#newstube

  • රජය දැන් ඩීසල් ගන්නෙ ලෝක වෙළඳ පොළෙහි මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් - නාමල් රාජපක්ෂ

    වත්මන් රජය මේ වන විට ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළඳ පොළෙහි මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් බවත්, මීට පෙර පැවසුවේ නම් මිත්‍රශීලී රටවල් සමග සාකච්ඡා කර අඩු මිලට තෙල් ලබාගැනීමේ හැකියාවක් පවතින බව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්‍ රාජපක්ෂ පැවසී ය.

  • රජය විදුලි බිල වැඩි කළ හේතුව විපක්ෂ නායකවරයා හෙළිදරව් කරයි

    රජය විදුලි බිල වැඩි කර ඇත්තේ රජයේ අන්ත දූෂිත ගල් අඟුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සපයා ගැනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • රජය විපතට පත් ජනතාව ගේ මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - සජිත් ප්‍රේමදාස

    අවදානම විනාශය කලින් දැනුම් දුන්නා නම් යම් මට්ටමකට හෝ අවම කර ගැනිමට හැකියාවක් තිබුණා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • රජය සහ GMOA එකතු වී රෝගීන් බිලිගන්නවා - වෛද්‍ය ගිෂාන්ත දසනායක

    රට තුළ වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන මොහොතේ, වර්ජනය ක්‍රියාත්මක කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) හෝ සෞඛ්‍ය අමාත්‍යංශ පාර්ශ්වයෙන් හෝ ජනතාව වෙනුවෙන් කරුණු දක්වන බවක් දක්නට නැතැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.

  • රජයේ ආයුර්වේද සංස්ථාවේ නම අවභාවිත කළ ජාවාරමක්

    රජයේ ආයුර්වේද සංස්ථාවේ නාමය ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඖෂධ අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

  • රජයේ දොස්තරලාගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

  • රජයේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ දී අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ

    ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනකු මිය යෑමක් පිළිබඳව මාධ්‍ය වාර්තාකරන අතර ඊට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (17) පස්වරුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

  • රජයේ වගකීම සහ වගවීම වන්නේ යුදමය තත්ත්වය පිළිබඳ පූර්ව සූදානම යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    මේ වන විට බරපතළ අවදානම් රැසකට රටක් ලෙස මුහුණ දෙන බවත් මැදපෙරදිග යුද්ධය අපේ රටින් පරිබාහිරව සිදු වුවත්, එයට අපට රටක් ලෙස වගකිවයුතු නොවූවත් රජය වගකීම සහ වගවීම සිදු කළ යුතු වැදගත් දෙයක් වන්නේ මේ යුදමය තත්ත්වය ගැන පූර්වයෙන් සූදානම් වීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අද වර්ජනයේ

    රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් විසින් ආරම්භ කළ එක්දින වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8ට දිවයින පුරා සියලු රෝහල්වල ආරම්භ විය.

  • රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ  සංගමය සංකේත වැඩ වර්ජනයක

    රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ  සංගමය ජනවාරි 21වෙනි උදෑසන 8 සිට 22 වෙනිදා උදෑසන 8 දක්වා පැය 24 සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව මේ වන වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

  • රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවයි

    පෙබරවාරි 09වන දින සිට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට තිබූ වර්ජන ක්‍රියාමාර්ගය, ඉල්ලීම් ඉටු කිරීම හේතුවෙන් අත්හිටවූ බව එම සංගමය පවසයි.

  • රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවයි

    පෙබරවාරි 09වන දින සිට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට තිබූ වර්ජන ක්‍රියාමාර්ගය, ඉල්ලීම් ඉටු කිරීම හේතුවෙන් අත්හිටවූ බව එම සංගමය පවසයි.

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ නාමල් අතර හමුවක්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක සහ එම පක්ෂයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළා යැයි එම සංගමයේ  ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග තව දුරටත්...

    මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලු සඳහා කාල රාමුවක් සහිතව විසඳුම් ලබා දී නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදු වූයේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ට ඉන්ධන සහ ප්‍රවාහන ගැටලුවක්

    වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවක් වන බැවින් විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණිධාරි වෛද්‍යවරුන් සහ පරිපාලන වෛද්‍යවරුන් ඔ්නෑම මොහොතක සේවා අවශ්‍යතාව අනුව මුළු රට පුරාම ප්‍රතිකාර සේවා සපයන ලබන බවත්, එහි දී වෛද්‍යවරු: තම රාජකාරි, පොරොත්තු රාජකාරි සහ හදිසි ඇමතුම් රාජකාරි සඳහා ප්‍රවාහන පහසුකම් තමන් විසින් ම සලසාගනු ලබන අතර රාජ්‍ය සේවයේ අනෙක් සමාන්තර ඛාණ්ඩවලට මෙන් නිල වාහන හෝ ඉන්ධන දීමනා රජයෙන් ලබා දීමක් සිදු නොවන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

  • රජයේ වෛද්‍යවරුන්ගේ දැඩි ක්‍රියාමාර්ග අද සිට

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි.

  • රජවරු මධ්‍ය කඳුකරයේ වැව් හැදුවෙ නැත්තෙ ඇයි...?

    අතීතයේ විසූ රජවරු පවා මධ්‍ය කඳුකරයේ වැව් ඉදි නොකළ බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • රජිත හිරාන් (පිං පොං) ගේ  ආසන සංවිධායක ධුරය පිළිබඳ අලුත් ම පුවත

    රංගන ශිල්පි රජිත හිරාන්ට (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ලෙස පත් කර ඇතිබවට පළවන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පැවසී ය.

  • රට අන්තරාදායක තත්ත්වයකට පත්වුණේ ඇයි? - සජිත් කරුණු පැහැදිලි කරයි

    2024 ජනාධිපතිවරණයේ දී: බොරුව සහ මුළාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදය අමතමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...



    2028 මුහුණ දීමට නියමිත අභියෝගය පිළිබඳව අවබෝධයක් අපිට තිබෙනවා


    ''සමගි ජන බලවේගය ජනතාවගේ දුක කඳුළ වේදනාව ප්‍රශ්න ගැටලු අවබෝධ කර ගන්නා ශක්ති සම්පන්න බලවේගයක් විය යුතු යි. ලක්ෂ 220ක් අප රටේ ජනතාව මෑත කාලයේ ජනාධිපතිවරණ දෙකක දී රැවටුණා. 2019 ජනාධිපතිවරණයෙන් පසු රට බංකොලොත් වුණා. 2024 ජනාධිපතිවරණයේ දී බොරුව සහ මුලාව නිසා රට අන්තරාදායක තත්ත්වයට පත් වුණා. 2028 රට මුහුණ දීමට නියමිත අභියෝගය ගැන හොඳ අවබෝධයක් අපිට තිබෙනවා. 2028 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ණය ගෙවීමට සිදුවෙනවා. එය සිදු කිරිම නම් රටේ ආර්ථික වර්ධන වේගය වේගවත් විය යුතු යි. කර්මාන්ත, කෘෂිකර්මාන්ත, සංචාරක, සේවා ආදී සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් සිදුවිය යුතු යි.

     එසේ කළහොත් පමණක් 2028 සිට ණය ගෙවීමට හැකි වුනත් මේ යන වේගයට ගියොත්, මේ යන ආකාරයට ආර්ථිකය වර්ධනය නොවුනහොත් ලැබිය යුතු සෘජු විදේශ ආයෝජනවලින් ලැබෙන්නේ තුනෙන් එකක් නම්, ණය ගෙවිය නොහැකිව නැවත වරක් බංකොලොත් වෙනවා.


    මේ රජයත් පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරනවා


    පසුගිය රජයේ අයි. එම්. එෆ්. ගිවිසුම ගැන උපදෙස් දුන් ආර්ථික උපදේශකවරු කියන ආකාරයට මේ යන ක්‍රමයට නම් ණය ගෙවන්න බැරි බව කියනවා. ඒ අයම තමයි 2033 සිට ණය ගෙවිය යුතුව තිබිය දී 2028 ණය ගෙවිය යුතු වසර ලෙස තීන්දු කළේ. පසුගිය රජය ගිය ගමනම වත්මන් රජයත් යනවා. මේ රජයට ජනාධිපති පුටුව 159ක බහුතරයක් තියාගෙන, පළාත් පාලන ආයතනවල බහුතරයක් තියා ගෙන තවමත් පසුගිය රජයේ ගිවිසුම ම අනුගමනය කරමින් යනවා. පසුගිය රජයේ අදූරදර්ශී ප්‍රතිපත්තියම අනුගමනය කරනවා.

    2028 දී ණය ගෙවන්න බැරි වුවහොත් 'බංකොලොත්' යන නාමය රටට ලැබෙනවා. අයි. එම්. එෆ්. එක 2033 සිට ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි කියද්දීත් 2028 ණය ගෙවන්න පොරොන්දු වෙලා තිබෙනවා. ඒ සඳහා මේ වසර තුනේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු යි. විදේශ සංචිත පවත්වා ගෙන යා යුතු වුවත් සිදු වන්නේ රැවටිල්ල බොරුව පමණයි.''

    මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනී කවිරත්න ඇතුළු දේශපාලන නායකයන් රැසක් එක්වූහ.

     
     
  • රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවක දී පළමුවෙන් ම එය දැනෙන්නේ ගෙදර අම්මාට හෝ බිරිඳට - නාමල් රාජපක්ෂ

    සාමාන්‍ය වහරින් පවසනවා නම් රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවක දී පළමුවෙන් ම එය දැනෙන්නේ ගෙදර අම්මාට, බිරිඳට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න