#newstube

  • වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සහාය පළ කරයි

    සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බරපතළ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම අසමත්ව ඇති බවත්: ඖෂධ හිඟය, උපකරණ හිඟය, රෝහල් පහසුකම් සපයාදීමට රජය වෙත සිදුකළ ඉල්ලීම් රැසක් කළ කළ ද ‍වෛද්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡා පැවැත්වීම හෝ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇහුම්කම්දිමක් හෝ අමාත්‍යාංශ පාර්ශවයෙන් සිදු නොවුණ බව ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

  • වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මිනිත්තුවකටත් අඩු කාලයක දී මවක ගේ සහ නොමේරූ බිළිඳෙකු ගේ ජීවිත බේරා ගනී

    වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්, මිනිත්තුවකටත් අඩු කාලයක දී සිදු කළ හදිසි සිසේරියන් සැත්කමක් මගින් මවක ගේ සහ නොමේරූ බිළිඳකු ගේ ජීවිත බේරාගෙන ඇත.

  • වෛද්‍ය සමන් වීරසිංහට රුසියා ජනාධිපති ගෙන් ඉහළම සම්මානයක්

    රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා හිටපු  තානාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් "මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන්" පිදුම් ලැබුවේය.

  • වෛද්‍යවරු 23,000ක් සෞඛ්‍ය කඳවුරු වෙත යොමු කර තිබෙනවා - GMOA

    සිදුවූ ව්‍යසනයත් සමග ලක්ෂ එකොළහකට අධික පිරිසක් පීඩනයට, අසරණ භාවයට පත්ව සිටින බවත්‍, ඒ අය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ වෛද්‍යවරු 23,000ක් සෞඛ්‍ය කඳවුරු වෙත යොමු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

  • වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන සිට

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

  • ශතවර්ෂයක පටන් දිවයිනටම නුවණ බෙදන දැනුම් යාත්‍රාව කොළඹ මහජන පුස්තකාලයේ අපූරු ඉතිහාසය.

    ඔබ පොත්පත් කියවීමට නිබඳව ම ආශාවක් දක්වන්නෙකු නම් මෙම ලිපියෙන් ගෙන එන ස්ථානය පිළිබඳව ඔබ අනිවාර්යයෙන් ම දැන සිටීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය.

    එසේ නොවූවත්, ඔබ කොළඹ නගරයේ සැරිසරන අයකු නම්, ඒත් ඔබ මෙම ස්ථානය ගැන දැන සිටීමට පුළුවන. මෙම දැනුම් ගබඩාව අන් කිසිවක් නොව කොළඹ මහජන පුස්තකාලය යි.

  • ශෂින්ද්‍ර රාජපක්ෂගේ ඇප ප්‍රතිශෝධන අයදුම්පත ඉල්ලා අස්කර ගනී

    අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස්  අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායකයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

    ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර ඇත.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වන දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000ක් වන්දි ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් කළ චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

  • ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රහස් කාමරය ජනතාවට!

    ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ විශේෂ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෙතෙක් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වෙන්කර තිබූ විශේෂ කාමරය ඊයේ (24) සිට සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

  • ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලවරණය නොවැම්බරයේ

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න පවසයි.

    වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 7 වන දින අවසන් වු අතර  වත්මන් දියවඩන නිලමේවරයා  2005 වසරේ දී එම ධුරයට පත් වු අතර අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී ඇත.

    නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10කි.

  • ශ්‍රී ලංකන් සභාපතිට යන්න කියපු හේතුව

    ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලීස් සමාගමේ නියෝජිතයින් හිටිහැටියේ මාර්තු 31 වෙනිදා ශ්‍රීලන්කන් එකෙන් ඉල්ලා අස්වුණා. අස්වුණා ම නෙමෙයි ඉල්ලා අස්වෙන තැනට වැඩේ පත්තු වුණා.

  • ශ්‍රී ලංකා - එංගලන්ත තරගය අද

    සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

  • ශ්‍රී ලංකා - එංගලන්ත තෙවන තරඟය අද  

    සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරගය අද (27) පැවැත්වෙනවා.

  • ශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් එක්දින තරගය අද

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.

  • ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ (SLEA) වාර්ෂික අන්තර් ජාතික සමුළුව මෙම මස 06 සහ 07 කොළඹ BMICH හී දී

    ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ (SLEA) වාර්ෂික අන්තර් ජාතික සමුළුව අගමැතිනි හරිණි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් 06දා සවස 4.00ට බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ සභාපති මහාචාර්ය  විජිතපුර විමලරතන හිමියෝ පවසති.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය (National High Performance Center)' සඳහා නව වේග පන්දු පුහුණුකරුවෙකු හා පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරුවෙකු පත්කර ඇත.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යළි ලෝකයේ මුදුනටම ගෙන ඒම මගේ අරමුණයි - නව පුහුණුකරු ගැරී කර්ස්ටන්

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය අප්‍රේල් 15 වැනිදා වැඩ භාරගත් ගැරී කර්ස්ටන් අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පළමු වරට මාධ්‍ය හමුවකට එක්විය.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් මළගම සහ අනාගතය

    ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ලංකාවේ සියලු ජාතීන් ගේ ආගමයි. මෙම ක්‍රිකට් ක්‍රීඩාව දැන් වළපල්ලට ගොස් ඇති බව පැහැදිලිව කිව යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු රාජපක්ෂලාගේ දේශපාලනය මෙන්ම පවුල් සංස්ථාවකට බදුගත් සමාගමකි.

  • ශ්‍රී ලංකා ක්‍රිකට්: අපට අවශ්‍ය වන්නේ එකමුතුවයි, අන්තර්ජාල යුද්ධයක් නොවෙයි - සුදත් චන්ද්‍රසේකර

    ICC T20 ලෝක කුසලානට තවත් දින කිහිපයක් පමණක් තිබෙන මොහොතක, අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට මුහුණ දීමට සිදුවන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රතිවාදි කණ්ඩායම්වලට පමණක් නොවෙයි.

  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දිනිය යුතුම තරගයක් අද

    කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (17 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    මේ වන විට ප්‍රසාද ලකුණු 2ක් පමණක් හිමිකරගෙන ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට නම් අද තරගය මෙන්ම ඉතිරි තරග යුගලය ද ජය ගැනීම අනිවාර්ය වේ.

    අද තරගය යම් හෙයකින් පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථීර වශයෙන්ම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වනු ඇත.

    අද තරගය ජය ගනිමින් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කර ජයග්‍රාහී මානසිකත්වයක් ලබා ගැනීමට අද අවස්ථාව උදා වී ඇති නමුත් ඒ සඳහා කාලගුණයෙන් ද යම් බලපෑමක් එල්ල වී තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩක් තිබූ නවසීලන්තය සමග තරගය ද වර්ෂාව හේතුවෙන් පසුගියදා අත් හැරීමට සිදු වූ අතර අද දිනයේද ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශයට වැසි ඇද හැලීමේ ඉඩක් ඇති බව කාලගුණ වාර්තා සඳහන් කරයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සහ ඉතිරි තරග 2ක ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු ගණන 8ක් දක්වා ඉහළ යන අතර ඒ ඔසසේ ලකුණු සටහනෙහි සිව්වැනි ස්ථානය හිමිකර ගැනීම සඳහා යම් අවස්ථාවක් පවතී.

    මේ වන විටත් ප්‍රසාද ලකුණු 9ක් හිමි ඔස්ට්‍රේලියාව සහ ප්‍රසාද ලකුණු 7ක් හිමි එංගලන්තය පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටින අතර ප්‍රසාද ලකුණු 6ක් හිමි දකුණු අප්‍රිකාවට තෙවැනි ස්ථානයත්, ප්‍රසාද ලකුණු 4ක් හිමි ඉන්දියාවට සිව්වැනි ස්ථානයත් හිමි වී තිබේ.

     

    slcricket

     

    ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය මෙන්ම බංග්ලාදේශය සහ පාකිස්තානය සමග යෙදී ඇති අනෙක් තරග ද්විත්වය ජයගත්තද දකුණු අප්‍රිකාව, ඉන්දියාව මෙන්ම ප්‍රසාද ලකුණු 3ක් හිමි නවසීලන්තය යන කණ්ඩායම්වල ඉදිරි තරග ප්‍රතිඵල මත ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තුව රැඳී පවතී.

    නවසීලන්ත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙස නැවත පැමිණි විශ්මි ගුණරත්න සමගින් නායිකා චමරි අතපත්තු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වූහ. එමෙන්ම පැවැති මැද පෙළ අස්ථාවරත්වයට පිළිතුරු සැපයීමට හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වීම මෙන්ම ශ්‍රී ලංකා වාර්තා අලුත් කරමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නිලක්ෂිකා සිල්වා ශ්‍රී ලංකා පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සමත්ව තිබේ.

    කෙසේ නමුත් නවසීලන්ත කණ්ඩායමේ පැවැති දුර්වල පන්දු රැකීම දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් බලාපොරොත්තු විය නොහැකි අතර සිය අවසන් තරග 3ම හඹා ගොස් ජයග්‍රහණය කර සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පරාජය කිරීමට නම් තරගකාරී ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සිදුවනු ඇත.

     


    (aruna)

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය සුබවාදී බව නායිකා චමරි අතපත්තු පවසයි

    බංග්ලාදේශ සංචාරය සඳහා අද (17) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ගෙන ඇති විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් අද වන විට ඉතා දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් ජාතික කණ්ඩායමට එක්වෙමින් සිටින බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න