සියවස් දෙකක් තිස්සේ මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දහඩිය වගුරන මලය රටේ වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප ඉහළ දැමීමේ ආණ්ඩුවේ පොරොන්දුව ඉටුකිරීම තව දුරටත් දික් ගැස්සෙමින් පවතී.
වතු සමාගම් නියෝජනය කරන ප්‍රධාන විධායක නිළධාරින් සමග පැවැති සාකච්ඡාවකින් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා වැටුප් වැඩි කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් හාම්පුතුන් දක්වන හේතු සාධාරණය කිරීමට වෑයම් කර තිබේ.
"ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකා තේ මිල පහත වැටී ඇති බවත්, තේ සඳහා නිසි මිලක් නොලැබෙන බවත්, නිෂ්පාදනය සඳහා වැඩි මුදලක් වැය වන බවත්, කම්කරුවන් සඳහා වන අනෙකුත් සුභසාධන වැඩ පිළිවෙල සඳහා වැඩි මුදලක් වැය කරන බවත් ඔවුන් කිව්වා. වැටුප් වැඩිවීමක් ලබා දිය නොහැකි බව ඔවුන් කිව්වේ නැහැ. වැටුප් වැඩිවීමක් ලබා දීමට නොහැකි වීමට හේතු ඔවුන් පැහැදිලි කරා," යි මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්රදීප් පවසා ඇත.
වතු හාම්පුතුන්ගේ හේතු දැක්වීම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇත්තේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත ශ්‍රී ලංකාවේ සාමාන්ය ජනතාවට හානිකර බව ලෝක බැංකුව ප්‍රකාශ කළ දිනයේමය.
වත්මන් රජය විසින් පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේද දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා ඉහල නැංවීමේ යෝජනාව සඳහා එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් වතු සමාගම් නියෝජනය කරන ප්‍රධාන විධායක නිළධාරින් සමඟ සැප්තැම්බර් 9 වැනිදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ වැවිලි අමාත්යාංශයේදීය.
"ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්වයට පත් කරන ලද මූල්යමය පියවර විසින්ම ඇති කළ ඉහල වක්ර බදු හා රාජ්‍ය අංශයේ මූර්ත වැටුප් අඩුවීම පවුල්වලට අහිතකර ලෙස බලපා ඇති," බව ලෝක බැංකුව විසින් එදිනම පලකරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ අලුත්ම වාර්තාව පවසයි.
වැටුප් ගෙවීම සඳහා නිෂ්පාදනය පදනම් කරගැනීමට ආණ්ඩුව එකඟතාවය පළ කළ බව සාකච්ඡාවෙන් අනතුරුව වතු සමාගම් පැවසුවේ යැයි ජනමාධ්ය වාර්තා කර තිබේ.
"නිෂ්පාදනය පදනම් කරගත් වැටුප් වැඩිවීමකට ආණ්ඩුව එකඟතාවය පළ කළා. ඒ සඳහා සැලැස්ම ඉදිරිපත් කරන ලෙස රජය ඉල්ලා සිටියා. අපි සැලැස්ම ලබන සතියේ ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. කම්කරුවන්ට වැඩි මුදලක් උපයා ගැනීමට හැකි වන පරිදි සැලැස්මක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කරනවා."
තවත් මාසයකින් මේ සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡාවක් පැවැත්වෙන බව සදහන් කරන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්රදීප් මාධ්‍ය හමුවේදී වතු කම්කරු ජනතාවට යළිත් වරක් පොරොන්දු වී ඇත්තේ ජාතික ජන බලවේගයේ රජය පසුගිය සමයේ දිගින් දිගටම පැවසු පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවයි.
ගැසට්
ශ්රමයට සරිලන වැටුප් වැඩිකිරීමක් ඉල්ලා වසර ගණනාවක් තිස්සේ සිදු කළ අරගලයේ ප්රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේය.
දෛනික අවම ගෙවීම රුපියල් 1,350ක් ලෙස ද එලදායිතාව මත පදනම් වූ දිරි දීමනාව ලෙස රුපියල් 350ක් ද කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් 2024 වසරේ අගෝස්තු 13 වැනිදා දා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුනි.
ජාතික ජන බලවේග රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 වර්ෂය සදහා වන අයවැය යෝජනාව මගින් වතු කම්කරුවන්ගේ යෝජිත රුපියල් 1,700ක දෛනික වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ නිකුත් කළ ඉහත ගැසට් නිවේදනය හෝ අනුර ජනාධිපතිවරයාගේ පොරොන්දුව ද වතු කම්කරුවන් වෙනුවෙන් මේ තාක් ක්රියාවට නැංවීමට ආණ්ඩුව අසමත්ව තිබේ. වතු වෘත්තීය සමිති පෙන්වා දෙන පරිදි අවුරුදු කීපයකට ඉහතදී ප්රමාණවත්වූ රුපියල් 1700ක දෛනික වැටුප ද අද පවත්නා ආර්ථික තත්වය හමුවේ නොසෑහෙයි.
The leader.lk
*දිසා අධිකරණ තීන්දුවට එරෙහිව ලේක් හවුස් එක ශ්රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය නිශ්ප්රභා වෙයි…
*කොළඹ දිසා අධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි!
දීර්ඝ කාලයක් තිස්සේ පුළුල් ලෙස විමර්ශනය වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පැමිණි නඩුවක තීන්දුව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්ර සමාගමට (ලේක්හවුස්) ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවීමට නියම කළ කොළඹ දිසා අධිකරණ නියෝගය අද (14) තහවුරු කළේය.
ඒ අනුව ලේක් හවුස් ආයතනයට හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක් හෙවත් කෝටි 50ක මුදලක් වන්දි ලෙස ගෙවීමට තීන්දු වී තිබේ.
නඩුවට අදාල නිමිත්ත වාර්තා වන්නේ 2007 වසරේ දී ය. එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ව සිටි විජේදාස රාජපක්ෂ 2007 වසරේ නොවැම්බර් මස ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මාරු වුනේය. ඉන් පසු සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්ර සමාගම (ලේක් හවුස්) මගින් මුද්රණය කොට බෙදා හරින ලද සිළුමිණ පුවත්පතේ පිටු දෙකක් පුරාවට ඔහු සම්බන්ධව ලිපියක් පළ කර තිබිණි.
එම ලිපිය ද්වේශසහගත සහ අපහාසාත්මක ප්රකාශවලින් සමන්විත සාවද්‍ය ලියැවිල්ලක් බවත්, ඉන් තමන්ට සිදුවු අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ගෙවිය යුතු බවටත් අයැද එක්සත් ප්‍රවෘත්ති පත්ර සමාගමටත් එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා වූ කරුණාදාස සූරියආරච්චිටත් එරෙහිව විජේදාස රාජපක්ෂ 2009 වසරේ දී කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.
නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය පැමිණිළිකරු අයැද සිටි අලාහ මුදල ගෙවන ලෙසට 2013 ජුලි මස 05 වන දින දී තීන්දු කළේය. එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්ර සමාගම කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අධිකරණය විසින් එම අභියාචනය 2019 මැයි මස 30 වන දින දී නිශ්ප්රභා කරන ලදී.
අනතුරුව එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්ර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවේය. එම අභියාචනය පිළිබඳව දීර්ඝ විමර්ශනයකින් පසුව ඊයේ දින එනම් 2025 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එකී අභියාචනය නිෂ්ප්රභා කළේය.
ඒ අනුව කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙසට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්ර සමාගමට එරෙහිව ඇතුළත් කරන ලද තීන්දුව අද බලාත්මක වුනේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ සෝහිත රාජකරුණා ඉදිරියේදී එම අභියාචනය විභාගයට ගන්නා ලද අතර පැමිණිලිකාර විජයදාස රාජපක්ෂ වෙනුවෙන් ජ්යෙෂඨ උපදේශන නීතීඥ ජී. ජී. අරුල් ප්රගාසම් ගේ උපදෙස් මත නීතීඥ සජාන ද සොයිසා, රන්ධිවරී අරන්ගල සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පෙනී සිටියේය.
එක්සත් ප්‍රවෘත්ති පත්ර සමාගම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාය.
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේදී උද්ඝෝශණයේ නිරත වෙමින් මාර්ග අවහිර කලේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිි විමල් වීරවංශ ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 10 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (01) නියෝග කළේය.
වියට්නාමයේ, ණය තොරතුරු ඇතුළත් සුවිසල් දත්ත සංචිතයක් සයිබර් ප්‍රහාරයකට ලක් වේ.
එරට සයිබර් ආරක්ෂණ ඒජන්සිය ප්‍රහාරයේ හානිය තක්සේරු කරමින් සිටී.
වියට්නාම රාජ්‍ය බැංකුවේ කළමනාකාරීත්වය යටතේ පවතින ජාතික ණය තොරතුරු මධ්‍යස්ථානය එම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබේ. එහි, පුද්ගලික සහ ණය තොරතුරු, ණය අනතුරු විශ්ලේෂණ, සහ ක්‍රෙඩිට් කාර්ඩ් පත් තොරතුරු ඇතුළු සංවේදී දත්ත රැසක් අන්තර්ගතය.
පුද්ගලික දත්ත සොරා ගැනීමේ අරමුණින් එම ප්‍රහාරය සිදු කර ඇතැයි, මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

'ෂයිනි හන්ටර්ස්' (Shiny Hunters) නම් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි, සැක කෙරේ. ඔවුන්, මීට පෙර, ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඛන්ටාස් සංචිත ඉලක්ක කර සයිබර් ප්‍රහාර සිදු කරන ලද හැකරුන් පිරිසකි. සයිබර් ප්‍රහාරය හේතුවෙන් කිසිදු පද්ධති බිඳ වැටීමක් සිදු වී නැතැයි, වියට්නාම සයිබර් ආරක්ෂණ ඒජන්සිය කියයි. ණය තොරතුරු සේවාව පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.
සයිබර් ප්‍රහාරය කෙතරම් ගිණුම් සංඛ්‍යාවකට බලපා ඇත්දැයි අනාවරණය වී නැත.
වියට්නාමයේ දත්ත සංචිත රහස්‍යභාවය බිඳ වැටීම් හේතුවෙන් දත්ත කාන්දුවීම් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි, එරට හමුදා පාලනය යටතේ පවතින වියට්ටෙල් (Viettel) විදුලි සංදේශ සමාගම පවසයි.
මේ වන විට, එහි ගිණුම් මිලියන 14.5ක දත්ත කාන්දු වී ඇතැයි වාර්තා වේ. එය, ඒ පිලිබඳ සමස්ත ගෝලීය ප්‍රතිශතයෙන් 12%ක අනුපාතයකි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/12/2025
මුලාශ්‍රය :
Vietnam investigates cyberattack on creditors data
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි රහිත කාලගුණයක් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල දක්නට ලැබේ.
අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග කුමන්ත්‍රණය කළේ යැයි කියන හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අද අත්අඩංගුවට ගැනිණි.
කිරිඉබ්බන්වැව, මහවැලි අධිකාරියට අයත් ඉඩමේ පැවති දේපල ගිනිබත් කිරීමෙන් සිදුවූ අගතියට රුපියල් 885000ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ විමර්ශනයේ දෙවන සැකකාරිය වන අතිරේක ලේකම්වරිය රාජපක්ෂ මහතාට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්වූ සැකකාර රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නම් කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජපානයේ පැවති තේ ප්‍රදර්ශනයකදී ලංකාවට නොබෙල් ත්‍යාගය හිමි වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.
ලංකාවේ තේ කිලෝවක් ඩොලර් අටසිය ගණනකට ලංකාවේ රුපියල් වලින් නම් දෙලක්‍ෂ හැත්තෑ පන්දහසක වැනි මිලකට අලෙවි වූ බවද හෙතෙම කියා සිටී.
එය ගිනස් වාර්තාවක් බවද ඔහු සඳහන් කළේය.
අදටත් ශ්‍රී ලංකාවේ තේ වලදීම් තියෙන ගුණාත්මක භාවය පවතින බවද ඔහු සඳහන් කළේය.
එනිසා ඉල්ලුමට සරිලන සරිලන ගුණාත්මක තේ නිෂ්පාදනයක් සැපයීම අභියෝගයක් ලෙස භාර ගන්නා බවද කියා සිටියේය.
කොළඹදී පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු මින් පෙර අවස්ථා කිහිපයකදී නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වී තිබුණද කිසිදු අවස්ථාවක එය දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ ද නැත.
නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ වඩාත්ම කීර්තිමත් සම්මානයක් වන අතර, එය මානව වර්ගයාට විශාල ප්‍රතිලාභ ලබා දුන් පුද්ගලයන්ට සහ සංවිධානවලට වාර්ෂිකව පිරිනැමේ.
මෙම ත්‍යාගය ස්වීඩන් ජාතික නව නිපැයුම්කරුවෙකු, රසායන විද්‍යාඥයෙකු, ඉංජිනේරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් ඔහුගේ අවසන් කැමැත්ත මගින් ස්ථාපිත කරන ලදී. ඩයිනමයිට් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධය.
පළමු නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබුවේ 1901 වර්ෂයේදීය.
ත්‍යාගලාභියෙකුට රන් ආලේපිත පදක්කමක්, සහතික පත්‍රයක් සහ සැලකිය යුතු මුදල් ත්‍යාගයක් හිමිවේ. ත්‍යාග මුදල නොබෙල් පදනමේ ආදායම මත වෙනස් වේ.
සෑම වසරකම දෙසැම්බර් 10 වන දින, ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභාවයෙන් සංවත්සරය දින, සම්මාන ප්‍රදානෝත්සවය පවත්වනු ලැබේ.
එක් ත්‍යාගයක් සඳහා උපරිම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුට පමණක් බෙදා දිය හැකිය.
සාම ත්‍යාගය හැර අනෙකුත් ත්‍යාග පුද්ගලයන්ට පමණක් පිරිනැමේ. සාම ත්‍යාගය සංවිධානයකට ද පිරිනැමිය හැකිය.
සාමාන්‍යයෙන් මරණයෙන් පසු ත්‍යාග පිරිනැමීම සිදු නොකරයි. ත්‍යාගය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී පුද්ගලයා ජීවතුන් අතර සිටිය යුතුය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 23වන ජාතික සම්මේලනය තලාහේන ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයේ දී පසුගිය දා පැවැත්විණි.
අධිකරණ සේවාවවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය
ඩිජිටල්කරණ කටයුතු වේගවත් කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් අධිකරණ e court ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර ගේ සහභාගිත්වයෙන් ඊයේ (12) කොළඹ 12, අධිකරණ මාවත, අංක 80, විනිසුරු පුහුණු ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කෙරේ
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කිරීම සහ නවීකරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවිය විවෘත කිරීම අග්‍රවිනිශ්චයකාර ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා යන අය අතින් සිදු කෙරුණහ.
ඩිජිටල්කරණ වැඩසටහනෙහි අරමුණ වූයේ අධිකරණ කාර්යල තුළ සිදුවන දුෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම සහ අධිකරණයට පැමිණෙන ජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුකම සැපයීම ය.

සියලු අධිකරණ කටයුතු ඩිජිටල්කරණයට
පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන්පසුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා මහෙස්ත්‍රාත් අධිකරණ සහ සෙසු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතව තිබේ.
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබද ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසුරිය මෙහි ප්‍රධාන දේශනය පැවැත්වී ය.
අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම් අධිකරණ පද්ධතියට හඳුන්වාදීම පසුගියදා සිදු වූ අතර, ඒ යටතේ කොළඹ අවට අධිකරණ කිහිපයක් සඳහා ගෙවීම් යන්ත්‍ර බෙදාදීම ද මෙහි දී සිදු කෙරිණ.

නීතිපති, ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, මහින්ද සමයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර් අරවින්ද ගුණරත්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ, රජිව් අමරසූරිය, මහජන බැංකුවේ සභාපති ආචාර්ය නාරද ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතුරු තාක්ෂණ රෙජිස්ටාර් අචින්තනාත් වැලිදෙණිය යන පිරිස ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්, දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්, අධිකරණ රෙජිස්ටාර්වරුන් හා අධිකරණ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

The leader.lk
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර ඇති 2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතෙහි පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබා දීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයට බැහැරව නිෂ්පාදන ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම සහ තවත් චෝදනා කිහිපයක් යටතේ දකුණු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වූ ෂාන් විජයලාල් ද සිල්වා අද (10) දින අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
සංචාරක ව්‍යාපාරය පවතින්නේ රාජ්‍ය අංශය සතුව නොව පෞද්ගලික අංශය සතුව බවත්, රජය කළ යුත්තේ ඒ සඳහා නියාමනයක් පැනවීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හාල් ලබා දී වී අලෙවි මණ්ඩල ගබඩාවලින් වී ගෙන යා හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
එහි දී තමන්ට සහල් කිලෝවක් සාධාරණ මිලකට ලබා දිය යුතු බවත් සතොසට ගබඩාවල සිට සිල්ලර වෙළඳසැල් සඳහා සහල් කිලෝවක් ගෙන යෑමට රු.06කට අධික මුදලක් වැය වන බවත් ඔහු පෙන්වා දෙයි.
සතොස කරන්නේ ව්‍යාපාරයක් මිස සුභසාධන වැඩක් නොවන බවත් එය කළ යුත්තේ තරඟකාරී වෙළඳපොළ සමග බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
මහ පරිමාණ මොල් හිමියන් සහල් වෙළඳපොළ තුළ ජාවාරමක් සිදුකරන බවත් ඊට එරෙහිව රජය ක්‍රියාත්මක වන විට එය කඩාකප්පල් කිරීමට කරන උත්සාහයට ඉඩ නොදෙන බවත් ඇමති වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රජයේ සහල් ලබා ගැනීමට නොහැකි වන ආකාරයට කොන්දේසි පනවා ඇති බවට නැගෙන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව කීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිස් ටැංකියක හටගත් ගින්න දැඩි පරිශ්‍රමයකින් පසු මේ වන විට මැඩ පවත්වා තිබේ.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේ, අදාළ ටැංකිය අලුත් වැඩියා කරමින් සිටින අවස්ථාවේ ඊයේ(10) පස්වරුවේ ගින්න හටගත් බවයි.
ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 11කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුණ අතර යුධ සහ ගුවන් හමුදා මෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ද එම ස්ථානයට කැඳවා ගින්න මැඩපවත්වා ඇත්තේ අද(11) අළුයම් කාලයේදියි.
ගින්න හේතුවෙන්, තෙල් බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය, මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ය.
මෙට්‍රික් ටොන් 40000ක ධාරිතාවකින් යුක්ත හිස් ඉන්ධන ටැංකියක මෙම ගින්න හටගෙන තිබුණි.
එම හිස් ටැංකිය වසර කිහිපයක සිට භාවිතයට ගෙන නොමැති අතර එය යළි භාවිතයට ගැනීම සඳහා අළුත්වැඩියා කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ගින්න හටගෙන තිබුණි.
අළුත්වැඩියා කටයුතු කරමින් සිටියදී ඇති වූ ගිනි පුපුරු ගින්න හට ගැනීමට හේතුවන්නට ඇතැයි සැක පල කෙරේ.
newsfirst.lk
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යමින් සිටියදී පෙරවරු 8.30ට පමණ එම දැනුම්දීම ලැබුන බව සමන් ඒකනායක හිටපු ජනාධිපති ලේකම් වරයා පැවසිය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි.
සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
මෙම විමර්ශන හා අධිකරණ ක්‍රියාවලිය සියලුම රාජ්‍ය නිලධාරීන්ට අනාගතයේදී තම බෙල්ල බේරා ගැනීම සඳහා වැදගත් විය හැකි බට කිර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවේ දීර්ග සටහනක් පළකර තිබිණ.
සබැඳි ලිපියක් :
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට මොනවා වෙයි ද ?
උපුටා ගැනිිම-The leader.lk
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කරනු ලැබ ඇත.
හිටපු බුද්ධි අංශ නිලධාරියකු වන සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දප්පුල ද ලිවේරා ගේ කුමන්ත්‍රණයක් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පවසයි.
අමෙරිකානු හමුදා භට නිල ගුවන් යානා දෙකක් ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසාර කිරීමට කර තිබූ ඉල්ලීම එරට විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, නාලක කලුවැව පවසයි.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කර තිබේ.
ශ්‍රී ලංකා-ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමාරම්භක රැස්වීම කැඳවමින් ප්‍රසිද්ධ කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවත්, එය වැරදීමකින් නිකුත් කළ ලිපියක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.
සැප්තැම්බර් 4 දිනැති පළමු නිවේදනයේ, යෝජිත සංගමයට ලියාපදිංචි වී සැප්තැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගී වන ලෙස මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සංගමයට බැඳෙන ලෙස කැඳවීමේ නිවේදනය ‘දෝෂයක් සහ අතපසුවීමක් හේතුවෙන් නිකුත් කරන ලද බවත්, එම රැස්වීම අවලංගු කරන ලෙස අදාළ සියලුම පිරිස්වලට ලිඛිතව දැනුම් දී ඇති බවත් සුජීව සේනසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
“ප්‍රමාද දෝශයකින් සහ අත්වැරදීමකින් මා විසින් කැදවූ, ඊශ්‍රායල් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, මේ වන විට ලිඛිතව අවලංගු කරන ලෙස, මා විසින් අදාළ සියලුම පාර්ශව දැනුවත් කර ඇත! සිදු වූ අත් වැරදීමට මාගේ දැඩි කනගාටුව ප්‍රකාශ කරමි!” යනුවෙන් මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ නිවේදනය කර ඇත.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි අද (සැප්තැම්බර් 12 වැනි දින) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සමාරම්භක රැස්වීමට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින ඊශ්‍රායල් තානාපතිවරයා මේවනවිට ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ සිටියි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සිය ඉඇල්ල අස්වීම දැනුම් දෙමින් ෆේස්බුක් සටහන පළකර ඇත්තේ සිය පක්ෂයේ අභ්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් බව වාර්තාවේ.
The leader.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

