#newstube

  • රට නගන්න මහජන බැංකු විශ්‍රාමික සංගමයෙන් ලක්ෂ 45ක්

    රට ගොඩනඟන අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමය රුපියල් ලක්ෂ 45ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.

  • රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

  • රට රැකියාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්

    විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දී විවෘත කර තිබේ.

    විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මෙම කවුලුව විවෘත කර ඇත.

    මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරිම සිදු කරන අතර ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.

    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති  ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

     

    (Ada derana.lk)

  • රට වටා පාපැදි සවාරිය අද මහනුවරින් ආරම්භ වේ

    Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය මහනුවරින් අවසන් විය.

  • රට, ජාතිය, ආගම පවාදී හෝ දේශපාලන බලය රඳා පවත්වාගන්නා දේශපාලනයක් අපිට අවශ්‍ය නෑ - නාමල් රාජපක්ෂ

    මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොනැගිය යුතු බවත්, අවස්ථාවාදී දේශපාලනය තුළ තමන් ගේ රට ජාතිය ආගම පවාදී හෝ තමන්ගේ දේශපාලන බලය රඳා පවත්වාගන්නා දේශපාලනයක් තමන්ට අවශ්‍ය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

  • රටක් පාලනේ කරද්දී අවංකකම විතරක් මදි...

    ඔය ප්‍රාදේශීය සභා වගේ ඒවාගේ සභාපතිකමට පත්වෙන සමහර අම්බරුවෝ ඉන්නවා නේද, උං හිතාන ඉන්නේ ඒ ඒරියා එකේ රජතුමා උං කියලා.

  • රටට අවශ්‍ය වන්නේ සැලසුම් සහ අත්දැකීම් ඇති නායකත්වයක් - වජිර අබේවර්ධන

    එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය අවුරුදු දින කිහිපය තම නිවසෙහි රැඳී සිටිමින් තම පවුලේ අය සමග අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට මුල්තැන දී තිබුණි.

  • රටට ප්‍රාග්ධනය ගලා ඒම වළක්වන්නේ කවුද...? - Ideas front වීඩියෝවක්

    රට තුළට ප්‍රාග් ධනය ගලා ඒම වළක්වන්නේ මේ වන විට මෙරට සිටින ප්‍රධාන පෙළෙහි ව්‍යාපාරිකයින් දහදෙනකු පමණක ගේ එකතුවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • රටට, ජනතාවට, ව්‍යාපාරිකයන්ට හිතැති IMF ගිවිසුමක් සඳහා යොමු වන්න - සජිත් ප්‍රේමදාස රජයට අවධාරණය කරයි

    මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් බද්ද ඉවත් කරන්නේ කරන්නේ ඇයි ද යන්න ගැටලුසහගත යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් දක්වමිනි.

    එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා...

    ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු

    ''සාර්ව ආර්ථිකය මෙන්ම ක්ෂුද්‍ර ආර්ථිකය ගැන ද රජය සිතිය යුතු යි. තනි පුද්ගලයන් ගෘහ ඒකක, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර ගැන ද සිතිය යුතු යි. අදටත් ක්ෂුද්‍ර ආර්ථිකයේ පුද්ගලයා ජන ප්‍රජාව ගෘහ එකක මත පීඩනයක් පවතිනවා. මෙවැනි අපනයන හිතකාමී ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා නම් ඔක්තෝබර් 1 වැනිදා සිට IMF පදයට නටා එස් වැට් එක අයින් කරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා. මැතිවරණයේ දී පොරොන්දු වු ආකාරයට නව IMF ගිවිසුමකට ගියා නම් අපනයන හිතකාරී එස් වැට් එක තබා ගත හැකි වුවත් අද එය ඉවත් කරනවා. එස් වැට් හරහා අපනයනකරුවන්ට මුදල් ප්‍රවාහ ගැටලු ලිහිල් කරනවා. ලියාපදිංචි එස් වැට් සහභාගීවන්නන් අතර සැපයුම් කිරීමේ දි එකතු කළ අගය මත බදු අත්හිටුවනවා. මෙය අපනයන හිතකර තත්ත්වයක්. අපනයන ප්‍රවර්ධනය වෙනවා.

    සැපයුම්කරුවන්ගෙන් වැට් අය කරනවා වෙනුවට එස් වැට් බදු ඉන්වොයිස් එකක් නිකුත් කිරීමක්. අපනයනකරුවන් ගැන කැක්කුමක් ඇත් නම් IMF කොන්දේසි මත මේවා ඉවත් කරන්නේ ඇයි? මෙහි අහිතකරභාවය වන්නේ අපනයන කරුවන් තුළ මුදල් ප්‍රවාහ ගැටලුවක් නිර්මාණය වීමයි. ඒපමණක් නොවෙයි: ප්‍රමාදවීම් සිදුව, කාලය මිඩංගු වී, කාර්යක්ෂමතාව අඩුවී , පරිපාලන වියදම් වැඩි වී, අපනයන ක්ෂේත්‍රයේ තරග කරන්න ඇති රටවල් මේ ප්‍රශ්නයේ දී වේගවත්ව කටයුතු කරන නිසා අප රටට අවාසියි. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධන ගැටලු පවා නිර්මාණය වෙනවා.


    කාර්තු දෙකක ආර්ථික වර්ධන ඉලක්ක අභිභවා ගොස් තිබීම ඉතා හොඳ දෙයක්

    IMF එක 2024 ජුනි මාසයේ වැට් අනුකූලතාව සහ බදු එකතු කිරීමේ අරමුණින් කියා කොන්දේසියක් පනවා තිබෙනවා. කාර්තුවක් පාසා ලබා දෙන ඩොලර් බිලියන 2.9 සඳහා කොන්දේසි දමා තිබෙනවා. මේ නිසා අප රටේ අපනයකරුවන් බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා. අවසාන මොහොතේ හෝ IMF සමග සාකච්ඡා කර එස් වැට් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඩිජිටල්කරණය සම්පූර්ණ වන තුරු මෙය කල් දමා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

    පසුගිය කාලයේ රට බංකොලොත් වීම නිසා 260000ක් ව්‍යවසායකයන් අපහසුතාවලට ලක්වූ නිසා දැන්වත් IMF කියන පදයට නටන්නේ නැතිව කටයුතු කරන්න. එසේම ඇමතිවරයා ඉදිරිපත් කළ සුබවාදී තොරතුරු මත කිසිම අවස්ථාවක කුහක‌ දේශපාලනයේ නිරත වෙන්නෙ නැහැ. කාර්තු 2ක ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගොස් තිබීම ඉතා හොඳ දෙයක්. නමුත් 2028 සිට ඇ. ඩොලර් බිලියන 5.5ක් වාර්ෂිකව විදේශ ණය ගෙවන්න සූදානම් ද කියා ප්‍රශ්න කරනවා. පසුගිය රජය අනුගමනය කළ IMF ගිවිසුම අනුගමනය නොකර නැවත සාකච්ඡාවකට ගියා නම් 2033 සිට ණය ගෙවන්න පුළුවන්.


    දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය යි

    ආයතන ගණනාවක් අප රටේ දළ වශයෙන් සියයට 50ක් විවිධ දරිද්‍රතාවෙන් පෙළෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. පාරිභෝජන, ආදායම්, නිෂ්පාදන සහ ආයෝජන දරිද්‍රතාවෙන් පෙළෙනවා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලයේ දුප්පත්කම ගැන කතා කළ එක හොඳ වුනත් අස්වැසුම නිසා දුප්පත්කම නැති වෙන්නෙ නැහැ. එය හුදෙක් පාරිභෝජනය පමණක් ඉලක්ක කර ගත් දෙයක්. අපනයනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම නැහැ. මෙය දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවට පාරිභෝජනය සඳහා මූල්‍ය ශක්තියක් ලබා දීම පමණක් නිසා රටට දුප්පත්කම තුරන් කරන්න පැහැදිලි වැඩසටහනක් අවශ්‍ය යි.''


  • රටම එකට එක්විය යුතු වැඩසටහනක් !

    විස මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමීමේ කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් වෙනු­වෙන් රටම එකට එක් විය යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක ප්‍රකාශ කළේය.

  • රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් පොලි​ස් අත්අඩංගුවට

    "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ ඊයේ (15) දිනට අදාළ දෛනික වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.

  • රටම එකට මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 70,000 ට  වඩා වැඩිය 

    රටමඑකටජාතිකමෙහෙයුමයටතේසිදුකරනදෛනිකසෝදිසිමෙහෙයුම්වලටඅදාළවඊයේ (23)දිනයේදීපුද්ගලයින් 819ක්පොලීසියවිසින්අත්අඩංගුවටගෙනතිබේ.

  • රටින් එවන සහන බඩු ඉක්මනින් නිදහස් කිරීමට විශේෂ වැඩසටහනක්

    විපතට පත් ජනතාව වෙනුවෙන් විදෙස් රටවල්, රජයයන්, සංවිධාන සහ පුද්ගලයන් ලෙස එවන මුල්‍යාධාර සහ ද්‍රව්‍යමය ආධාර පහසුවෙන් සහ ඉක්මණින් නිෂ්කාශනය කිරීමේ කඩිනම් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා  (29) පැවැත්විණි.

  • රටේ ඉන්ධන සැපයුම ගැන තෙල් සංස්ථාවෙන් සහතිකයක්

    රට තුළ ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන් සහතික කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා පවසයි.

  • රටේ ජනතාවට ගුණාත්මක ඖෂධ ලබා දෙන්න - වෛද්‍ය කාවින්ද, වෛද්‍ය නලින්ද ගෙන් ඉල්ලයි

    කරුණාකර මේ රටේ ජනතාවට ගුණාත්මක ඖෂධ ලබා දිමට කටයුතු කරන්නැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

  • රටේ තත්වය මට වඩා හොඳින් ජනතාව දන්නවා - මහින්ද රාජපක්ෂ

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සිරකළ යුතු පුද්ගලයකු නොවේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

  • රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා - හිටපු ජනපති රනිල්

    රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

  • රටේ බලශක්ති ක්ෂේත්‍රය බරපතළ අර්බුදයක - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    අද වන විට අප රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ බරපතල අර්බුධයක් නිර්මාණය වී මෙය ඛේදවාචකයකින් අවසන් වීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • රටේ මිනිස්සු  අමාරුවේ දාන්න අපිට වුවමනා නැහැ - මහින්ද අමරවීර

    ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බවත් මේ රටේ මිනිස්සු  අමාරුවේ දැමීමට ද උවමනාවක් නැති බවත් මහින්ද අමරවීර පැවසී ය.

  • රටේ සංවර්ධන කටයුතු සඳහා වැඩිපුර ම විරුද්ධ වුණේ ජවිපෙ - නාමල් රාජපක්ෂ

    මේ රටේ සියලු සංවර්ධන කටයුතු සඳහා දැඩි ලෙස විරුද්ධ වූයේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න