප සම්මාන උලෙළකින් හෝ සාම්ප්‍රදායික සාහිත්‍ය ඉම්පෙදෙස් අභිභවන සාහිත්‍ය කෘති පාඨක ප්‍රජාවට හඳුන්වා දීමට ගන්නා උත්සාහය අගය කරන අතර ම ගුණසිරි සිල්වා සිය face book පිටුවෙහි පළ කර තිබූ පෝස්ටුව මෙලෙසින් පළ කිරීට අපි අදහස් කළෙමු.
දශක දෙකකට පසු මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වෙනසක් සිදුවන බව පස්ගම නාථ දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ පවසයි.
මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් 'ඔන්ඩැන්සෙට්‍රොන්' (Ondansetron) නැමැති ඖෂධය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

