#newstube

  • වයිෆ් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කරපු ෆිල්ම් එකක් - ශමීර නාඔටුන්න| (video)

    “වයිෆ්” චිත්‍රපටය මුල් අවස්ථාවේ ලංකාවේ බහුතරයක් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කළ බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ පසුව බවත්  “වයිෆ්” චිත්‍රපටයේ  අධ්‍යක්ෂක  ශමීර නාඔටුන්න පවසනවා.

  • වරදින හැමවිටම නිලධාරීන් බිල්ලට දී ආණ්ඩුව ඇඟ බේරා ගන්නවා - ජානක වක්කුඹුර

    ඉංග්‍රීසි භාෂාවට අදාල 6 වන ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවට වැරදුන පසු ආණ්ඩුව එය නිලධාරීන් පිට පටවා බේරීමට උත්සාහ දරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කරයි.

  • වර්ණ සිතුවම් නිසා ප්‍රතික්ෂේප වූ 'The Tale of Peter Rabbit'

    ද ටේල් ඔෆ් පීටර් රැබිට් (The Tale of Peter Rabbit) කියන්නේ බියට්‍රික්ස් පොටර් (Beatrix Potter) නම් වූ කතුවරිය විසින් රචිත ඉතාම ලස්සන කෘතියක්. ඒ විතරක් නෙවේ අමතක කළ නොහැකි අපූරු සිතුවම්වලින් මේ පොත වර්ණගැන්විලා තියෙනවා. පසුව මෙය සිනමාපට මාලාවක් ලෙසත් තිරයට එනවා.

     

     

    579649721 3829194417223941 1753844465929455315 n

     

  • වර්තමාන පාලන තන්ත්‍රයේ පරාජය සමූපකාර ඡන්දවලින් ඔප්පු වෙනවා - වජිර අබේවර්ධන

    එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ජාතික වශයෙන් කරන වැඩපිළිවෙළ ම ප්‍රාදේශීය වශයෙන් කරගෙන යෑමට සියලු වැඩකටයුතු සූදානම් කර තිබෙන බවත්, මේ දැනුවත් කිරීමේ දී සියලු දේශපාලන පක්ෂත් සමග ගමේ එකට වැඩ කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත්, එය ගමේ පවත්වන සමුපකාර ඡන්ද සහ ප්‍රාදේශීය ඡන්ද සියල්ලෙන් ම ජනතාව ඔප්පු කර ඇති බවත්, මහජනතාව එකට එකතු වී වර්තමාන පාලන තන්ත්‍රය පරාජය කරමින් පවතින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.

  • වර්තමාන වාමාංශිකයින් ලෝක ආර්ථිකය හඳුනා ගෙන ද...? Ideas front වීඩියෝවක්

    අපේ රටේ ජනතාවට වම එපා වූයේ 70 – 77 කාලයේ දී යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • වර්තමාන වාමාංශිකයින් ලෝක ආර්ථිකය හඳුනා ගෙන ද...? Ideas front වීඩියෝවක්

    අපේ රටේ ජනතාවට වම එපා වූයේ 70 – 77 කාලයේ දී යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • වර්තමානයේ දී ශ්‍රී ලංකාවට අනුව ගීතයක අයිතිය කාගෙද ?

    ගීතයක් ජනගත වනුයේ හෝ පවතිනුයේ විශේෂයෙන්ම "ගායකයා" නිසා. උදාහරණයක් ලෙස "සිතින් මා නොසැලී" ගීතය කාගෙද කියලා ඇහුවොත්, අපි කියන්නෙ ඒක "T.M. ජයරත්නගෙ සි‍ංදුවක්" කියලා. ගායකයා තමයි ගීතය මිනිසුන් අතරට ගෙන යන්නෙ.

  • වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ගේ රීට් පෙත්සම මෙම මස 26වෙනි දා කැඳවයි

    වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව එම තනතුරෙන් ඉවත් කර එම තනතුර සඳහා ඝනක හේමචන්ද්‍ර පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගත් තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ ධුරයේ කටයුතු කළ ප්‍රහාත් මලවිගේ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මේ මස 26වෙනි දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (13 වැනිදා) නියෝග කළේ ය.

  • වරායට දොඹකර ගන්න පස් වතාවක් ටෙන්ඩර් කැඳවූයේ ඇයි...?

    වරාය සේවකයින්, වෘත්තිය සමිති, ආගමික නායකයින් සහ බහුජන සංවිධාන සිවිල් අරගලයක් කර ජාතියට රැකදුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රධානම උපකරණය වන ‘ස්ට්‍රැඩල් කැරියර්ස් (Straddle Carriers) මිලදී ගැනීමට ටෙන්ඩර් පහක් කැඳවා හතරක් අවලංගු කර ඇත.

  • වරුණ ජයසුන්දරව PTA යටතේ අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ – නීතිපති අධිකරණයට දන්වයි

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපති අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

  • වලානේ වැඩ වෙන්නේ කාගේ වුවමණාවට ද?

    සිමෙන්ති සංස්ථාවේ භාරකාරිත්වය යටතේ තිබෙන පුත්තලම, අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි භුමි භාගය තුළ දැවැන්ත පරිසර විනාශයක් සිදු කළ බවට චෝදනා කරමින් ආශා මිනරල් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ රසික අතපත්තු අත් අඩංගුවට ගෙන තිබේ.

  • වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට

    'නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට්' ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ වරදක් සිදුවී ඇති බවට තීරණය කර මුල් පැමිණිලිකරු විසින් නම්කර ඇති පුද්ගලයන් සැකකරුවන් ලෙසට නම් කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මුල් පැමිණිලිකරු වෙනුවෙන් කරන ලද ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් පසාන් අමරසේන ඊයේ (සැප්තැම්බර් 26) ප්‍රතික්ෂේප කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර ඇති පසුබිමක සහ මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් දැනට සිදු කර ඇති විමර්ශනයන්ට අනුව අපරාධ වරදක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

    ඇමති වසන්ත ඇතුළු පිරිස ප්‍රකාශ ලබා දෙයි

    ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය නඩුවාරයකදී එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව අගෝස්තු 14 දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ප්‍රකාශ ලබා දී තිබුණද එම ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර මෙම නඩුවේ විමර්ශන ගොනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර තිබිණි.

    විමර්ශනයට අදාළව සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, 2020 වර්ෂයේ නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පසුගිය අගෝස්තු 22 වන දින පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පැවසීය.

    අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණද, එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් උවමනා බව පොලිසිය පවසා සිටින බවත්, නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනයයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පසුගිය අගෝස්තු 22 පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පවසා සිටියේ ය.

    ''නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට්'' ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

    නැවත මෙම නඩුව ලබන 2026 වර්ෂයේ පෙබරවාරි මස 27 වන දින කැඳවීමට නියමිතය.

    (බීබීසී සිංහල )

    මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

    ඉඩම් වංචා නඩුව: විමර්ශන අවසන් වීමට පෙර විමර්ශන ගොනුව නීතිපති වෙත යැවීම ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් විමසයි

     

    The leader.lk

  • වසර 36 කට පසුව “සාජන්ට් නල්ලතම්බි” නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක් ! (video)

    පසුගියදා විශේෂ ‘Mirror Arts’ වැඩසටහනක් සමග එක් උනේ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක, ධර්මජිත් පුනර්ජීවයි.

  • වසර 4ක ජාතික අත්පිටපත් තරගාවලියේ කතෘ භාග පිරිනැමේ

    නවක ලේඛකයන් දිරිගැන්වීමේ අරමුණින් යුතුව 2019/ 2020/ 2021/ 2022 ජාතික අත්පිටපත් තරගාවලියේ කතෘ භාග පිරිනැමීමේ වැඩසටහන 2026.03.26 වෙනි දින සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදි පැවැත්විණ.

  • වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2,183ක්

    2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

  • වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

  • වසීම් තාජුඩීන් ඝාතන විමර්ශනයේ තීරණාත්මක ප්‍රගතියක්; ප්‍රබල සාක්ෂියක් සමග පරස්පර කතා !

    වසර 13ක් පෙර සිදුවූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ විමර්ශනවල තීරණාත්මක ප්‍රගතියක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමත් වී ඇති බව නිල ආරංචි මාර්ග තහවුරු කරයි.

    ඒ අනුව, රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් අවුරුදු 13කට පෙර අගනුවර මහ මගදී ඝාතනය කර ඇත්තේ මෙයින් අට මාසයකට පෙරදී වෙඩිතබා ඝාතනයට ලක්වු පුද්ගලයෙකු විසින් යැයි රහස් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

    සිද්ධිය වූ දින රාත්‍රියේ CCTV දර්ශනවල සිටි, මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු ප්‍රධාන සාක්ෂිකාරියක් විසින් මේ වන විට නිල වශයෙන් හඳුනාගෙන ඇති අතර, එය විමර්ශනවලට ලැබුණු වඩාත්ම ස්ථිර සාක්ෂිය ලෙස සැලකේ.

    මෙම නව තොරතුරු අනාවරණය වී ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කළ 'බැකෝ සමන්' නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලද තොරතුරක් මතය. එමගින් විමර්ශකයින්, 'කජ්ජා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ, මියගිය තවත් පාතාල සාමාජිකයෙකු වූ අරුණ ශාන්තගේ බිරිඳ ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

    ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් නිල ප්‍රකාශයකින්, 2012 වසරේ තාජුඩීන්ගේ රථය පසුපස හඹා ගිය රථයට ඇතුළු වන පුද්ගලයා, තම මියගිය සැමියා වූ අරුණ විදාන ගමගේ  ("කජ්ජා") බවට ස්ථිරව හඳුනාගෙන තිබේ. ඔහුගේ ශරීර ලක්ෂණ සහ හැසිරීම් රටා මත මෙම හඳුනාගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.


    ''මගේ පියාගේ ඝාතනයට මගේ මවත් ඇගේ අනියම් සැමියාත් සම්බන්ධයි'' - කජ්ජා' ගේ පුතා කියයි



    556139879 122207069228286401 7956159026713142167 n

     

    මේ අතර කජ්ජා' නොහොත් අරුණ විදාන ගමගේ බිරිඳගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ද සැක සංකා මතුවෙමින් තිබේ. කජ්ජා ගේ පුත්‍ර ඉඳුවර විදාන ගමගේ පවසන්නේ තම පියාගේ මරණයට තම මව සහ ඇයගේ අනියම් සැමියා සම්බන්ධ බවයි.

    තම පියාගේ ඝාතනයට සහ සහොදරයා හා සහෝදරියගේ ඝාතනවලට මගේ මව වන අමීශා බෙත්මී සහ ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රාමනායක නමැති පුද්ගලයා සම්බන්ධ බවට පැහැදිලී සාක්ෂි ඇතැයි කාජ්ජගේ පුත්‍රයකු ඉඳුවර විදාන ගමගේ පවසයි.

    ඔහු එබව සඳහන් කර ඇත්තේ, Induwara Vidanagamage ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.

    එම සටහනේ මෙසේ සඳහන් වේ.


    අරුණ විදාන ගමගේ නොහොත් 'කජ්ජා' තජුදින් ඝාතනයට සම්බන්ධ බවට පැතිරයන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම


    2012 වර්ශයේදී මැයි 17 වන දින ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක තාජුදීන් මහතාගේ ඝාතනයට, මෙම වසරේ පෙබරවාරී 19 වන දින ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද සම්බන්ද බවට ඊයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර ඇත.

    පොලිසිය පවසන ආකරයට වසීම් තජුදින් පපුපස හබා යන මොටර් රථයේ පසු පස හබා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ විදාන ගමගේ බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත.

    තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ෂණ මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇත .

    • ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදිරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නෙ තමන්ගේ සහොදරයාද සිටින්නෙ බවට අසන්නේ නැත්තේ ඇයි ?

     

    • තමන්ගේ දරු තිදෙනා හා තාමගේ සැමියා හැර දමා වෙනස් පුද්ගලයෙකූ සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ?

     

    • අුණ ප්‍රියන්ත පුද්ගලයා 2012 වර්ශයේදී මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කර වග ඔහූගේ සමිපතයන් දන්නා කරනවාක්. එහෙම තාත්ත්වයක් තිබියේදි ඇයි ඔහූගේ සහෝදර සහෝදිරියන්ගෙන් සාක්ෂි සටහන් කරගන්නෙ නැත්තේ ඇයි ?

     

    • තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශන වල සිටින බවට හදුනා ගෙන ඇත්තේ අංග ලක්ෂණ මගිනී. ඔහූ ඉනට අත් තබාගෙන සිටින බව මගින් ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකී...

     

    • තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහා දරූ දෙදනා ඝාතනය සදහා ඔහූ හා ඔහූගේ දරූ තිතෙනා හැර ගිය බිරිද සහ අනියම් පෙම්වතාද මෙම ඝාතනයට සම්බන්ද බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැතී පුද්ගලයාගේ සහොදර සහොදරියන්ට ඇත.

     

    • එයට හේතුව වී ඇත්තේ අරුණ ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් සිටි බිරිද හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බෑකෝ සමන්ගේ ප්‍රධාන සමාජිකයෙක් බවටද සාක්ශී ඇත.

     

    • තවද අරුණ ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් අනියම් පෙම්වතා සමග ඩුබායි රජයට ගොස් අරුණ ප්‍රියන්ත ඝාතනයට ප්‍රදාන සැකකරුවන බෑකෝ සමන් සමග සිටිය බවට පැහැදිලී සාක්ශි ද ඇත.



    එම නිසා මාගේ පියාගේ ඝාතනයට සහ මාගේ සහොදරයා හා සහෝදරියගේ ඝාතනවලට මගේ මව වන අමීශා බෙත්මී සහ ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක වන පුද්ගලයා සම්බන්ද බවට පැහැදිලී සාක්ෂි ඇත






    රිය අනතුරක් ලෙස බලධාරීන් විසින් නම් කළ තාජුඩින් ගේ මරණය !


    2012 මැයි 17 වන දින සිදු වූ වසීම් තාජුඩීන්ගේ මරණය, රිය අනතුරක් ලෙස බලධාරීන් විසින් නම් කරන ලදී.

    කෙසේ වෙතත්, 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය මිනීමැරුමක් සම්බන්ධයෙන් නැවත විවෘත කරන ලදී.

    දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි වූයේ තාජුඩීන්ගේ පපුවේ, උදරයේ සහ ගෙල ප්‍රදේශයේ අස්ථි බිඳීම් කිහිපයක් සිදු වී ඇති බවත්, එය රිය අනතුරකින් සිදුවිය නොහැකි ප්‍රබල පහරදීමක ප්‍රතිඵලයක් බවත්ය.

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්මන් පාලනය යටතේ, දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රධාන පෙළේ අපරාධ විසඳීමට ප්‍රමුඛතාවක් දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර, මෙම විමර්ශනවලට නව ජවයක් ලැබී ඇත්තේ ඒ පසුබිම තුළය.

    මෙම හඳුනාගැනීම, ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශක්තිමත් පදනමක් සපයන බව බලධාරීන් පෙන්වා දෙයි. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර, ඉදිරි පියවර කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු වී තිබේ.

    තාජුඩීන් ඝාතනයට චෝදනා කෙළින්ම එල්ලවුයේ, හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ, මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ශ සහ බිරිද ශිරන්ති රාජපක්ෂෂටය.

    2015 ජනාධිපතිවරන පොරොන්දුවක් වූ, තාජුඩීන් ඝාතනය, විටින් විට, දේශපාලන සහ අදිසි හස්තයන් නිසා යටගිය අතර, නමුත් වර්තමාන දිසානයක ආන්ඩුව යුක්තිය ඉටුකරනු ඇති බවට, තාජුඩීන් පවුලේ, සමීපයෙක් අප වෙත පැවසීය.

  • වහල මත සිටි මගීන් 67 දෙනාම බේරා ගැනේ

    පුත්තලම සහ අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව බස් රථයක සිරවී සිටියදී අසල තිබූ නිවසක වහලයක් මත රඳවා සිටින මගීන් 67 දෙනාම බේරා ගෙන තිබේ.

  • වහාම ඉවත්වන්න - දිස්ත්‍රික්ක 7කට නායයෑම් රතු නිවේදන

    දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

  • වහාම විගණකාධිපතිවරයකු පත් කරන්න; හර්ෂ ජනපතිට ලියයි

    තමන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස අත්සන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න