විත්තිකරුවකු විසින් ඇල්බේනියානු විනිසුරුවරයෙකු අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කෙරේ

විත්තිකරුවකු විසින් ඇල්බේනියානු විනිසුරුවරයෙකු අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කෙරේ

විභාග වෙමින් පැවැති නඩුවක විත්තිකරු විසින් ඇල්බේනියාවේ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුට වෙඩි තබා ඝාතනය කොට ඇත.

මෙසේ ඝාතනය වී ඇත්තේ, ඇස්ට්‍රිට් කලාජා නම් වන අභියාචනාධිකරණ විනිසුරුවරයායි.

තිස් හැවිරිදි වියේ පසුවන සැකකරු එම ස්ථානයෙන් පළා ගිය නමුත් පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඔහු භාවිත කළ බවට විශ්වාස කෙරෙන රිවෝල්වරය ද සොයා ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරු නඩු විභාගයට සහභාගී වූ පියෙකුට සහ පුතෙකුට ද වෙඩි තබා ඇත. ඔවුන් දෙදෙනා ද රෝහල වෙත ගෙන යන ලද අතර ඔවුන්ට සිදුවූ තුවාලවලින් ජීවිත තර්ජනයක් නොමැති බව සඳහන් වෙයි.

අදාළ නඩුව දේපළ ආරවුලක් සම්බන්ධව පැවති නඩුවක් බව ඇල්බේනියානු පුවත්පත් කියයි.

ඇල්බේනියාවේ අගමැති එඩි රාමා විනිසුරු කලාජාගේ පවුලට සිය ශෝකය පළ කරමින් “විනිසුරුවරයාට එරෙහිව සිදුකළ සාපරාධී අපරාධයට උපරිම දඬුවම් හිමි වනු ඇතැයි” ප්‍රකාශ කර ඇත.

එසේ ම, මෙම ඝාතනය අධිකරණ අභ්‍යන්තර ආරක්ෂක පද්ධතිය පිළිබඳ අවධානය යොමු කරවන බව ද පැවසීය.

ඇල්බේනියානු ජනාධිපති බජ්රාම් බෙගාජ් මෙම ඝාතනය “සමස්ත අධිකරණ පද්ධතියට එරෙහි දරුණු ප්‍රහාරයක්” ලෙස හෙළා දැක ඇත.

( mawbima)

Albanian judge shot dead in court by man during trial

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න