"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟ අද (11) දහවල් 1.15ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි නිල නිවසින් ඉවත්ව හම්බන්තොට කාල්ටන් නිවස වෙත යාමට පිටත් විය.
අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (10) දිනයේ සම්මත වූ පනත හේතුවෙන් ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගිය අතර ඒ හේතුවෙන් හම්බන්තොට කාල්ටන් නිවස වෙත ගියේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.
ඒ අනුව පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඒ මහතා සවස 2ට පමණ අල්ලස් කොමිසමෙන් පිටව ගියේය.
වසර 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ ආයතනයක සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය.
ඉකුත් 2017 වසරේ අප්‍රේල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.
එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවය.
Ada derana.lk
පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් 20කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව වාර්තා වේ.
හිටපු මැතිඇමැතිවරුන් සහ නිලධාරීන් පිරිසකට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනු වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා
මේ අතර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (සැප්. 2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන වෙත දැනුම් දුන්නේ ය.
2014 වසරේ අගභාගයේදී කුරුණෑගල බිංගිරිය හා නාරම්මල ප්‍රදේශවල ගම්වතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46110ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදල් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත.
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න (බිරිඳ ), ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන අනුර සෙනෙවිරත්න නමැති සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව එසේ අධි චෝදනා ගොනුකර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව එම අධිකරණයේ විභාගයට ගැනුණු නඩු කටයුතු අවසන් කළ අතර මහාධිකරණයෙන් නොතීසි ලද පසුව එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන් සිව් දෙනාට අධිකරණයෙන් නියම විය.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.
The leader.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

