දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගලයින් සියගණනක් මිය යාම, තවත් සිය ගණනක් අතුරුදන් වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වීම සම්බන්ධයෙන් වාරිමාර්ග ඇමතිවරයාට ජම්පර අඳින්න වෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන හා මධ්‍ය පරිමාණ ජලාශ 74ක් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජිවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුල වාර්තා පළවේ.
ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
සිදුකළ කරුණු විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය තුල පළවන වාර්තා අසත්‍ය බවත් තමා උදැසන අවදිවී තේ පානය කරමින් යහපත් තත්වයෙන් සිටින බවත් ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජිවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුල පළවූ වාර්තා කිහිපයක් පහතින්


(nethnews)
වාහනවල අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වීමට බලපෑ හේතුන් සැලකිල්ලට ගනිමින් තාවකාලික අංක තහඩු භාවිතා කිරීමට අවසර දුන් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි වූ වාහන පිළිබද සියලු ම විස්තර සහ මිලගණන් මෙන් ම ඉදිරියට වාහන වෙළදපළ තුළ ඇතිවිය හැකි ප්රවණතා පිළිබඳ සවිස්තරාත්ම දත්ත විශ්ලේෂණයක් දැන ගැනීමට අවශ්‍ය නම් ඉක්මනින් ම Advocata Insider කෙනකු ලෙස ඒකතු වන්නැයි Advocata ආයතනය ආරාධනා කරයි.
හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කෙරෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ගල් අඟුරු කතාව තිබුණේ වැට උඩ ය.
මේ වන විට වැටෙමින් පවතින ලංකා ආර්ථිකය යළි ගොඩ නගන ආණ්ඩුව බිහිවන්නේ එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේග එකතුවකින් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව ක්‍රියා කර රටේ ආර්ථිකයත්, සමාජ ප්‍රශ්නත් විසඳීම සඳහා ක්‍රියා කරන බව අබේවර්ධන කීය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුව සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකට ක්‍රියා කිරීමට කිසිදු බාධාවක් නොමැති බව කී එජාප සභාපතිවරයා, එකම මතයක් දරන කණ්ඩායම් පක්ෂ දෙක නියෝජනය කරන නිසා එකතුව ඉදිරියට ගෙනයාමට කිසිඳු බාධාවක් කිසි විටෙකත් මතුනොවන බව ස්ථිර යැයි කීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ලෙස සේවය කළ, වැඩ තහනමට ලක් ව සිටින නීතීඥ චමින්ද කුලරත්න 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සමක් ගොනු කර ඇත.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ආපදා අවස්ථාවේ වැඩි මිලට බඩු විකුණා අයුතු ලාභ ගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා වන විවාදය ලබන 6 වැනිදා පාර්ලිමේන්තුවෙිදි පැවැත්වීමට පක්ෂ නායක හමුවේදී තීන්දු කරනු ලැබීය.
තම සංසදය විසින් කරන ලද ගණනයන්ට අනුව මේ වන විට නිවාස අහිමි සුනඛ ගහණය මිලියන විසි එක පමණ දක්වා අඩු වී ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද යැයි පවසන්නේ නම් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ මේ වසරේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
වැඩිහිටියන් බලා ගැනීම දරුවන් ගේ වගකීමක් ලෙස අප සමජයේ තවමත් සලකයි.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් කොළඹ ජනතාවට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් අද දින තම දිවා ආහාරය පරිත්‍යාග කර තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මීට සුළු මොහෙතකට පෙර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට සභාව තුළ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තබා ඇති බවත්, ඔහුගේ රාජකාරිය ඉටු කරන විට සිදු කරන ලද මේ වෙඩි තැබීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
*වෙඩික්කරු කොටුවුණේ ඩුබායි උපදෙස් අනුව දුරකතනයක් ගන්න ගිහින්
*සැකකරුවන් FCID භාරයට
*ඝාතකයා හඳුනා ගත්තේ බස් රියක යමින් සිටි බුද්ධි නිලධාරියෙක්
ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අපරාධකරුවෙක් යැයි ප්‍රචලිත කළේ මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායම යැයි පසන් කස්තුරි පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

