වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජාතික කාන්තා කොමිෂන් සභාව සක්‍රීය කරන බවට පොරොන්දු වුව ද මේ වන විට ඊට අදාළව ප්‍රතිපාදන කිසිවක් වෙන් කර නැතැයි මහනුවර දිස්ත්‍රික් සමගි ජනබලවේග මන්ත්‍රිණි චමින්ද්‍රාණි කිරිඇල්ල පැවසුවා ය.
අපි ජීවත්වන මේ සමයේ දේශපාලනය කරකැවෙන්නේ විනෝදය වටා බවත් එහි මධ්‍යයේ පවතින්නේ විනෝදය මිස අර්ථවත් යමක් නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ලංකාවේ මුහුදු සීමාවෙන් පිට එහෙත් ලංකාවට අනන්‍ය ආර්ථික කලාප මුහුදු සීමාව තුළ ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක් වූ ඉරාන යුද නැවක් මුහුදුබත් වී ජීවිත රැසක් විනාශ විය.
ලොව පුරා පවතින වත්මන් යුදමය තත්ත්වය හුදෙක් දේශපාලනික ගැටුමක් නොව, එය පැහැදිලි අධිරාජ්‍යවාදී මැදිහත්වීමක් බව ජන අරගල සන්ධානය අවධාරණය කරයි.
මාලිමා ආණ්ඩුව බලයට පත් වූ පසු ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කර, තරුණ සහභාගිත්වය ඉවත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කරමින් සිටිනන්නේ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කරන්නී ය.
2015 සිට 2020 දක්වා පැවති රජයට රාජ්‍ය සේවකයින් උදව් නොකළා සේ ම වර්තමාන රජයට ද රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්වප්‍රකාශයට අනුව සෞඛ්‍ය මානව අයිතිවාසිකමක් ලෙස සලකන බැවින් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරිමටත් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සෞඛ්‍ය සේවාවක් සැලසීමටත් රෝගීන්ගේ අයිතිය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවට වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පොරොන්දු වූ ඇති නමුත් වත්මන් සෞඛ්‍ය සේවාවේ ඇති විශාල ගැටලු නිසා රෝගීන් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ට දැඩි අපහසතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
වනඅලි ගැවසෙන ප්‍රදේශවල රාත්‍රී තැපැල් දුම්රිය දහවල් කාලයේ ධාවනය කිරීමට දුම්රිය බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
වනහරනය, මිනිස්-සත්ව ගැටුම සහ ගෝලීය අත් දැකීම්
වනහරනය සහ මිනිස්-සත්ව ගැටුම ස්වාභාවික වාස භූමි හැකිළී යෑමත් සමග අනතුරුදායක ලෙස එකට බැඳී පවතී. වනජීවීන්ට මිනිස් ජනාවාස වෙත සමීප වෙන්නට නිරන්තරයෙන් බල කෙරේ.
මෙම මාසයේ ශ්‍රී ලංකාව අතිශයින්ම අහිතකර කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙනු ඇත. මූලික වාර්තාවලට අනුව, එවැනි ආන්තික කාලගුණික සිදුවීම් විසින් ඇති කරන ප්‍රධාන සමාජීය හා ආර්ථික ව්‍යසනයක් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාර්ථක ලෙස සුදුසු පියවර ගෙන ඇති බව පෙනේ.
රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේ දී ම ය.
“වයිෆ්” චිත්‍රපටය මුල් අවස්ථාවේ ලංකාවේ බහුතරයක් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කළ බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ පසුව බවත් “වයිෆ්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න පවසනවා.
ඉංග්‍රීසි භාෂාවට අදාල 6 වන ශ්‍රේණියේ මොඩියුලය සම්බන්ධ ප්‍රශ්නය ආණ්ඩුවට වැරදුන පසු ආණ්ඩුව එය නිලධාරීන් පිට පටවා බේරීමට උත්සාහ දරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ප්‍රකාශ කරයි.
ද ටේල් ඔෆ් පීටර් රැබිට් (The Tale of Peter Rabbit) කියන්නේ බියට්‍රික්ස් පොටර් (Beatrix Potter) නම් වූ කතුවරිය විසින් රචිත ඉතාම ලස්සන කෘතියක්. ඒ විතරක් නෙවේ අමතක කළ නොහැකි අපූරු සිතුවම්වලින් මේ පොත වර්ණගැන්විලා තියෙනවා. පසුව මෙය සිනමාපට මාලාවක් ලෙසත් තිරයට එනවා.

එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ජාතික වශයෙන් කරන වැඩපිළිවෙළ ම ප්‍රාදේශීය වශයෙන් කරගෙන යෑමට සියලු වැඩකටයුතු සූදානම් කර තිබෙන බවත්, මේ දැනුවත් කිරීමේ දී සියලු දේශපාලන පක්ෂත් සමග ගමේ එකට වැඩ කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත්, එය ගමේ පවත්වන සමුපකාර ඡන්ද සහ ප්‍රාදේශීය ඡන්ද සියල්ලෙන් ම ජනතාව ඔප්පු කර ඇති බවත්, මහජනතාව එකට එකතු වී වර්තමාන පාලන තන්ත්‍රය පරාජය කරමින් පවතින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
අපේ රටේ ජනතාවට වම එපා වූයේ 70 – 77 කාලයේ දී යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අපේ රටේ ජනතාවට වම එපා වූයේ 70 – 77 කාලයේ දී යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ගීතයක් ජනගත වනුයේ හෝ පවතිනුයේ විශේෂයෙන්ම "ගායකයා" නිසා. උදාහරණයක් ලෙස "සිතින් මා නොසැලී" ගීතය කාගෙද කියලා ඇහුවොත්, අපි කියන්නෙ ඒක "T.M. ජයරත්නගෙ සිංදුවක්" කියලා. ගායකයා තමයි ගීතය මිනිසුන් අතරට ගෙන යන්නෙ.
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව එම තනතුරෙන් ඉවත් කර එම තනතුර සඳහා ඝනක හේමචන්ද්‍ර පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගත් තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ ධුරයේ කටයුතු කළ ප්‍රහාත් මලවිගේ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මේ මස 26වෙනි දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (13 වැනිදා) නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

