ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනකු මිය යෑමක් පිළිබඳව මාධ්‍ය වාර්තාකරන අතර ඊට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ වන විට බරපතළ අවදානම් රැසකට රටක් ලෙස මුහුණ දෙන බවත් මැදපෙරදිග යුද්ධය අපේ රටින් පරිබාහිරව සිදු වුවත්, එයට අපට රටක් ලෙස වගකිවයුතු නොවූවත් රජය වගකීම සහ වගවීම සිදු කළ යුතු වැදගත් දෙයක් වන්නේ මේ යුදමය තත්ත්වය ගැන පූර්වයෙන් සූදානම් වීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් විසින් ආරම්භ කළ එක්දින වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8ට දිවයින පුරා සියලු රෝහල්වල ආරම්භ විය.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ජනවාරි 21වෙනි උදෑසන 8 සිට 22 වෙනිදා උදෑසන 8 දක්වා පැය 24 සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව මේ වන වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
පෙබරවාරි 09වන දින සිට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට තිබූ වර්ජන ක්‍රියාමාර්ගය, ඉල්ලීම් ඉටු කිරීම හේතුවෙන් අත්හිටවූ බව එම සංගමය පවසයි.
පෙබරවාරි 09වන දින සිට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට තිබූ වර්ජන ක්‍රියාමාර්ගය, ඉල්ලීම් ඉටු කිරීම හේතුවෙන් අත්හිටවූ බව එම සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක සහ එම පක්ෂයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළා යැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.
මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලු සඳහා කාල රාමුවක් සහිතව විසඳුම් ලබා දී නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදු වූයේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් වන බැවින් විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණිධාරි වෛද්‍යවරුන් සහ පරිපාලන වෛද්‍යවරුන් ඔ්නෑම මොහොතක සේවා අවශ්‍යතාව අනුව මුළු රට පුරාම ප්‍රතිකාර සේවා සපයන ලබන බවත්, එහි දී වෛද්‍යවරු: තම රාජකාරි, පොරොත්තු රාජකාරි සහ හදිසි ඇමතුම් රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් තමන් විසින් ම සලසාගනු ලබන අතර රාජ්‍ය සේවයේ අනෙක් සමාන්තර ඛාණ්ඩවලට මෙන් නිල වාහන හෝ ඉන්ධන දීමනා රජයෙන් ලබා දීමක් සිදු නොවන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි.
අතීතයේ විසූ රජවරු පවා මධ්‍ය කඳුකරයේ වැව් ඉදි නොකළ බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
රංගන ශිල්පි රජිත හිරාන්ට (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ලෙස පත් කර ඇතිබවට පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පැවසී ය.
2024 ජනාධිපතිවරණයේ දී: බොරුව සහ මුළාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සාමාන්‍ය වහරින් පවසනවා නම් රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවක දී පළමුවෙන් ම එය දැනෙන්නේ ගෙදර අම්මාට, බිරිඳට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා යයි පොහොට්ටු පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයකු වන දමිත වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ එම ඉල්ලීම කරනු ලබන්නේ සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.
'අපිට දේශපාලනයෙන් වැඩක් නැත', අපි හම්බ කළොත් අපි කනවා' යනාදි සංකල්ප රාජ්‍ය කටාවැට්ටවීම සඳහා සුදානම්ව සිටින බලවේග විසින් නිර්මාණය කරන ලද සංකල්ප යැයි මෙරට තරුණ පරම්පරාව තේරුම් ගත යුතු දෙයක් යැයි ද දමිත වික්‍රමසිංහ පවසයි.
ඔහු පවසන්නේ රටක අනාගතය සැලසුම් කරන්නේ: ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලන නියෝජිතයන් වන බැවින් අප කිසිවකුට දේශපාලනය බැහැර කළ නොහැකි බවයි.
ඔහු තවදුරටත් මෙසේද පවසයි.
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කටයුතු කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග් ( Wang Junzheng) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවේ පැවසීය.
රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත්, මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක පවසයි.
යුරෝපයේ ස්ථාවරත්වය පැවතියේ ඇමරිකාවේ ආරක්ෂක වැඩ පිළිවෙළ මත බැවින් ඇමරිකාව මේ වන විට යුරොපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා යම් මිලක් ගෙවිය යුතු බව පවසන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය
තුවාල සහිත දියවැඩියා රෝගීන් ලක්ෂයක් පමණ මේ වනවිට රට තුළ සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය බවට මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු අත් ඔසවා එකඟතාව පළ කළ අයුරු
මෙරට තුළ යහපත් ජනමාධ්‍ය භාවිතයක් ඇති කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යය බව මධ්‍යම පළාත් මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පවසති.
ඔවුහු එලෙස පැවසුවේ පසුගිය 22වන දින මහනුවර දී පැවැති ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරන ලද බහුපාර්ශවීය කමිටුවක් මගින් කෙටුම්පත් කළ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත (Zero draft) පිළිබඳව මධ්‍යම පළාතේ ජනමාධ්‍ය වේදීන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වැඩසටහනට සහභාගි වෙමිනි.
මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි; ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දායකත්වය ද හිමිව තිබිණ.
ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය අනාගතවාදී අවශ්‍යතාවක් බවත් කෙටුම්පත් කර ඇති ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් සංවර්ධනය කරමින් මෙරට ජනමාධ්‍යකරණයෙහි මාර්ගෝපදේශ ලියවිල්ල බවට පත්කර ගත යුතු බවත් වැඩසටහනට එක්වූ මාධ්‍යවේදීන් හා සිවල් සංවිධාන ක්‍රියාකාරිහූ ඒකමතිකව තීරණය කළහ.
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය යැයි කියන මතයේ සිට මෙරට ජනමාධ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු බවට යෝජනා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පසුගිය කාලය තුළ ඉදිරිපත් කරනු ලැබිණ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාවලිය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුණු සමග යම් දුරකට සමපාත වන බැවින් අදාළ කෙටුම්පත වඩාත් පුළුල් සහ සාරගර්භ එකක් බවට පත් කිරීම සඳහා දිවයිනේ පළාත් කිහිපයක මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් හමුවී අදහස් හා යෝජනා ලබා ගැනීමට තීරණය කළ බව එහි කැඳවුම්කරු ලසන්ත ද සිල්වා පැවසී ය.
මෙම අවස්ථාවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන සුනිල් ජයසේකර, සී. දොඩාවත්ත, ආනන්ද ජයසේකර, ශාන් විජේතුංග යන අය ද සහභාගි වූහ.

(අසේල කුරුළුවංශ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

