වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මීට සුළු මොහෙතකට පෙර වැලිගම ප්රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකරට සභාව තුළ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තබා ඇති බවත්, ඔහුගේ රාජකාරිය ඉටු කරන විට සිදු කරන ලද මේ වෙඩි තැබීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
*වෙඩික්කරු කොටුවුණේ ඩුබායි උපදෙස් අනුව දුරකතනයක් ගන්න ගිහින්
*සැකකරුවන් FCID භාරයට
*ඝාතකයා හඳුනා ගත්තේ බස් රියක යමින් සිටි බුද්ධි නිලධාරියෙක්
ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අපරාධකරුවෙක් යැයි ප්‍රචලිත කළේ මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායම යැයි පසන් කස්තුරි පැවසී ය.
වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ - නුවරඑළිය මාර්ගය අවහිර වී තිබේ.
වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට මන්නාරමේදී පැවසීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් 60ක භුමි භාගයක අනවසරයෙන් ඉදි කර පවත්වාගනෙ ගිය හෝටල් ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක පවසයි.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසක දී කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රෑපසාරි හේරත් පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ලිපියකින් දැනුම් දී ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකා මහීපාල හේරත් හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ආරම්භ කර ඇත.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සදහා රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය දා කටයුතු කර තිබූ අතර හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදි කර තිබූ බව තහවුරු වී ඇත්තේ එහිදීය.
වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලියද ලබා දී තිබී ඇත.
මේ වනවිට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල්ද දමා අවසන් කර තිබේ.
පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක්ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේදී හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක පවසයි.

නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, මේ වනවිට කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
ව්‍යාපාරික කටයුතු සහ දෛනික ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ.
මෙම තත්ත්වය තුල, කොළඹ මහ නගර සභාව (CMC) සහ එහි නායකත්වය, පාලන තන්ත්‍රයේ අසමත්කම සහ කාලෝචිත ක්‍රියාමාර්ග නොගැනීම පිලිබදව නගරවාසීගෙන් සහ සමාජ මාධ්‍ය තුලින් දැඩි චෝදනා එල්ලවේ.
නගරයේ ආර්ථිකය සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇත. බොහෝ ව්‍යාපාර වලට බධා වී ඇති අතර, දෛනික වැටුප් ලබන්නන් ආදායම් අහිමිවීමේ තත්ත්වයකට මුහුණ දී සිටී.
විශේෂයෙන්ම, කුලී රථ රියදුරන්, ගමන් කළ නොහැකි මාර්ග සහ ගමනාගමනය අඩු වීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, ඔවුන්ගේ දෛනික ආදායම් වලට දැඩි බලපෑම් ඇතිවී ඇත.
මහජන විවේචන බොහොමයක් නගරාධිපතිනි රායි කැලී බල්තසාර් වෙත යොමු වී ඇත්තේ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොදැක්වීමක් ලෙස පෙනී යන තත්ත්වය හේතුවෙනි.
කාලගුණ අනාවැකි මගින් සති කිහිපයකට පෙර අධික වර්ෂාපතනයක් පිළිබඳව පුරෝකථනය කර තිබූ බව වාර්තා වන නමුත්, විවේචකයින් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර ගෙන නොමැති බවයි.
විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් ද පරිපාලනයේ තීරණ විවේචනය කර ඇති අතර, පැහැදිලි අනතුරු ඇඟවීම් තිබියදීත් කලින් ක්‍රියාත්මක විය යුතුව තිබූ බව පෙන්වා දෙමින්, මෙම තත්ත්වය දුර්වල සැලසුම්කරණයේ සහ නායකත්වයේ ප්‍රතිඵලයක් බවට යෝජනා කර තිබේ.
කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මීට වඩා සංකීර්ණ, පද්ධතිමය ගැටලු පවතින බවයි. අනාගතයේදී විනය ක්‍රියාමාර්ග වලට ලක්වේ යැයි පවතින පුළුල් බියක් හේතුවෙන්, ඇතැම් රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමට මැලි වන බව වාර්තා වේ.
පසුව ප්‍රශ්න කළ හැකි තීරණාත්මක පියවරක් ගැනීමට වඩා අක්‍රියව සිටීම ආරක්ෂිත යැයි සැලකෙන සංස්කෘතියක් මේ හේතුවෙන් නිර්මාණය වී ඇති බවත්, එය පරිපාලනමය ප්‍රමාදයන්ට හේතු වී ඇති බවත් පැවසේ.
රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.
රාවය පුවත්පතෙහි සමාරම්භක කර්තෘ වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිති කරගෙන ඔහුගේ: මාධ්‍ය, දේශපාලන සහ සමාජ මැදිහත්වීම් අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් පෙරවාරි 26වන දින පස්වරු 02.30ට කොළඹ 07, නිදහස් චතුරශ්‍රයෙහි පිහිටි පදනම් ආයතනයේ දී පැවැත්වේ.
වික්ටර් අයිවන් නොහොත් ‘පොඩි අතුල’ ඔහුගේ මාධ්‍යවේදී භාවිතාව තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් ම මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මූලිකත්ව ගණනාවක් දියත් කළ පුරෝගාමී චරිතයකි.
හෙළයේ මහා ගත්කරු "මාර්ටින් වික්‍රමසිංහ" ගැන සහ සැළලිහිණි සංදේශයේ කවියක් සම්බන්ධයෙන් ටියුෂන් ගුරුවරයෙක් සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධ කතිකාවතක් මතු වී තියෙනවා.
රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමය ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8 සිට දින 7කට තාවකාලිකව අත්හිටුවා ඇත.
මේවන විටත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරෙහි පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඕ.ආර්. රාජසිංහ ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.
විගණකාධිපතිවරයකු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්,
හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්‍ෂය ඊයේ (12) නිවේදනය කළේය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබේ.
ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ය.
අමාත්‍ය විජිත හේරත් ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග අමාත්‍ය විජිත හේරත් ද එක්වී සිටී.
ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.
මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
තවමත් නිල පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් වී නොමැති පසුබිමක, තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසති.
දීර්ඝ කාලයක් තිස්සේ, වේදිකාව මත ද, ගුවන් විදුලියෙන් ද, සිනමාවෙන් ද, රූපවාහිනියෙන් ද රසික සහ ප්‍රේක්ෂක මනදොළ පිනවූ ජ්‍යේෂ්ඨතම රංගවේදියකු වන විජේරත්න වරකාගොඩ ඇගයුම් උලෙළ එළඹෙන 16වන දා සවස 06ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

