ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්ය සංවිධානය (WHO) විසින් ශ්රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන ව්යාපාරයේ සෞඛ්ය වෘත්තිකයන් ඇගයීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් පසුගියදා එම අමාත්යාංශයේ දී සිදු කළේ ය.
මුලතිව් දිස්ත්රික් මහ රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කඩිනම් පියවර ගන්නා බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි.
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ ස්ථාපිත කැත්ලැබ් රසායනාගාර ඒකක ප්රමාණය මෙම වර්ෂය අවසන්වීමට පෙර 26 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේ ය.
කළුතර දිස්ත්රික්කයේ ග්රාමීය සහ ප්රාදේශීය මාර්ග සංවර්ධනය සඳහා ක්රියාත්මක ප්රධානතම රාජ්ය සංවර්ධන වැඩසටහනක් වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ කළුතර දිස්ත්රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත.
මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ ප්රධානතම අභියෝගය බෝනොවන රෝගයි
පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාවයි.
විදුලිබල මණ්ඩලය ප්රතිව්යූහගත කරනු ලබන්නේම විදුලි බිල අඩු කිරීම ඉලක්ක කරගෙන බව කැබිනට් ප්රකාශක, ඇමැති, වෛද්ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඔහු මේබව කියා සිටියේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී ය.
විදුලි බිල අඩු වුණ අවස්ථා, වැඩි වුණ අවස්ථා සහ අඩු වැඩි නොකර පවත්වා ගෙන ගිය අවස්ථාවලුත් තිබුණ බව හෙතෙම කීවේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලය අරගෙන ආව පාඩුවක් තිබෙනවා. මහජන අදහස් විමසීමේ ක්රියාවලියක තමයි මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ. විදුලි බිලේ කොහොම සංශෝධනයක් කරනව ද කියන එක තාමත් මහජන උපයෝගිතා කොමිසම ප්රකාශයට පත් කරලා නැහැ. විදුලිබල මණ්ඩලයත් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මහජනතාවත් විවිධ දේ ප්රකාශයට පත් කරලා තිබෙනවා. ඒ සියල්ල මත පදනම් වෙලා විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ලබාගනීවි.
පාරිභෝගිකයන්ගේ පැත්තෙන් එන ඉල්ලීම, කර්මාන්තකරුවන්ගේ හා ආයෝජකයන්ගෙන් එන ඉල්ලීම් සියල්ල සලකා බලමින් විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමට නම්, අනිවාර්යෙන්ම ප්රතිව්යුහගතකරණයට යා යුතු වෙනවා. ඉංජිනේරුවන්ට සහ කාර්ය මණ්ඩලයට කිසිදු ප්රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ දැනටමත් සේවය කරමින් ඉන්න ඒ ඒ අංශවලට ඇතුළත් වෙන්න. එහෙම නැතුව කිසිම ප්රශ්නයක් වෙන්නේ නැහැ.”
(නුවන් කොඩිකාර)
රෝහල් පද්ධතියේ ඖෂධ ප්රශ්න ඒ ආකාරයෙන් ම අඛණ්ඩව පවතින බවත්, වත්මන් සෞඛ්ය අමාත්යවරයා යනු සෞඛ්යයේ ප්රශ්න අමතක කළ සෞඛ්ය ඇමතිවරයෙක් යැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්ය ප්රභාත් සුගතදාස පැවසී ය.
දකුණු කොරියාවේ තේගු (Daegu) නගරය කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක රාජ්ය ගෞරවලාභීන්ගේ ස්වේච්ඡා සංවිධානයේ නියෝජිත පිරිසක් සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස අතර විශේෂ හමුවක් ඊයේ (12) පෙරවරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී පැවැත්විණි.
මෙරට සෞඛ්ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්රතිකාර සේවා කාර්යක්ෂම විධිමත් කිරීම උදෙසා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ නව වැඩපිළිවළක් මේ වන විට ක්රියාත්මකව පවති.
රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

