Language Switcher

Ad

Ad 01

V2025

වසීම් තාජුඩීන් ඝාතන විමර්ශනයේ තීරණාත්මක ප්‍රගතියක්; ප්‍රබල සාක්ෂියක් සමග පරස්පර කතා !

වසර 13ක් පෙර සිදුවූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ විමර්ශනවල තීරණාත්මක ප්‍රගතියක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සමත් වී ඇති බව නිල ආරංචි මාර්ග තහවුරු කරයි.

ඒ අනුව, රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් අවුරුදු 13කට පෙර අගනුවර මහ මගදී ඝාතනය කර ඇත්තේ මෙයින් අට මාසයකට පෙරදී වෙඩිතබා ඝාතනයට ලක්වු පුද්ගලයෙකු විසින් යැයි රහස් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ CCTV දර්ශනවල සිටි, මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු ප්‍රධාන සාක්ෂිකාරියක් විසින් මේ වන විට නිල වශයෙන් හඳුනාගෙන ඇති අතර, එය විමර්ශනවලට ලැබුණු වඩාත්ම ස්ථිර සාක්ෂිය ලෙස සැලකේ.

මෙම නව තොරතුරු අනාවරණය වී ඇත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලට ලක් කළ 'බැකෝ සමන්' නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් ලද තොරතුරක් මතය. එමගින් විමර්ශකයින්, 'කජ්ජා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ, මියගිය තවත් පාතාල සාමාජිකයෙකු වූ අරුණ ශාන්තගේ බිරිඳ ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් නිල ප්‍රකාශයකින්, 2012 වසරේ තාජුඩීන්ගේ රථය පසුපස හඹා ගිය රථයට ඇතුළු වන පුද්ගලයා, තම මියගිය සැමියා වූ අරුණ විදාන ගමගේ  ("කජ්ජා") බවට ස්ථිරව හඳුනාගෙන තිබේ. ඔහුගේ ශරීර ලක්ෂණ සහ හැසිරීම් රටා මත මෙම හඳුනාගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.


''මගේ පියාගේ ඝාතනයට මගේ මවත් ඇගේ අනියම් සැමියාත් සම්බන්ධයි'' - කජ්ජා' ගේ පුතා කියයි



556139879 122207069228286401 7956159026713142167 n

 

මේ අතර කජ්ජා' නොහොත් අරුණ විදාන ගමගේ බිරිඳගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ද සැක සංකා මතුවෙමින් තිබේ. කජ්ජා ගේ පුත්‍ර ඉඳුවර විදාන ගමගේ පවසන්නේ තම පියාගේ මරණයට තම මව සහ ඇයගේ අනියම් සැමියා සම්බන්ධ බවයි.

තම පියාගේ ඝාතනයට සහ සහොදරයා හා සහෝදරියගේ ඝාතනවලට මගේ මව වන අමීශා බෙත්මී සහ ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රාමනායක නමැති පුද්ගලයා සම්බන්ධ බවට පැහැදිලී සාක්ෂි ඇතැයි කාජ්ජගේ පුත්‍රයකු ඉඳුවර විදාන ගමගේ පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, Induwara Vidanagamage ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි.

එම සටහනේ මෙසේ සඳහන් වේ.


අරුණ විදාන ගමගේ නොහොත් 'කජ්ජා' තජුදින් ඝාතනයට සම්බන්ධ බවට පැතිරයන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම


2012 වර්ශයේදී මැයි 17 වන දින ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක තාජුදීන් මහතාගේ ඝාතනයට, මෙම වසරේ පෙබරවාරී 19 වන දින ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද සම්බන්ද බවට ඊයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර ඇත.

පොලිසිය පවසන ආකරයට වසීම් තජුදින් පපුපස හබා යන මොටර් රථයේ පසු පස හබා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරුණ විදාන ගමගේ බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත.

තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ෂණ මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇත .

  • ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදිරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නෙ තමන්ගේ සහොදරයාද සිටින්නෙ බවට අසන්නේ නැත්තේ ඇයි ?

 

  • තමන්ගේ දරු තිදෙනා හා තාමගේ සැමියා හැර දමා වෙනස් පුද්ගලයෙකූ සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ?

 

  • අුණ ප්‍රියන්ත පුද්ගලයා 2012 වර්ශයේදී මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කර වග ඔහූගේ සමිපතයන් දන්නා කරනවාක්. එහෙම තාත්ත්වයක් තිබියේදි ඇයි ඔහූගේ සහෝදර සහෝදිරියන්ගෙන් සාක්ෂි සටහන් කරගන්නෙ නැත්තේ ඇයි ?

 

  • තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශන වල සිටින බවට හදුනා ගෙන ඇත්තේ අංග ලක්ෂණ මගිනී. ඔහූ ඉනට අත් තබාගෙන සිටින බව මගින් ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකී ...

 

  • තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහා දරූ දෙදනා ඝාතනය සදහා ඔහූ හා ඔහූගේ දරූ තිතෙනා හැර ගිය බිරිද සහ අනියම් පෙම්වතාද මෙම ඝාතනයට සම්බන්ද බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැතී පුද්ගලයාගේ සහොදර සහොදරියන්ට ඇත.

 

  • එයට හේතුව වී ඇත්තේ අරුණ ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් සිටි බිරිද හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බෑකෝ සමන්ගේ ප්‍රධාන සමාජිකයෙක් බවටද සාක්ශී ඇත.

 

  • තවද අරුණ ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් අනියම් පෙම්වතා සමග ඩුබායි රජයට ගොස් අරුණ ප්‍රියන්ත ඝාතනයට ප්‍රදාන සැකකරුවන බෑකෝ සමන් සමග සිටිය බවට පැහැදිලී සාක්ශි ද ඇත.



එම නිසා මාගේ පියාගේ ඝාතනයට සහ මාගේ සහොදරයා හා සහෝදරියගේ ඝාතනවලට මගේ මව වන අමීශා බෙත්මී සහ ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක වන පුද්ගලයා සම්බන්ද බවට පැහැදිලී සාක්ෂි ඇත






රිය අනතුරක් ලෙස බලධාරීන් විසින් නම් කළ තාජුඩින් ගේ මරණය !


2012 මැයි 17 වන දින සිදු වූ වසීම් තාජුඩීන්ගේ මරණය, රිය අනතුරක් ලෙස බලධාරීන් විසින් නම් කරන ලදී.

කෙසේ වෙතත්, 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය මිනීමැරුමක් සම්බන්ධයෙන් නැවත විවෘත කරන ලදී.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි වූයේ තාජුඩීන්ගේ පපුවේ, උදරයේ සහ ගෙල ප්‍රදේශයේ අස්ථි බිඳීම් කිහිපයක් සිදු වී ඇති බවත්, එය රිය අනතුරකින් සිදුවිය නොහැකි ප්‍රබල පහරදීමක ප්‍රතිඵලයක් බවත්ය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්මන් පාලනය යටතේ, දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රධාන පෙළේ අපරාධ විසඳීමට ප්‍රමුඛතාවක් දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර, මෙම විමර්ශනවලට නව ජවයක් ලැබී ඇත්තේ ඒ පසුබිම තුළය.

මෙම හඳුනාගැනීම, ඉදිරි විමර්ශන කටයුතු සඳහා ශක්තිමත් පදනමක් සපයන බව බලධාරීන් පෙන්වා දෙයි. විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර, ඉදිරි පියවර කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු වී තිබේ.

තාජුඩීන් ඝාතනයට චෝදනා කෙළින්ම එල්ලවුයේ, හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ, මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ශ සහ බිරිද ශිරන්ති රාජපක්ෂෂටය.

2015 ජනාධිපතිවරන පොරොන්දුවක් වූ, තාජුඩීන් ඝාතනය, විටින් විට, දේශපාලන සහ අදිසි හස්තයන් නිසා යටගිය අතර, නමුත් වර්තමාන දිසානයක ආන්ඩුව යුක්තිය ඉටුකරනු ඇති බවට, තාජුඩීන් පවුලේ, සමීපයෙක් අප වෙත පැවසීය.