#newstube

  • වත්කම් ගැන විමසමින් වජිරට ඇමතුම් රැසක්

    එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා.

    එම දුරකථන ඇමතුම්වලින් විමසා තිබුණේ වජිරගේ වත්කම් පිළිබඳවයි.

     

    New Project 65

    ඉකුත් සතියේ වජිරගේ දුරකථනය හිටිහැටියේ කාර්ය බහුලවී ඇත්තේ ඵ් නිසයි.

    ඒ ඔහුගේ වත්කම් ගැන පළ කෙරුණු පුවතක් හේතුවෙන්.

    එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සති අන්තය ගත කළේ ගාල්ලේ ය. ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ රැඳෙමින් දිස්ත්‍රික් කාර්යාලය වෙත පැමිණෙන ජනතාවගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දින දෙක වෙන් කර තිබුණේ පසුගිය සති අන්ත කිහිපයක ම ඒ වැඩකටයුතු පක්ෂයේ විශේෂ වැඩකටයුතු වෙනුවෙන් වැය කොට තිබු බැවිනි.

    කෙසේ නමුත් වජිර කාර්යාලයේ රැඳී සිටින බව ආරංචි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් කිහිපදෙනෙකු ද වජිර මුණගැසීමට පැමිණියේ මේ අතරවාරයේදී ම ය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේ ආසනය තුළ එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ගෙනයන වැඩකටයුතු පිළිබඳ මෙන්ම පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි.


    හිරේ දාලා නම් අපිව නවත්වන්න බෑ


    කොහොම නමුත් මේ සාකච්ඡා අතරතුරදී තවත් කාරණාවක් හදිසියේම ඉස්මතු වන්නේ ඉරිදා පුවත්පතක පළවී තිබුණු ප්‍රධාන සිරස්තලයක් හේතුවෙනි.

    “හිටපු මැති ඇමතිවරු 20කගේ වත්කම් විමර්ශන අරඹයි” මැයෙන් එක්තරා ඉරිදා පුවත්පතක පළවී තිබිණි. එම පත්තරයේ සිරස්තලයත් කියවමින් කෙනෙක් වජිරට මෙය පෙන්වී ය.
    කිසිඳු කලබලයක් නොවූ වජිර, “මම ඕක දැක්කා. කීපදෙනෙක් මට කතා කරලත් කිව්වා. ඕවට කලබල වෙන්න එපා” යනුවෙන් වජිර මඳ සිනහවක්ද පාමින් ඔහුට පිළිතුරු දුන්නේ ය.

    “නෑ, සර් මම මේ කිව්වේ ආණ්ඩුව හදන්නේ මොනවාහරි කරලා ඔබතුමන්ලව මර්දනය කරන්න. අනික විපක්ෂයේ දේශපාලනඥයින් අතරින් ඔබතුමා ඉදිරියෙන් ම ඉන්නවනේ. ඒ විතරක්ද පසුගිය සතියේ තිබුණු සංවත්සර සැමරුමෙත් එහි සංවිධායක කටයුතු සියල්ලක් ම පාහේ කළේ ඔබතුමා කියලා පත්තරවල පවා ගිහින් තිබුණා.”

    “පත්තරවල විතරක්ද ගිය සතියේ සෙනසුරාදා ෆේස්බුක්වල තිබුණේ අපේ සංවත්සරේ විතරමයි.”


    rv
    තවත් කෙනෙක් හඬ අවදි කළේය.




    “මේවා ඉතින් ආණ්ඩුවට හරියට රිදෙන වැඩ. ඔවුන් හිතුවා රනිල් නායකතුමාව හිරේ දැම්ම ම එතුමා පැත්තකට වෙලා ඉඳියි කියලා. නමුත් එතුමා සංවත්සර කතාවේ දී ම කිව්වනේ හිරේ දාලා නම් අපිව නවත්වන්න බෑ කියලා. ඒවාට රිදිලා වෙන්න ඇති ආණ්ඩුව ආපහු මෙහෙම කතාවක් ඇදලා ගන්න ඇත්තේ”

     

     





    මාධ්‍යවේදියාගේ දුරකතන ඇමතුම


    මේ කතාව යන අතරවාරයේම වජිරගේ දුරකථනය නාද වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකුගේ දුරකථන ඇමතුමක් සමගින්ය.

    “ඇමතිතුමා, අද ගාල්ල ආවේ කියලා ආරංචි වුණා. අද පත්තරවලත් ඔබතුමාගේ ඡයාරූප පළ වෙලා තිබෙනවා. මේ ගැන වොයිස් කට් එකක් ගන්න අපි එන්නද කාර්යාලයට.”

    ඔහු වජිරගෙන් විමසීය.

    සිනහවක්ද සමගින් “එන්නකෝ, එන්නකෝ...”

    විනාඩි 15 ක් යන්නට මත්තෙන් මාධ්‍යවේදීහු වජිරගේ උළුවිටිකේ කාර්යාලායට පැමිණියහ.

    තමන්ගේ කැමරා ආම්පන්න සූදනාම් කර ගැනීමෙන් අනතුරුව “සර්.. අපිනම් ලෑස්තියි” මාධ්‍යවේදීන් පැවසීය.

    “දැන් මොනා ගැනද කියන්න ඕන?”

    වජිර සුපුරුදු ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඇසී ය.

    “සර්, අද වත්කම් විමර්ශන අරඹයි කියලා ඔබතුමාගෙත් නම ඇතුළත් ප්‍රවෘත්තියක් පත්තරවල පළ වෙලා තියෙනවා. ඒක ගැන කතා කරමුද?”

    “මගේ ගැන ඕන වෙලාවක කතා කරන්න බැරියැ. මුලින්ම රටට, රටේ ජනතාවට තිබෙන ප්‍රශ්න ගැන අපි කතා කරලා ඉමු,” යැයි කියමින් වජිර මේ දිනවල වැඩි අවධානයට ලක්ව තිබෙන කාරණයක් පිළිබඳ සිය හඬ අවදි කරන්නට විය.



    ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ






    “වර්තමාන දේශපාලන යාන්ත්‍රණය ඉතාමත් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. අපි ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයක් තිබෙන ජාතියක්. අපි ලෝකයේ පැරණිම ඉතිහාසයක් තිබෙන ජාතියක්. ඒ වගේම ලෝකයේ උතුම්ම දහම වන බුදුදහම අපේ රට තුළ ජන ගත වී තිබෙනවා. මේ බෞද්ධ දර්ශනය ඔස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව බොහොම පරිස්සමින් ඉදිරියට ගෙනා යා යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රධාන තැනක් දී තිබෙන්නේ.

     




     ඉරිදා බෞද්ධ දහම් පාසල් ඒ වගේම වෙනත් ආගම් අදහන අය වෙනුවෙන් පැවැත්වෙන දහම් පාසැල්  හරහා අනාගත පරපුරට මේ ගැන අවබෝධයක් ලබාදෙමින් මේ රට සුරක්ෂිත කරලයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ. අපි ලෝකයට නීතී රීති හඳුන්වලා දුන්න බෞද්ධ දර්ශනය හරහා ඉදිරියට යන රටක්. මේ බෞද්ධ දර්ශනය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා හානිවන යම් ක්‍රියාමාර්ග තිබේනම් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික මහජනතාව පරාජය කළ යුතුයි.

     

    1601891878 dhaham pasal M


    දූෂණ විරෝධී පනත ගෙනාවෙ අපි


    මම දැක්කා අද මාධ්‍ය හරහා වත්කම් බැරකම් පිළිබද සොයා බලනවා කියලා ප්‍රවෘත්තියක් පළ වෙනවා. එහි මගේ නමත් සඳහන් වුණා. මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා. මගේ පැත්තෙන් ගත්තොත් මම අවුරුදු 30 කට අධික කාලයක් මේ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වත්කම් බැරකම් ඊටත් වඩා එහාට ගිහින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය දරපු සමයේ අපේ ආණ්ඩුව විසින් සම්මත කළ දූෂණ විරෝධි පනත හරහා ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ හරහා ඒ ගැන සමාජය දැනුවත් වීම බොහෝම හොඳයි.




     අපේ රට දූෂණයෙන් පිරි රටක් බවට අපේ ඇතැම් දේශපාලන පක්ෂ ලෝකයට ඉදිරිපත් කරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මොකද කළේ, 2023, අංක 9 දරණ දූෂණ විරෝධී පනත 2023 වසරේ අගෝස්තු මාසයේ 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කළා.




    විශේෂයෙන් මේ රටේ මහජනතාව මතක තබා ගත යුතුයි මේ කියන දූෂණ රට තුළ පාලනය කිරීම සඳහා නීති රීති මේ රටේ සම්පාදනය කළේ අවුරුදු දෙක හමාරක් මේ රටේ ජනාධිපතිධුරය දරපු රනිල් වික්‍රමසිංහයි. එතුමා මේක ගෙනාවේ අපේ රට තුළ දූෂණය තිබෙනවා කියන නිසා එය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන ආසියාවේ තිබෙන බලසම්පන්නම නීතීරීති පද්ධතියක් හඳුන්වා දෙන්න. මේ හරහා ඇතිවන ගැටලු තිබෙනවා. මේ හරහා ඇතිවන හොඳ තිබෙනවා. මේ හරහා ඇතැම් විට රාජ්‍ය යාන්ත්‍රණය මුහුණදෙන ගැටලු පවා තිබෙනවා.

    Ranil Wickremesinghe

    මේ දූෂණ වීරෝධි පනත පමණක් නෙමෙයි, පනත් 90ක් පමණ රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙක හමාරක් තුළ සම්මත කර තිබෙනවා. ඒ පනත් සියලලෙන්ම රටේ මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ක්‍රියා කළේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ කියලා මතක් කරන්න කැමතියි.


    කවුරුත් වැරැදි කරනවා


    ලෝකයේ මානවයා කරන ප්‍රධාන ම දෙයක් තමයි වැරදි. කොයි කෙනත් ඉපදුණු දා සිට වැරදි කරනවා. එය තමයි ලෝක ස්වභාවය. ඒවා නවත්වන්න බැහැ. කරන්න පුළුවන් එවා පාලනය කිරීම පමණයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය මුල් කරගෙන බෞද්ධ දර්ශනය ඔස්සේ ඒවා අපේ රට තුළ පාලනය කළා. වෙනත් ආගම්වල උනත් තත්ත්වය එසේමයි. ලෝකයේ දියුණුවත් සමග නීති රීති හඳුන්වාදෙමින් ඒ හරහා මහජනයා පාලනය කිරීම සිදුවෙනවා.




    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ මේ රට එක්සේසත් කරන්න. ඒ එක්සේසත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමේ දී සියලුදෙනා එකතු කරගනිමින් අපි පක්ෂ සංවත්සරය සැමරුමේ ඒ නිසයි. දේශපාලන පක්ෂ සහ සංවිධාන 50 කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහ සම්බන්ධ වණා. ඒ සම්බන්ධතාවය අපි දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. එ සම්බන්ධතාවය ශ්‍රී ලාංකික සමස්ත මහජනතාවගේ යහපත සඳහා කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න අපි මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා.''

     

  • වත්කම් හුටපට පත්තුවෙද්දි අල්ලස් කොමිසමේ ලොක්කාගෙන් විශේෂ ප්‍රකාශයක් !

    තොරතුරු දැනුම් දෙන පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා දූෂණ විරෝධී පනත ඉතා දැඩි ලෙස බැඳී සිටින්නේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ අදහස් දක්වමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් රංග දිසානායක පැවසුවේ ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් මේ වන විට තොතරතුරු දැනගැනීමේ පනත උපයෝගි කරගනිමින් තොරතුරු අවභාවිත කරන බවයි.




  • වත්තේගම නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

    වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ නීති විරෝධී ලෙස ජීප් රථ දෙකක් ආනයනය කිරීම සහා එම  ජීප් රථ ව්‍යාජව ලියාපදිංචි කිරීම සම්බන්දයෙන් බව පොලීසිය සඳහන් කරයි.

    මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ  පුළුල් විමර්ශනයකින් අනතුරුව සැක කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස්  කරමින් එම ලියාපදිංචි කිරීම් සිදුකර ඇති අතර ඊට දෙපාර්තමේන්තු සේවකයෙකුගේද සහාය ලැබී ඇත.

    2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වුණු අයෙක් වන වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ලෙස කටයුතු කල රවීන්ද්‍ර බණ්ඩාර හා  ලොහාන් රත්වත්තේ සමඟ සමීපව කටයුතු කල ලක්ෂිත මනෝජ් වීරබාහු යන අය මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත.

     

     

  • වත්මන් ආණ්ඩුව ජාතික කාන්තා කොමිෂන් සභාව අක්‍රිය කරලා - චමින්ද්‍රාණි කිරිඇල්ල

    වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජාතික කාන්තා කොමිෂන් සභාව සක්‍රීය කරන බවට පොරොන්දු වුව ද මේ වන විට ඊට අදාළව ප්‍රතිපාදන කිසිවක් වෙන් කර නැතැයි මහනුවර දිස්ත්‍රික් සමගි ජනබලවේග මන්ත්‍රිණි චමින්ද්‍රාණි කිරිඇල්ල පැවසුවා ය. 

  • වත්මන් දේශපාලනයේ විනෝදය මිස අන් යමක් පවතී ද...? - Ideas front වීඩියෝවක්

    අපි ජීවත්වන මේ සමයේ දේශපාලනය කරකැවෙන්නේ විනෝදය වටා බවත් එහි මධ්‍යයේ පවතින්නේ විනෝදය මිස අර්ථවත් යමක් නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • වත්මන් යුද තත්ත්වය තුළ අපි කුමක් කළ යුතු ද?

    ලංකාවේ මුහුදු සීමාවෙන් පිට එහෙත් ලංකාවට අනන්‍ය ආර්ථික කලාප මුහුදු සීමාව තුළ ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක් වූ ඉරාන යුද නැවක් මුහුදුබත් වී ජීවිත රැසක් විනාශ විය.

  • වත්මන් යුද්ධය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්; ආණ්ඩුව ජනතාව මත බදු බර පටවනවා - ජන අරගල සන්ධානය

    ලොව පුරා පවතින වත්මන් යුදමය තත්ත්වය හුදෙක් දේශපාලනික ගැටුමක් නොව, එය පැහැදිලි අධිරාජ්‍යවාදී මැදිහත්වීමක් බව ජන අරගල සන්ධානය අවධාරණය කරයි.

  • වත්මන් රජය තරුණයින්ට ආංශික අධීක්ෂණ කාරක සභා තහනම් කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    මාලිමා ආණ්ඩුව බලයට පත් වූ පසු ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කර, තරුණ සහභාගිත්වය ඉවත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • වත්මන් රජය, රාජ්‍ය සේවය විනාශ කරනවා - චන්ද්‍රිකා කුමාරතුංග

    වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කරමින් සිටිනන්නේ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කරන්නී ය.

  • වත්මන් රජයට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි? - Ideas front වීඩියෝවක්

    2015 සිට 2020 දක්වා පැවති රජයට රාජ්‍ය සේවකයින් උදව් නොකළා සේ ම වර්තමාන රජයට ද රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් දැඩි අපහසුතාවට පත් වෙලා - සජිත් ප්‍රේමදාස

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්වප්‍රකාශයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරිමටත් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සෞඛ්‍ය සේවාවක් සැලසීමටත් රෝගීන්ගේ අයිතිය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවට වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පොරොන්දු වූ ඇති නමුත් වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට දැඩි අපහසතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

  • වත්මනෙහි එක පරපුරක් ම මත් ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වෙලා - Ideas front වීඩියෝවක්

    වර්තමාන කම්කරු ක්ෂේත්‍රයේ පිරිස අතුරෙන් 95%පමණ ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී දුම්රිය ධාවනය නොකිරීමට යොජනාවක්

    වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී තැපැල් දුම්රිය දහවල් කාලයේ ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

  • වනාන්තර - අපට අහිමි කර ගත නොහැකි ජීවනාලිය

    වනහරනය, මිනිස්-සත්ව ගැටුම සහ ගෝලීය අත් දැකීම්

    වනහරනය සහ මිනිස්-සත්ව ගැටුම ස්වාභාවික වාස භූමි හැකිළී යෑමත් සමග අනතුරුදායක ලෙස එකට බැඳී පවතී. වනජීවීන්ට මිනිස් ජනාවාස වෙත සමීප වෙන්නට නිරන්තරයෙන් බල කෙරේ.

  • වනාන්තර සහ ජලය: හදිසි අර්බුදය වටහා ගැනීම

    මෙම මාසයේ ශ්‍රී ලංකාව අතිශයින්ම අහිතකර කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙනු ඇත. මූලික වාර්තාවලට අනුව, එවැනි ආන්තික කාලගුණික සිදුවීම් විසින් ඇති කරන ප්‍රධාන සමාජීය හා ආර්ථික ව්‍යසනයක් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාර්ථක ලෙස සුදුසු පියවර ගෙන ඇති බව පෙනේ.

  • වම දකුණ එකතු වන පෙර මග ලකුණු - රනිල් කොලම

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේ දී ම ය.

  • වයිෆ් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කරපු ෆිල්ම් එකක් - ශමීර නාඔටුන්න| (video)

    “වයිෆ්” චිත්‍රපටය මුල් අවස්ථාවේ ලංකාවේ බහුතරයක් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කළ බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ පසුව බවත්  “වයිෆ්” චිත්‍රපටයේ  අධ්‍යක්ෂක  ශමීර නාඔටුන්න පවසනවා.

  • වරදින හැමවිටම නිලධාරීන් බිල්ලට දී ආණ්ඩුව ඇඟ බේරා ගන්නවා - ජානක වක්කුඹුර

    ඉංග්‍රීසි භාෂාවට අදාල 6 වන ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවට වැරදුන පසු ආණ්ඩුව එය නිලධාරීන් පිට පටවා බේරීමට උත්සාහ දරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කරයි.

  • වර්ණ සිතුවම් නිසා ප්‍රතික්ෂේප වූ 'The Tale of Peter Rabbit'

    ද ටේල් ඔෆ් පීටර් රැබිට් (The Tale of Peter Rabbit) කියන්නේ බියට්‍රික්ස් පොටර් (Beatrix Potter) නම් වූ කතුවරිය විසින් රචිත ඉතාම ලස්සන කෘතියක්. ඒ විතරක් නෙවේ අමතක කළ නොහැකි අපූරු සිතුවම්වලින් මේ පොත වර්ණගැන්විලා තියෙනවා. පසුව මෙය සිනමාපට මාලාවක් ලෙසත් තිරයට එනවා.

     

     

    579649721 3829194417223941 1753844465929455315 n

     

  • වර්තමාන පාලන තන්ත්‍රයේ පරාජය සමූපකාර ඡන්දවලින් ඔප්පු වෙනවා - වජිර අබේවර්ධන

    එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ජාතික වශයෙන් කරන වැඩපිළිවෙළ ම ප්‍රාදේශීය වශයෙන් කරගෙන යෑමට සියලු වැඩකටයුතු සූදානම් කර තිබෙන බවත්, මේ දැනුවත් කිරීමේ දී සියලු දේශපාලන පක්ෂත් සමග ගමේ එකට වැඩ කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත්, එය ගමේ පවත්වන සමුපකාර ඡන්ද සහ ප්‍රාදේශීය ඡන්ද සියල්ලෙන් ම ජනතාව ඔප්පු කර ඇති බවත්, මහජනතාව එකට එකතු වී වර්තමාන පාලන තන්ත්‍රය පරාජය කරමින් පවතින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න