#newstube

  • වැලිමඩ විශාල නායයෑමක් - සිරුරු දෙකක් සොයාගනී

    වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ - නුවරඑළිය මාර්ගය අවහිර වී තිබේ.

  • වැව් මායිම් වලට බාදා කරන අය ‘වහාම අල්ලන්න‘ නියෝග

    වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට මන්නාරමේදී පැවසීය.

  • වැව් රක්ෂිතයේ තිබූ මහීපාලගේ හෝටලය කඩා දමයි

    උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්  සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් 60ක භුමි භාගයක අනවසරයෙන් ඉදි කර පවත්වාගනෙ ගිය හෝටල් ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක පවසයි.

    පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසක දී කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රෑපසාරි හේරත් පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ලිපියකින් දැනුම් දී ඇත.

    ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකා මහීපාල හේරත් හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

    රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ආරම්භ කර ඇත.

    පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සදහා රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය දා කටයුතු කර තිබූ අතර හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදි කර තිබූ බව තහවුරු වී ඇත්තේ එහිදීය.

    වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලියද ලබා දී තිබී ඇත.

    මේ වනවිට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල්ද දමා අවසන් කර තිබේ.

    පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක්ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේදී හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක පවසයි.

    maheepala

  • වැස්ස අස්සේ බල්තසාර් නිදි...

    නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, මේ වනවිට කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

    ව්‍යාපාරික කටයුතු සහ දෛනික ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබේ. 

    මෙම තත්ත්වය තුල, කොළඹ මහ නගර සභාව (CMC) සහ එහි නායකත්වය, පාලන තන්ත්‍රයේ අසමත්කම සහ කාලෝචිත ක්‍රියාමාර්ග නොගැනීම පිලිබදව නගරවාසීගෙන් සහ සමාජ මාධ්‍ය තුලින් දැඩි චෝදනා එල්ලවේ.

    නගරයේ ආර්ථිකය සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇත. බොහෝ ව්‍යාපාර වලට බධා වී ඇති අතර, දෛනික වැටුප් ලබන්නන් ආදායම් අහිමිවීමේ තත්ත්වයකට මුහුණ දී සිටී.

     විශේෂයෙන්ම, කුලී රථ රියදුරන්, ගමන් කළ නොහැකි මාර්ග සහ ගමනාගමනය අඩු වීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, ඔවුන්ගේ දෛනික ආදායම් වලට දැඩි බලපෑම් ඇතිවී ඇත.

    මහජන විවේචන බොහොමයක් නගරාධිපතිනි රායි කැලී බල්තසාර් වෙත යොමු වී ඇත්තේ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොදැක්වීමක් ලෙස පෙනී යන තත්ත්වය හේතුවෙනි.

    කාලගුණ අනාවැකි මගින් සති කිහිපයකට පෙර අධික වර්ෂාපතනයක් පිළිබඳව පුරෝකථනය කර තිබූ බව වාර්තා වන නමුත්, විවේචකයින් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර ගෙන නොමැති බවයි.

    විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් ද පරිපාලනයේ තීරණ විවේචනය කර ඇති අතර, පැහැදිලි අනතුරු ඇඟවීම් තිබියදීත් කලින් ක්‍රියාත්මක විය යුතුව තිබූ බව පෙන්වා දෙමින්, මෙම තත්ත්වය දුර්වල සැලසුම්කරණයේ සහ නායකත්වයේ ප්‍රතිඵලයක් බවට යෝජනා කර තිබේ.

    කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මීට වඩා සංකීර්ණ, පද්ධතිමය ගැටලු පවතින බවයි. අනාගතයේදී විනය ක්‍රියාමාර්ග වලට ලක්වේ යැයි පවතින පුළුල් බියක් හේතුවෙන්, ඇතැම් රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමට මැලි වන බව වාර්තා වේ.

    පසුව ප්‍රශ්න කළ හැකි තීරණාත්මක පියවරක් ගැනීමට වඩා අක්‍රියව සිටීම ආරක්ෂිත යැයි සැලකෙන සංස්කෘතියක් මේ හේතුවෙන් නිර්මාණය වී ඇති බවත්, එය පරිපාලනමය ප්‍රමාදයන්ට හේතු වී ඇති බවත් පැවසේ.

  • වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා පදනම් ආයතනයේ දී...

    රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ  ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී  වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ  ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

  • වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 26වන දා...

    රාවය පුවත්පතෙහි සමාරම්භක කර්තෘ වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිති කරගෙන ඔහුගේ: මාධ්‍ය, දේශපාලන සහ සමාජ මැදිහත්වීම් අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් පෙරවාරි 26වන දින පස්වරු 02.30ට කොළඹ 07, නිදහස් චතුරශ්‍රයෙහි පිහිටි පදනම් ආයතනයේ දී පැවැත්වේ.

  • වික්ටර් අයිවන් සහ ඔහු ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය

    වික්ටර් අයිවන් නොහොත් ‘පොඩි අතුල’ ඔහුගේ මාධ්‍යවේදී භාවිතාව තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් ම මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මූලිකත්ව ගණනාවක් දියත් කළ පුරෝගාමී චරිතයකි.

  • වික්‍රමසිංහගේ ප්‍රශ්නය සහ අපේ ප්‍රශ්නය

    හෙළයේ මහා ගත්කරු "මාර්ටින් වික්‍රමසිංහ" ගැන සහ සැළලිහිණි සංදේශයේ කවියක් සම්බන්ධයෙන් ටියුෂන් ගුරුවරයෙක් සිදු කරපු ප්‍රකාශයක් සම්බන්ධ කතිකාවතක් මතු වී තියෙනවා.

  • විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමය ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8 සිට දින 7කට තාවකාලිකව  අත්හිටුවා ඇත.

  • විගණකාධිපති තනතුරට ආයෙත් නමක් යෝජනා කරයි

    මේවන විටත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරෙහි පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඕ.ආර්. රාජසිංහ ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

  • විගණකාධිපතිවරයකු නැතිව ලොකු විගණන වාර්තා 130ක් හිරවෙලා

    විගණකාධිපතිවරයකු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.

  • විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, 

  • විජයදාසට ශ්‍රීලනිප තනතුරු 4ක්

    හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්‍ෂය ඊයේ (12) නිවේදනය කළේය.

  • විජිත සහ ජයිශංකර් අතර හමුවක්

    විදේශ කටයුතු අමාත්‍ය විජිත  මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබේ.

    ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ය.

    අමාත්‍ය විජිත හේරත්  ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවය.


    Screenshot 2025 09 24 150009



    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක  සමග අමාත්‍ය විජිත හේරත්  ද එක්වී සිටී.

    ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය.

    මෙම සංචාරය අතුරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

  • විජේගේ අවසන් චිත්‍රපටය 'ජන නායගන්' ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් වාර්තා තබයි

    තවමත් නිල පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් වී නොමැති පසුබිමක, තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසති.

  • විජේරත්න වරකාගොඩ ඇගයුම් උලෙළ

    දීර්ඝ කාලයක් තිස්සේ, වේදිකාව මත ද, ගුවන් විදුලියෙන් ද, සිනමාවෙන් ද, රූපවාහිනියෙන් ද රසික සහ ප්‍රේක්ෂක මනදොළ පිනවූ ජ්‍යේෂ්ඨතම රංගවේදියකු වන විජේරත්න වරකාගොඩ ඇගයුම් උලෙළ එළඹෙන 16වන දා සවස 06ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වේ.

  • විත්තිකරුවකු විසින් ඇල්බේනියානු විනිසුරුවරයෙකු අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කෙරේ

    විභාග වෙමින් පැවැති නඩුවක විත්තිකරු විසින් ඇල්බේනියාවේ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුට වෙඩි තබා ඝාතනය කොට ඇත.

    මෙසේ ඝාතනය වී ඇත්තේ, ඇස්ට්‍රිට් කලාජා නම් වන අභියාචනාධිකරණ විනිසුරුවරයායි.

    තිස් හැවිරිදි වියේ පසුවන සැකකරු එම ස්ථානයෙන් පළා ගිය නමුත් පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

    ඔහු භාවිත කළ බවට විශ්වාස කෙරෙන රිවෝල්වරය ද සොයා ගත් බව පොලිසිය පවසයි.

    මෙම සැකකරු නඩු විභාගයට සහභාගී වූ පියෙකුට සහ පුතෙකුට ද වෙඩි තබා ඇත. ඔවුන් දෙදෙනා ද රෝහල වෙත ගෙන යන ලද අතර ඔවුන්ට සිදුවූ තුවාලවලින් ජීවිත තර්ජනයක් නොමැති බව සඳහන් වෙයි.

    අදාළ නඩුව දේපළ ආරවුලක් සම්බන්ධව පැවති නඩුවක් බව ඇල්බේනියානු පුවත්පත් කියයි.

    ඇල්බේනියාවේ අගමැති එඩි රාමා විනිසුරු කලාජාගේ පවුලට සිය ශෝකය පළ කරමින් “විනිසුරුවරයාට එරෙහිව සිදුකළ සාපරාධී අපරාධයට උපරිම දඬුවම් හිමි වනු ඇතැයි” ප්‍රකාශ කර ඇත.

    එසේ ම, මෙම ඝාතනය අධිකරණ අභ්‍යන්තර ආරක්ෂක පද්ධතිය පිළිබඳ අවධානය යොමු කරවන බව ද පැවසීය.

    ඇල්බේනියානු ජනාධිපති බජ්රාම් බෙගාජ් මෙම ඝාතනය “සමස්ත අධිකරණ පද්ධතියට එරෙහි දරුණු ප්‍රහාරයක්” ලෙස හෙළා දැක ඇත.

    ( mawbima)

    Albanian judge shot dead in court by man during trial

  • විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට වගේම රටේ ආර්ථිකයටත් ඉතා වැදගත් - අමාත්‍ය අනුර කරුණාතිලක

    ‘‘දැනට මෙරට භාවිත වාහන ප්‍රමාණයෙන් විද්‍යුත් වාහන ප්‍රතිශතය සියයට එකයි. ඒක යම් ප්‍රමාණයකින් වැඩිකරලා ඒවා ආරෝපනය කරන්න පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන්න හැකි නම් පොසිල ඉන්ධන සඳහා වියදම් වන රුපියල් බිලියන ගණනක් ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ පුනර්නනීය බලශක්ති විභවතාව ඉහළින්ම ප්‍රයෝජනයට ගන්නත් අවසානයේ දී ආර්ථිකයට ඉහළ දායකත්වයත් ලබාදෙන්නත් පුලුවන්” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර සිටියේ ය. 

  • විදුලි ඇමති - ලේකම් සීතල යුද්ධයට තිත තබමින් පුබුදු නිරෝෂන් යළි පත්කරයි

    බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සීතල යුද්ධය නිමා කරමින් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නැවත වතාවක් පුබුදු නිරෝෂන් පත්කර තිබේ.

  • විදුලි ඇමතිගේ නඩුව අල්ලස් කොමිසමේ ලැයිස්තුවේ 49 වැනි ස්ථානයේ

    2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිල්ලක් අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගත් තීරණය ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙයි.

    ලැබී ඇති අනුපිළිවෙල අනුව ගොනුව සැකසීමට පියවර ගනිමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ගත් තීරණයෙන් පසු, ගොනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වෙත යවා ඇති බවත්, ඔහු එය අවශ්‍ය පියවර සඳහා නීති අංශයට යොමු කර ඇති බවත් දැනගන්නට තිබේ.

    මේ වන විට කොමිසම නීති අංශයට යවා ඇති නඩු 69ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නියෝග කර ඇත.

    අමාත්‍ය ජයකොඩිගේ ගොනුව අංක 49 ලෙස ලැයිස්තුගත කර ඇති අතර නඩු 25කට අදාළ අධිචෝදනා දැනටමත් අවසන් කර ඇත.

    රුපියල් මිලියන 8ක් අයථා පරිහරණය කිරීමේ චෝදනා මත අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

    පරීක්ෂාවට ලක් වූ විශේෂිත ටෙන්ඩරයක් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අමාත්‍ය ජයකොඩි මහතා එවක කටයුතු කර ඇත.

    ගෙවීම් ක්‍රියාපටිපාටි සහ බැඳුම්කර ස්ථානගත කිරීම පිළිබඳ ගැටළු මතුවීමෙන් පසුව ටෙන්ඩරය පිළිබඳ පරීක්ෂණ ආරම්භ විය.

    අයකිරීම පිළිබඳ පෙර විමර්ශන සළකා බලමින් අල්ලස් කොමිසම පරීක්ෂණ නැවත ආරම්භ කර තිබිණි.

    ( divaina)



    Screenshot 2025 09 29 132214

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න