#newstube

  • විදුලි කප්පාදුවක අවදානම ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

    රටේ කිසිදු අර්බුදයක් නොමැති බවට රජය ප්‍රකාශ කළ ද, මේ වන විට නොරොච්චෝල බලාගාරය කේන්ද්‍ර කරගනිමින් බරපතල ජාතික අර්බුදයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

  • විදුලි බල මණ්ඩලය ඈවර කළේ වෘත්තිය සමිති  සල්ලි වලට අරගෙන ද...?

    දවස් තිස් හතකට ප්‍රමාණවත් තෙල් තිබේ යැයි  පැවසූ ආණ්ඩුව, පරණ ඉන්ධනවල මිල වැඩි වැඩිකරේ ඇයි දැයි වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් විමසී ය.

  • විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිතයි.

    රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා යැයි කියූ බැවින් රාජ්‍ය සේවකයන් බහුතරයක් වත්මන් මාලිමා ආණ්ඩුවට ඡන්දය දුන්න ද අද වන විට විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා අනාරක්ෂිත වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ මිහින්තලේ ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

    ආණ්ඩුව මරාගෙන මැරෙන්න සූදානම්ලු

    මොවුන්ගේ රැකියා ගැන රජය වගකීමක් ගන්නෙ නැහැ. බලධාරීන්ට අනුව මොවුන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යා හැකි යැයි පවසනවා. විදුලි බල මණ්ඩලය වෙනුවෙන් එදා මහපාරට බැස්ස, මහපාරට බස්සපු නායකයන්ට වගකීමක් ගන්න බැරි බව පවසනවා. ආණ්ඩුව වට්ටවන්න දෙන්න නැතැයි කියමින් ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි පවසනවා.

    බලය නැති දා මේ වෘත්තීය සමිති නායකයෝ මැරෙන්න ලෑස්තු වුණේ විදුලි බල මණ්ඩලයේ 23000කගේ රැකියා ආරක්ෂා කරන්න වුවත් අද බලය ඇති විට මැරෙන්න ලෑස්ති වෙන්නේ බොරු කියා බලයට පැමිණි රජය ආරක්ෂා කරන්න මිස විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නෙවෙයි. එදා කයිවාරු ගහපු වෘත්තීය සමිති නායකයන් අද රජ පුටුවලට පැමිණි පසු මේ සියල්ල අමතක කර, මරාගෙන මැරෙන සටනක් සිදු කර ආණ්ඩුව රැක ගන්න කටයුතු කරනවා. ආණ්ඩු බිහි වන්නේත්, නැති වන්නේත්, මරාගෙන මැරෙන සටනකින් නොව ඡන්ද ක්‍රමය හරහා බවට මොවුන් අමතක කරලා. මැතිවරණ ක්‍රමය තුළ භීෂණය නොමැති වුවත් ආණ්ඩුව අද බලය ගෙන පොදු ජනතාවට තර්ජනය කරමින් සිටිනවා.

    ආණ්ඩුව: ගොවියාත්, ව්‍යවසායකයාත්, රාජ්‍ය සේවකයාත් අමතක කරලා

    අද ආණ්ඩුව: ගොවියා, ව්‍යවසායකයා, රාජ්‍ය සේවකයා, මධ්‍යම පන්තිය ඇතුළු සියලු දෙනා අමතක කර ආණ්ඩුව රැක ගන්න මරන්නත් මැරෙන්නත් සූදානම් යැයි කියමින් තර්ජනය කරමින් යනවා. ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මේ මරු පහරවල් ඉදිරියේ නිවටයෝ ලෙස බලන් සිටිනවා ද, මහපාරට බැස ගොවියා රකින්න, පොදු ජනතාව රකින්න, රාජ්‍ය සේවකයා රකින්න, කටයුතු කරනවා ද කියා ජනතාව සිතිය යුතු යි. එවන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට නායකත්වය ලබා දෙන්න අපි සූදානම්. ජනතාවට ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාරයද හරියට ලැබෙන්නෙ නෑ. වල් නාශකවල පවා ගුණාත්මකභාවයක් නෑ. ඉහළ ප්‍රභේදයෙන් යුත් බීජ නොමැතිව, ගොවි උපකරණවල මිල ඉහළ ගිහින්. උපකරණ කුලියට ගැනීමට ද විශාල මුදලක් වැය වන මොහොතක වන අලි ඇතුළු සතුන්ගෙන් වගා හානි පවා සිදුවෙනවා. මේ වගා හානිවලට රක්ෂණ වන්දි ක්‍රමවේදයක් නැහැ. ගොවිතැනේ නියැළී සිටින ජනතාව ගත කරන්නෙ අති දුෂ්කර ජීවිතයක් බැවින් මේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කර අයිතිය ලබා දෙනවා.

    ජනතාව අන්දවා අද රජය සැප පුටුවල

    මෙවැනි ගැටලු මැද වගා කටයුතු කළත් අස්වැන්නට ස්ථාවර මිලක් නෑ. එම නිසා අස්වැන්න තුට්ටු දෙකට විකිණිමට සිදුව ඇති මොහොතක රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා. අද රජයට කට උත්තර නෑ. ජනතාවට: බොරු කියා, රවටා, අන්දවා, මංමුළා කර, ජන ජීවිත නැත්තට නැති කර මේ අය රජ පුටුවල සුරසැප විඳිමින් සිටිනවා. රටේ පොදු මහත් ජනතාව පීඩාකාරී ජීවිතයක් ගත කරමින් අන්ත අසරණ වෙලා.''
      

     

    The leader.lk

  • විදුලි බල මණ්ඩලයේ ආදායම සියයට 38% කින් පහළට

    මේ වසරේ (2025) පළමු මාස හයේදී C විදුලිය අලෙවියෙන් උපයාගත් ආදායම සියයට 38.8කින් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත.

  • විදුලි බලේ පාඩුව (2025) රු. බිලියන 38.73ක්

    ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශනවලින් හෙළි වී ඇත.

  • විදුලි බිල වැඩි කිරීමේ රජයේ අනීතික උත්සාහය ප්‍රතික්ෂේප කළාට මහජන උපයෝගීතා කොමිසමට ස්තුතියි...! - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    රජය, විදුලි බිල 11.57%ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කර තිබිය දී රජයේ මේ යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ස්තූතිවන්ත වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • විදුලි බිලේ බර පාරිභෝගිකයාට ද, බදු ගෙවන්නාට ද; මාධ්‍ය හමුව 19වන දා...

    විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පුරවැසි මෙහෙයුම සමඟ රයිට්ස් නව් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය පිළිබඳ පුරවැසි මෙහෙයුමේ වාර්තාව එළි දැක්වීම සහ මාධ්‍ය හමුව 2026 පෙබරවාරි 19වන දා පෙරවරු 11.00 ට කොළඹ 02, නිපොන් හෝටලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

  • විදුලි වාහන අවුල දරුණු අතට ;  වාහන වෙළදපල හෙල්ලෙයි !

    වායු දුෂණය අවම කිරීමේ සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම රජය තීරණය කර තිබුණත් විද්‍යුත් වාහන සඳහා මහජනතාවගේ තිබෙන උනන්දුව අඩුවෙමින් පවතින බව විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමය පවසයි.

    එයට හේතුව රේගුව බී.වයි.ඩී. වාහන 1000 කට වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට ගත් තීරණය බවත් එමගින් ඉන් දැනටමත් විද්‍යුත් වාහන සඳහා ආයෝජනය කර ඇති පාරිභෝගිකයන් අධෛර්යමත් වී වෙළෙඳපොළ අවිනිශ්චිතතාවක් මතුවී තිබෙන බවත් එම සංගමය ප්‍රකාශ කළේය.

    පසුගිය ජූලි මාසයේදී බී.වයි. ඩී. වාහන තොග දෙකක් රඳවා ගැනීමට රේගුව තීරණය කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු 7 වැනිදා රඳවා ගෙන සිටි වාහන 991 ක් සහ තවත් වාහන 506 ක් බැංකු ඇපතරයක් මත මුදා හැරීමට රේගුව කටයුතු කළේය.

    කෙසේ නමුත් තවත් බී.වයි.ඩී. වාහන 1000 රේගුව රඳවා ගෙන සිටින අතර එය ඉක්මනින් මුදා හැරීමේ අවශ්‍යතාව ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ සමාගම පසුගියදා පෙන්වා දුන්නේය.

    ජෝන් කිල්ස් සී.ජී. ඔටෝ සමාගම ප්‍රකාශයට පත්කළ මෝටර් ධාරිතාවේ ගැටළුවක් තිබෙන බවට චෝදනා කරමින් එම වාහන සියල්ල රඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කළේය.




    දැනටමත් විද්‍යුත් වාහන මිලදීගෙන ඇති සහ මිලදී ගැනීමට අත්තිකාරම් බැඳ ඇති පාරිභෝගිකයන්ට රේගුවේ මෙම ක්‍රියාව බලපාන බව විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය. පසුගිය මාස හයේදී අවම වශයෙන් පාරිභෝගිකයින් 10,000 ක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් වාහන මිලදී ගෙන ඇති බවද එම  සංගමය පැවැසුවේය.




    ඒ හේතුවෙන් රජයට විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වී එය විධිමත් කරන ලෙස විද්‍යුත් වාහන හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු දීලක පිටගම්පොල රජයෙන් ඉල්ලා සිටියේය.

    නිෂ්පාදක සහතික පිළිගැනීම රේගුව ප්‍රතික්ෂේප කිරීම සහ මෝටර් ධාරිතාව තහවුරු කර ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් පරීක්ෂණාගරයක් නොමැතිකම ව්‍යාකූල තත්වයක් ඇති කරන බවත් ඉන් පාරිභෝගික විශ්වාසය අවතක්සේරුවට ලක් කරන බවත් ඔහු පැවැසුවේය.

    මෝටර් ධාරිතාව තහවුරු කළ හැක්කේ නවීන තාක්ෂණය සහිත පරීක්ෂණාගාරයකදී පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය. එවැනි පහසුකමක් නොමැතිව දේශීයව මෝටර් ධාරිතාව තහවුරු කර ගැනීමට යෑමේදී ඉන් සියලු පාර්ශ්වයන්ට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබෙනු ඇති බවත් ඉන් තත්වය තවත් දරුණු අතට හැරෙනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.



    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල විශේෂඥයින් සතුව දැනුම තිබුණද, නිවැරදි පරීක්ෂණයක් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දැනට ඔවුන් සතුව නොමැති බව පිටගම් පොල පැහැදිලි කළේය. නිසි ආකාරයෙන් තහවුරු කිරීමකින් තොරව රේගුව විසින් පත් කරන ලද කමිටුව නිකුත් කරන ඕනෑම වාර්තාවක් අර්බුදය තවදුරටත් සංකීර්ණ කළ හැකි බවත් ඉන් විද්‍යුත් වාහන පාරිභෝගිකයින්ට හානියක් විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

     




    (උපුටා ගැනීම -lankacnews)



    මුලාශ්‍රය :

  • විදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීලා; අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි - සජිත් ප්‍රේමදාස

    පසුගිය දිනක විදුලි බල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් සිදු වූ බවත් එහි දී එම සංගමයේ ලේකම් වන සමින්ද ගමගේට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට අමතරව එම සේවක සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ප්‍රියන්ත මධුකුමාර කාමරයක දමා හිරකර ඔහුගේ දුරකථනයේ තිබූ දත්ත මකා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • විදුලි වෘත්තීය සමිති සමාජිකයින් සාකච්ඡාවෙන් ඉවතට

    අද (20) විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

    මෙම සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පලකරමින් ඉන් පිටව ගිය බව වාර්තා වෙයි.

    සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිටි බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී තිබේ.

    මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමති නියෝජිතයින් තිදෙනෙකු සහභාගීවී සිටි බව සඳහන් වන අතර අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    කෙසේවෙතත් විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවය.

  • විදුලි සේවකයින්ගෙනුත් රතු එළි

    සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.

  • විදුලි සේවකයෝ වැඩ වර්ජනයකට නොයන්න තීන්දු කරයි! තවදුරටත් වැඩ අකුරට!

    වැඩවර්ජනයකට එළැඹීමේ තීරණය තාවකාලිකව අත්හිටවූ බව අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විදුලි වෘත්තිය සමිති පවසයි.

    ලංකා විදුලි බල මණ්ඩලයේ තක්ෂණික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ  සඳහන් කළේ, ඊයේ (24) පැවති සාකච්ඡාවකදි එම තීරණය ගත් බවයි.

    කෙසේ වෙතත්, අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින් ම ක්‍රියාත්මක කරන බව වෘත්ති සමිති නායකයා ප්‍රකාශ කළේ ය.

    ඔහු තවදුරටත් පැවසුවේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙම ගැටලුවට මැදිහත්වීමක් සිදු කර ඇති බවත් ඒ අනුව අද (සැප්. 25) එම සංවිධානයේ නියෝජිතයන් හා කම්කරු කොමසාරිස්වරයා සමග වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ඡාවක් පවත්වන බවත් ය.

    ඒ අනුව, මෙම සාකච්ඡාවෙන් පසුව ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ගය තීරණය කරන බව වෘත්ති සමිති නායකයා කෝසල අබේසිංහ වැඩිදුරටත් පැවසීය.

    විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විදුලි වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 21ක් වේ.

  • විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

    විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

  • විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළා - බලශක්ති අමාත්‍යවරයා

    අප රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බවත්, ඔබ සම්බන්ධ වුණු අලුතින් පිහිටවූ ආයතනවල අධිෂ්ඨානශීලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක සිහිනය“ සැබෑ කර ගන්න අත්වැල් බැද ගනිමු යැයි බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.

  • විදුලිබල ක්ෂේත්‍රයේ මිලදී ගැනීම් සිදු කර ඇත්තේ ටෙන්ඩර් පටිපාටිවලට සහ ප්‍රසම්පාදන ක්‍රමවේදවලට අනුව යි - බලශක්ති අමාත්‍යවරයා

    විදුලිබල ක්ෂේත්‍රයේ මිලදී ගැනීම් ටෙන්ඩර් පටිපාටිවලට සහ ප්‍රසම්පාදන ක්‍රමවේදවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුකර ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.

  • විදුලිබල ප්‍රතිපත්තියට යෝජනා අදහස් දෙන්න නැවතත් අවස්ථාවක්

    විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීම සඳහා දින 21ක් ලබා දුන්නා යැයි බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.

  • විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති බලශක්ති අමාත්‍යවරයා සමග සාකච්ඡාවක

    විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර සාකච්ඡාවක් ඊයේ (13) සවස දින බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්විණි.

    එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා...


    මගේ ප්‍රතිපත්තිය මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම යි

    ''වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගත් රජයක් ලෙස මේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල පුරා සේවක වරප්‍රසාද සහ අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කළා. වෘත්තීය සමිති නියෝජිතයින් හා විටින් විට සාකච්ඡා කරමින් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළා. ඒ අනුව, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කිරීමට උපරිමව ක්‍රියා කළා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි වුවත් අමාත්‍යවරයා වශයෙන් මෘදු ලෙස ප්‍රතිචාර දැක්වීම මගේ ප්‍රතිපත්තිය යි. සාකච්ඡා ක්‍රියාමාර්ග ඔස්සේ ගැටලු විසඳා ගැනීමේ ක්‍රමවේදයට මුල් තැනක් දී ඉදිරියටත් ක්‍රියාකරනවා.''

    මෙහි දී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෝ තම ඉල්ලීම් වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ක්‍රියා කිරීමත්, ඉතිරි ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එකඟවීමත් පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාට සහ රජයට ස්තූතිවන්ත වන බවත්, සිදුකරගත් එකඟතා අනුව, විශේෂයෙන් ම දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග සම්බන්ධවී සිටින වෘත්තිය සමිති හෙට දින රැස්වී එකී ක්‍රියාමාර්ගය පිළිබදව මෙන්ම ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කර වැඩි විස්තර රටට හෙළිකරන බවත් ප්‍රකාශ කළහ.

    විදුලිබල ක්ෂේත්‍රයට අයත් වෘත්තීය සමිති වැඩි ප්‍රමාණයක නියෝජිතයින් මෙන්ම පනත අනුව විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතින් පිහිටවූ සමාගම් හතරෙහි අධ්‍යක්ෂවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    (ශාන් මොහොමඩ්)

     

     

    kumara

     

     

  • විදුලිබල මණ්ඩලය ඉතිහාසයට එක්වෙයි: සමාගම් 6ක වැඩ අද ඇරඹේ.

    දශක ගණනාවක් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඒකාධිකාරය දැරූ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිල වශයෙන් අහෝසි කරමින්, එය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අද (09) සිට බලාත්මක වන බව රජය නිවේදනය කරයි.

  • විදුලිබල මණ්ඩලය කොටස් කිරීමේ ඇත්ත ම වුවමනාව කුමක් ද...? - දුමින්ද නාගමුව හෙළි කරයි

    විදුලිබල මණ්ඩලය කොටස් කිරීමේ ඇත්ත ම වුවමානාව වන්නේ පෞද්ගලික අංශයට මේ ආයතන විකුණා දැමීම වන බවත්, එය ක්‍රියාත්මක කිරීමට නම් මණ්ඩලේ සේවක ප්‍රමාණය අඩු කර,

  • විදුලිබල සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

    ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

    ඒ විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින්.

    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) මේ සඳහා අත්සන් තබා ඇත.

    සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.


    ඊට අදාළ ගැසට් පත්‍රය මතු පළවේ.

    elecrticity gazzert

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න