#News tube

  • බදු නොගෙවූ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි

    සිය නිවෙස්නයකට අදාළව නියමිති පරිදි බදු නොගෙවීම හේතුවෙන්, එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ජෙලා රේනර් ඊයේ (5) සිය ධුරයෙන් ඉල්ලා අස් වූවා ය.

    ඇන්ජෙලා රේනර් එක්සත් රාජධානියේ, නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය මෙන්ම කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ද හෙබවූවා ය. ඇය එම තනතුරුවලින් ද ඉල්ලා අස්වී තිබේ.

    බ්‍රිතාන්‍යයේ හෝව් හි පිහිටි ඇයට අයත් තට්ටු නිවාසකට අදාළ නියමිත බදු මුදල් නොගෙවීම හේතුවෙන් ඇය මෙලෙස සිය ධුරවලින් ඉල්ලා අස්වූවා ය.

    රේනර් බ්‍රිතාන්‍ය පවුම් 800,000ක මුදලක් ගෙවමින් අදාළ තට්ටු නිවාසය මිලදී ගෙන ඇති නමුත්, අදාළ අවස්ථාවේ දී ඊට නියමිතව තිබූ මුද්දර ගාස්තු නිසි ලෙස නොගෙවීම මීට මූලික වශයෙන් හේතු වී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ, ආචාර ධර්ම කටයුතු පිළිබඳ උපදේශක සර් ලෝරී මැග්නස්ගේ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඇන්ජෙලා රේනර් අවංක චේතනාවෙන් කටයුතු කර ඇති නමුත් ඇය අමාත්‍යවරුන්ට අදාළ ආචාර ධර්ම සංග්‍රහය කඩ කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සර් ලෝරී මැග්නස් පැවැසීය.

    තට්ටු නිවාසය මිලදී ගැනීමේදී හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය නෛතික උපදෙස් ලබාගෙන තිබුණ ද, ඇය බදු සම්බන්ධයෙන් ප්‍රමාණවත් උපදෙස් ගෙන නැතැයි ද ඔහු කීවේ ය.

    සිය ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ඇන්ජෙලා රේනර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීත් ස්ටාමර් ට ලිපියක් යවා ඇති අතර, අදාළ දේපළ මිලදී ගැනීමේ දී “ඉහළ තත්ත්ව” පවත්වාගැනීමට නොහැකි වූ බව සඳහන් කර ඇත.

    “නිවාස කටයුතු අමාත්‍යවරයා ලෙසත්, මගේ පවුලේ කටයුතුවල තිබෙන සංකීර්ණ තත්ත්වත් සැලකිල්ලට ගනිමින්, ප්‍රමාණයවත් පරිදි බදු පිළිබඳ විශේෂඥයන්ගේ අදහස් නොගැනීම සම්බන්ධයෙන් මගේ කනගාටුව සහ කනස්සල් පළ කරනවා” යැයි ලිපියේ සඳහන් කර ඇත.

    “මේ දෝෂයට අදාළ සම්පූර්ණ වගකීම්” බාරගන්නවා යැයි ද සඳහන් කර තිබෙන අය නිසි මුදල ගෙවීම හැරුණු කොට වෙනත් යමක් කරන්නට අපේක්ෂා නොකළ බව ද සිය ලිපිය මඟින් අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.


    මුලාශ්‍ර :

    Angela Rayner resigns over tax as UK deputy PM in damaging blow to Keir Starmer

    UK deputy prime minister resigns over property taxes

    David Lammy appointed UK Deputy PM as Starmer reshuffles Cabinet after Rayner’s exit

  • බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

    බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

  • බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක සිර දඩුවම්

    බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 ක සිර දඩුවම් නියමකර තිබේ.

    ඒ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු විම හේතුවෙන් ය.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2022 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජවීමෙන් පසුව බලයේ රැදි සිටිම සඳහා හමුදා කුමන්ත්‍රනයක් සැලසුම් කර ඇති බවට ඔහුට එල්ල වු චෝදනා තහවුරු වීම හේතුවෙන් සිර දඩුවම් නියම වු බවයි.


    පස් දෙනෙකුගෙන් සමන්විත බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ 4 දෙනෙකු ඔහු වරදකරු බවට තීරණය කළේ ය.


    2022 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ජයග්‍රණය කළ අතර එම ජයග්‍රහණයට පෙර සිටම බොල්සොනාරෝ ඡන්ද පද්ධතියේ විශ්වාසය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි.

    ඉන් අනතුරුව ජෙයාර් බොල්සොනාරෝ සහ ඔහුගේ හිටපු අමාත්‍යවරුන් සහ සහායකයින් 36 දෙනෙකු බ්‍රසිලයපුරා ඡන්ද ප්‍රතිඵලවලට විරෝධය පළ කරමින් විවිධ ක්‍රියාකාරකම් සිදු කළේ ය.


    2023 ජනවාරි 8 වැනිදා එම විරෝධාතාවල උච්චතම අවස්ථාව වාර්තා වුණ අතර එදින බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස්ගණනක් එරට ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ ක්‍රෝංග්‍රස් මන්දිරයට කඩා වැදී ප්‍රචන්ඩ ලෙස හැසිරි තිබේ.


    බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදිව තේරිපත් වූ රාජ්‍ය නායකයකුට කුමන්ත්‍රන චෝදනා යටතේ මෙවැනි දඬුවමක් දුන් පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
    මේ අතර එම ජෙයාර් බොල්සොනාරෝගේ තීන්දුව සම්බන්ධයේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.


    ඔහු සඳහන් කළේ, ජෙයර් බොල්සොනාරෝට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමා පුදුම වන බවයි.


    බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු බ්‍රසිල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිරගත කිරීමට අසාධාරණ ලෙස තීන්දු කර ඇති බවත් එම තීන්දුව සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි ප්‍රතිචාර දක්වන බවටත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද තර්ජනය කර තිබේ.

     

    Newsfirst.lk

     

  • බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

    අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ මස්සිනා ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු ඊයේ පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන තිබේ

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මහත එහි ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතා විසින් සිදුකරනු ලබයි.

  • බීඩි කොළ, විදේශීය දුම්වැටි සහ නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු භාරයට

    බීඩී කොළ, විදේශීය දුම්වැටි සහ නීතිවිරෝධී කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හලාවත, තොඩුවාව ප්‍රදේශයේදී වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

  • බේරේ වැව ආශ්‍රිතව කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන් ඇරඹෙයි

    බේරේ වැව ජලතර ගුවන් තොටුපලක් (water Aerodrome ) ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද (03) දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ‍අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ආරම්භ කරණු ලැබේ.



    වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ- කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබේ. කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව හට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමඟ උදා වනු ඇත.




    වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ‍ අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න ඇතුළු පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමන ක්‍රියාත්මක කරන ලදී. එහි ප්‍රධාන ගුවන් නියමු ලෙස කපිතාන් ඉන්දික ප්‍රේමදාස සහ සහයක නියමු ලෙස ඉසුරු මුණසිංහ සහභාගි විය.

    water4


    “අපි ආණ්ඩුවක් විදියට දේශීය ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වනවා. Cinnamon Air වගේ සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා පලාලි වගේ ගුවන් තො‍ටුපොල වලටත් දේශී ය ගුවන් වාර ආරම්භ කරන්න එන්න කියලා. අපි ආණ්ඩුවක් වශයෙන් ඔබට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට බැදී සිටිනවා” යැයි අමාත්‍ය බිමල් රත්නායක පවසා සිටින ලදී.


    සිනමන් ගුවන් සමාගම : ජෝන් කීල්ස් සමූහයට අනුබද්ධිත ආයතනයක්


    2011/2012 වර්ෂ වල ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද ජලතර ගුවන්‍ ආරම්භ කරනු ලැබු අතර එවකට පැවති දැඩි ආරක්ෂක නියාමනයන් සහ දුෂ්කරතා හේතුවෙන් එම ‍ සේවාව අත් සිටවනු ලැබ ඇත. නව රජය පත් වීමත් සමඟම දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සහ නීතී රීතී ලිහිල් කිරීම මත එම සේවාව සැපයීමට සුදුසු පරිසරයක් නිරිමාණය වී ඇති බැවින් සිනමන් ගුවන් ‍ සේවය මෙම සේවාවන්‍ නැවත ආරම්භ කිරීම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මහත් රුකුලක් වනු ඇත.

    ජෝන් කීල්ස් සමූහයට අනුබද්ධිත ආයතනයක් වන සිනමන් ගුවන් සමාගම මේ වන විට නුවර, මඩකලපුව, සීගිරිය, කොග්ගල, වීරවිල, හැටන්, ත්‍රිකුණාමලය ආදී දේශීය සංචාරක ගමනාන්ත 10 ක් වෙත ගුවන් ගමන් සිදු කරනු ලබන අතර එමඟින් සංචාරක ක්ෂේත්‍රයට මහඟු අත් වැලක් සපයනු ලැබේ.


    මෙම බේරේ වැව ආශ්‍රීත ජලතර ගුවන් තොටුපලට අමතරව නුදුරේදීම කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ජලතර ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදු කරමින් පසු වන බවද, කොළඹ නගරය සඳහා නව හෙලිකොප්ටර් නැවතුම් අංගන දෙකක් හදුන්වා දීම සඳහාද කටයුතු කරමින් පවතින බව ද මේ වන විට ජලතර ගුවන් තොටුපල 22 ක් නිසි පරීක්ෂා කිරීම් වලින් පසුව මෙහෙයුම් සඳහා අනුමත කර ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ‍අධිකාරිය පවසයි.

     



    ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන් සේවා ‍ අමාත්‍ය බිමල් රත්නායක , වරාය සහ ගුවන් සේවා ‍ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු යන අයගේ මඟපෙන්වීම යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන අයගේ මෙහෙයවීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසාය දිරි ගන්වමින් සංචාරක ව්‍යාපාරයට මුල්තැන දෙන අභ්‍යන්තර ගුවන් සේවා ‍ සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙලක් සිවිල් ගුවන් සේවා ‍ අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇත.

    මේ සඳහා සංචාරක අමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ සංචාරක අමාත්‍යාංශය ද ආරක්ෂක ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය ද ඉහත ක්‍රියාවලිය සඳහා සිය සක්‍රීය දායකත්වය එක් කර තිබීම හේතුවෙන් මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට දායක වුණු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අදහසයි.

    මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක , වරාය සහ ගුවන් සේවා ‍ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු , සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ , ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් ( විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා , ශ්‍රී ලංකා සිවිල් ගුවන් ‍ සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න , ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ‍ අධිකාරියේ අධ්‍යක්‍ෂ ( ගගන යාත්‍රාංගන) රංගන සමන්ප්‍රිය , ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් වැවිලි සහ ප්‍රවාහන සමුහයේ සභාපති සාපීර් හසීම් , සිනමන් ගුවන් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ශෝන් ඩිවයිට් ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය.

    water1water2water3water5

  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නීති විරෝධී දේපළ ක්‍රියා විරහිත කරයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කර තිබේ.

  • මත්පැන් අලෙවිය සහ මිලදී ගැනීමට කාන්තාවට තිබූ තහනම ඉවත් කළේ මංගල - රන්දුලා ද සිල්වා

    මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ 1955 වසරේ අනුමත කර තිබූ කාන්තාවන්ට මත් පැන් මිලදී ගැනීම,

    මත්පැන් අලෙවිසලක සේවය කිරීම යනාදි කරුණු ඇතුළත් පනත අහෝසි කර කාන්තාවන්ට එම අයිතිවාසිකම් ලබා දිමට කටයුතු කළ බව සමාජ ක්‍රියාකාරිනී රන්දුලා ද සිල්වා පැවසුවා ය.

    ඇය මෙම අදහස් පළ කළේ 'රැඩිකල් මැද (Radical Center) සංවිධානය හා The Garage ආයතනය විසින් පසු ගිය පස්වන දින 'තුන්මන් හන්දිය' හි සංවිධානය කර තිබු සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.

    මෙම සාකච්ඡාවට සහභාගි වූ මහාචාර්ය රොහාන් සමරජිව පැවසුවේ 2015 වසර වන විට පැවති කිසියම් ගැටලුකාරි තත්ත්වයක් මංගල සමරවීර අමාත්‍යවරයා විසින් වළක්වා ලු බවයි.

    එනම්, ඒ වන විට නිල වශයෙන් තහනම් ක තිබූ ඇතැම් දේවල් නිල නොවන මට්ටමින් සිදු කිරීමේ තත්ත්වයක් පැවති බවයි. මංගල සමරවීර එම තත්ත්වය සපුරා ම වෙනස් කළ බව හෙතෙම පැවසී ය.


    The leader.lk

  • මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ - නාමල් රාජපක්ෂ

    පාස්කු ඉරු දින ප්‍රහාරයේ මරාගෙන මැරුණ බෝම්බකරුගේ පියා ජවිපෙ ජාතික ලයිස්තුවේ බව කිසිවකු කතා කරන්නේ නැතැයි යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • මහරගම අපේක්ෂා රෝහලේ විකීරණ ප්‍රතිකාර සේවා අඩාල වෙයි

     මහරගම අපේක්ෂා රෝහලේ විකීරණ ප්‍රතිකාර සේවා අඩාලවී තිබේ.

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි  සඳහන් කළේ, වායු සමීකරණ පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් විකීරණ ප්‍රතිකාර යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බවයි.

    අක්‍රිය වූ වායු සමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරි දින දෙක ඇතුලත විකිරණ ප්‍රතිකාර සේවා යලි ආරම්භ කල හැකි බවයි.

    විකිරණ ප්‍රතිකාර සේවා අඩාලවීම හේතුවෙන් අපේක්ෂා රෝහලේ රෝගීන් රැසක් මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටියි.

  • මහින්දගෙන් රනිල්ට දකුණේ කිරි පැණි

    එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති, රනිල් වික්‍රමසිංහ වෙත මීකිරි හට්ටි රැසක් සහ පැණි මුල් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ විසින් ලබා දී තිබෙනවා.

    රනිල් වික්‍රමසිංහ පසුගිය දා මහින්ද රාජපක්ෂ ගේ සුව දුක් විමසීමට තංගල්‍ල කාල්ටන් නිවසට ගිය අවස්ථාවේදී මෙම කිරි හට්ටි සහ පැණි මුල් ලබා දී තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

    රනිල් හා මහින්ද ටික වේලාවක් කතාබහ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහට දිවා ආහාරය ලබාගන්නා ලෙසට ආරාධනා කර ඇති අතර ගමේ ක්‍රමයට දිවා ආහාරය සකසා තිබූ බවද වාර්තා වනවා.

    දිවා ආහාරය ලබා ගන්නා වේලාවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා කොට තිබෙනවා.

    විශේෂයෙන්ම නොවැම්බර් මාසයේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එක්ව සංවිධානය කරන විරෝධතා මාලාව පිළිබඳවත් ඒ සඳහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම අවශ්‍ය බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කොට තිබෙනවා.

    ඊට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් නාමල් සහ සාගර කාරියවසම් දැනුවත් කොට අවශ්‍යය සහාය ලබාදීමට කටයුතු කරන බවයි.

    දිවා දිවා ආහාරයෙන් අනතුරුව මීකිරි සහ පැණි අතුරුපස වශයෙන් ආහාරයට ගෙන තිබෙනවා.

    ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් "මෙන්න ගමේ හොඳ මී කිරි" කියමින් මී කිරි හට්ටි රැසක් හා පැණි මුල් රනිල්ට ලබා දී තිබෙනවා.

    රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරීන් ඉතා පරිස්සමට මෙම මී කිරි හට්ටි සහ පැණි මුල් කොළඹට රැගෙනා බවයි දැනගන්නට ලැබෙන්නේ.

  • මහින්දගේ ආරක්ෂාවට වෙඩි නොවදින රථ ලබාදීමට රටවල් තුනක් ඉදිරිපත් වෙයි !

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිල රථ සහ සෙබළුන්ට ගමන් කිරීමට තිබූ වාහන ඉවත් කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අවශ්‍ය වෙඩි නොවදින රථ සැපයීමට ප්‍රධාන පෙලේ රටවල් තුනක් විමසීම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ආරංචි මාර්ග සඳහන් කරයි.

    අදාළ තානාපති කාර්යාල තුන ඒ සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ දැනටමත් මූලික අදහස් හුවමාරුවක් කරගෙන ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

    ඉන්දියාවේ සහ ලංකාවේ රාජ්‍ය නායකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසකට කොටි සංවිධානයෙන් එල්ල වූ අතීත තර්ජන සහ සිදු කළ ඝාතන සැලකිල්ලට ගෙන මේ සම්බන්ධව රජයේ අවසරය ඇතිව ආරක්ෂක රථ සැපයිය හැකි බව අදාළ රටවල් දැනුම් දී ඇතැයි සඳහන්ය.

    (විශේෂ වාර්තාකරුවකු විසිනි)

  • මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් අත්අඩංගුවට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි ව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන වත්කම් විමර්ශනයකට අදාළව සහය නොදීමේ චෝදනාව යටතේ ය.

    ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.

    අයථා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ද කැදවා තිබිණ.

  • මැදපෙරදිග යුද්ධය ගැන රුසියාව UN ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

    මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.

  • මිරිහාන ජාත්‍යන්තර පාසලක දරුවකු පිහිනුම් තටාකයට බිලි

    මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 5 හැවිරිදි දරුවකු පිහිනුම් පුහුණුවකට යොමු කර සිටියදී දියේ ගිලී මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 5යි මාස 2ක් වයසැති පිරිමි දරුවකු බව පොලිසිය සඳහන් කළේය.

    මෙම දරුවා මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලකට අලුතින් ඇතුළත් කර ඇති අතර එම පාසලේ සිසුන් 30 දෙනකු පමණ ගුරුවරුන් විසින් ඊයේ (08 වැනිදා) ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි පිහිනුම් තටාකයකට රැගෙන ගොස් ඇත. අනතුරුව එම පිහිනුම් තටාකයට යොමුකර සිටි දරුවකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

    මේ අතර මෙම දරුවා පිහිනුම් සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති දරුවකු බවද ඊයේ (08 වැනිදා) පිහිනුම් තටාකයට දරුවන් යොමු කර ඇත්තේ නිත්‍ය පුහුණුකරු නොවන බවද පැවසේ.

    ( aruna - එෆ්. අස්ලම්)

  • මොන්තා සුළි කුණාටුව හමුවේ ඉන්දියාව සීරුවෙන්

    මොන්තා (Montha) සුළි කුණාටුව හමුවේ, ඉන්දියාව අද (27), 50,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගත්තේය. බෙංගාල බොක්කට ඉහළින් සක්‍රීය වෙමින් පවතින එය, දැඩි සුළං ප්‍රවාහ සහ තද වැසිවලින් සමන්විතව පතිත වීමේ අපේක්ෂාවෙන් පසුවේ.

  • මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට

    මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


  • යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (15) දින 16ක් ගතවී තිබේ.

  • යුද ගිනි මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගය සඳහා ක්‍රීඩා කරන ඉරාක කණ්ඩායම පෞද්ගලික ගුවන් යානයකින් මෙක්සිකෝව බලා පිටත්ව යාමට තීරණය කර තිබේ.

  • යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක්

    පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න