#newstube

  • ලෝක ක්ෂය රෝග දිනය; සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට විශේෂ පලඳනාවක්

    ලෝක ක්ෂය රෝග දිනය (World Tuberculosis Day) ඊයේ (24) ට යෙදී ඇති අතර, සෑම වසරක ම මාර්තු මස 24 වන දින ලෝක ක්ෂය රෝග දිනය සමරයි.

  • ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වෙයි 

    2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තිබූ අවසන් බලාපොරොත්තුවත් ඊයේ (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

  • ලෝක තෙල් මිල ඉහළට; සැපයුම තහවුරු කිරීමට G7 රටවල් සූදානම් වෙයි

    ඇමරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමග ඇති කරගෙන තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

  • ලෝක රන් මිලේ ඉහළ යාම හමුවේ මෙරට රන් මිල යළිත් ඉහළට

    ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර අද (28) වනවිට ලෝක රන් මිල ඩොලර් 5250 දක්වා ඉහළ ‍ගොස් ඇත.

  • ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට

    අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.

  • ලෝක ශූරතා තරගයක වයස අවුරුදු 55-59 කාණ්ඩයක ශ්‍රී ලාංකිකයකු දිනාගත් පළමු පදක්කම ගාමිණී සුගතදාසට

    ක්‍රීඩා ඉසව් අතර ලෝකයේ දැවැන්ත තරගාවලියක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන තරගාවලියක් ලෙස 2025 TCS New York City Marathon (AbbottWMM MTT Age Group World Championships) මෙම මැරතන් තරගාවලිය හඳුන්වනවා.

  • ලෝක සිතියමෙහි ලංකාව පවතින තාක් කල් වැළැක්විය නොහැකි දෙයක් පිළිබඳ ඇමති හඳුන් ගෙන් හෙළිදරව්වක්

    ලෝක සිතියමෙහි ලංකාව පවතින තාක් ලංකාව ගෝලීය වශයෙන් සමුද්‍ර කර්මාන්තයේ කේන්ද්‍රය වීම කිසිවකුට වැළැක්විය නොහැකි යැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රි ලංකාවේ සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශ ප්‍රවර්ධන සමුළුවට සහභාගි වූ අවස්ථාවේ දී ය.

    එම සමුළුව අමතමින් වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ තත්ත්වය එසේ වුව ද පසුගිය ඉතිහාසය පුරා ම ඒම කර්මාන්ත ආශ්‍රයෙන් මෙරටට අවශ්‍ය කරන විදේශ විනිමය නිසියාකාරයෙන් කැඳවා ගන්නට අසමත් වී ඇති බවයි.

    ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවයන් අනාවරණය කෙරෙන "VOYAGE SRI LANKA 2025" සමුද්‍රීය සමුළුව කොළඹදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව "VOYAGE SRI LANKA 2025", කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

    "ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවතාවය අනාවරණය කිරීම" යන තේමාව යටතේ නීල ආර්ථිකය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය සහ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කිරීම මෙම සමුළුවේ අරමුණ විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, නවෝත්පාදනය, මානව ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ගෝලීය තරඟකාරීත්වයෙන් යුත් සමුද්‍රීය හා අක්වෙරළ සේවා අංශයක් පෝෂණය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවයි.

    මෙහිදී අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති  තවදුරටත් සඳහන් කළේ භූගෝලීය ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීම සමුද්‍ර කර්මාන්තයට වාසිදායක බවයි. ඒ සඳහා යටිතල පහසුකම් සංවර්ධනයේදී වැදගත් කාර්යයක් ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සමුද්‍ර කර්මාන්තයෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අමාත්‍යාංශය කටයුතු කරන බව ද ඔහු පැවසීය. සමුද්‍ර කර්මාන්තයේ ආයෝජනය සඳහා ජාත්‍යන්තරයට ආරාධනා කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සියළුම පහසුකම් සම්පාදනය කරන බව ද ප්‍රකාශ කළේය.

    මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු  තිරසාර සමුද්‍රීය ආයෝජන සහ ආර්ථික පරිවර්තනය හරහා ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන දේශනය පැවැත්වීය.

     ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කඩොනෝ  ශ්‍රී ලංකාවේ නීල ආර්ථික පරිවර්තනයේදී ආසියානු සංවර්ධන බැංකුවේ උපායමාර්ගික හවුල්කාරිත්වය සහ උගත් පාඩම් සහ අනාගත ආයෝජන අවස්ථා පිළිබඳව දේශනයක් පැවැත්වීය.

    වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා , ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, අනෙකුත් ආයතන ප්‍රධානීන්, කර්මාන්ත ප්‍රමුඛයින්, හවුල්කරුවන් සහ ශ්‍රී ලංකාවේ සහ විදේශීය නියෝජිතයන් විශාල පිරිසක් සමුළුවට එක්ව සිටියහ.

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය, Colombo Dockyard,GAC Group  Sri Lanka යන ආයතනවල නියෝජිතයින් සමුළුවට එක්ව සිටියහ.

    ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන සහකරුවන් මෙන්ම මොරටුව විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය විශේෂඥයින් සහ දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින් රැසක් මෙම උත්සවයට සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.

    Lanka Marine Services, Seylan Bank PLC, Lanka IOC PLC, Hayleys Advantis Limited, ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම සමුළුවට අනුග්‍රාහකයින් ලෙස සහාය දැක්වීය.

  • ලෝකයක්ම කතා කරන නුවරඑළිය ඓතිහාසික රෝස තැපෑලේ වහලෙ හිල් ගොඩයි !

    නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී එහි වහලයේ ඇති අබලං තත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම වැසි ජලයෙන් තෙමී යාමේ අවදානම් තත්ත්වයක් උදාවී ඇත.

  • ලෝකයේ ම දරුවන්ට විස පොවා සිය දරුවන් විසෙන් දුරස් කළ පියා

    "ශ්‍රේෂ්ඨ මිනිස්සු මත්ද්‍රව්‍ය භාවිතා නොකරයි"

    මේ කතාව කියන්නේ සිගරට් එකක්වත් කටේ තියන්නේ නැති මනුස්සයෙක් නෙවෙයි. මේ කතාව කියන්නේ එතෙක් මෙතෙක් මත්ද්‍රව්‍ය ඉතිහාසයේ "king" ලෙස හඳුන්වන Pablo Escobar. Escobar හඳුන්වන්නේ "King of Cocaine" කියලා.
  • වංගීස මතු කළේ ප්‍රභූ නිර්ප්‍රභූ භාෂා අතර ඇති වෙනස

    පසුගිය තුන්වන දින ''සිංහල භාෂාවේ හෙට දවස'' මැයෙන් ලිපි එකතුවක් අන්තර්ගත කෘතියක් නිකුත් විය.

  • වජිර ගේ සතියේ දේශපාලන තොරතුරු

    සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ 2026 නව වසර සඳහා වැඩ ආරම්භය පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, නියෝජ්‍ය මහලේකම් හරීන් ඇතුළු සිරිකොත කාර්ය මණ්ඩාය මේ සඳහා එක්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් ද තම පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියේ තම නායක රනිල් මුණ ගැසී නව වසර සඳහා සුබ පැතීමටය.

  • වජිර පිළිබඳ රනිල් ගේ විශ්වාසය පළවේ

    පසුගිය සතිය තුළත් එක්සත් ජාතික පක්ෂය තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණේ අයහපත් කාළගුණ තත්ත්වය නිසා රටටත්, ජනතාවටත් අනපේක්ෂිත ලෙස මුහුණ දෙන්නට සිදුවූ ආපදා තත්ත්වය සම්බන්ධවයි.

  • වජිරගේ ආගිය කතා : 'මම එහෙම කෙනෙක් නෙමෙයි' !

    එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පසුගිය සතියේ එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගීව තිබුණා.

  • වජිරගේ ඩයරිය | එක්සත් ජාතික පක්ෂයෙන් රටවටා රැස්වීම් 1000ක්

    එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සතියේ සිකුරාදා කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය වෙත පැමිණෙන්නේ තායිලන්ත රටේ මව් රැජින වූ අභාවප්‍රාප්ත සිරිකිට් රැජිණිය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහායි.

  • වජිරට එයාගෙ තාත්තා කියපු දේවල් මොනව ද...?

    පසුගිය සතියේ දිවයිනට බලපෑ “දිට්වා” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ජනතාවට විශාල කරදර රාශියකට මුහුණ පාන්නට සිදුවිය. ඇතැම් ප්‍රදේශවල ජනතාව ගංවතුර නිසා අපහසුතාවයට පත්වූහ. තවත් ප්‍රදේශවල ජනතාව සුළඟින් සහ නායයෑම්වලින් පීඩාවට පත්වන්නට වූහ.

  • වට්ටක්කා පවුල් දස දහසක් අමාරුවේ වැටිලා

    මාතලේ, සිවලාකුලම සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල යල කන්නයේ වට්ටක්කා වගා කළ ගොවි පවුල් දස දහසකට වැඩි පිරිසක් අස්වනු අලෙවි කරගත නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ.

  • වට්ටමඩු දාගැබ ආරක්ෂා කළ ගැබ්බර ඇතින්න වෙඩි තබා ඝාතනය කරලා

    වට්ටමඩු ප්‍රදේශය ආශ්‍රිතව දිවි ගෙවූ ගැබ්බර ඇතින්නක වෙඩි තබා ඝාතනය කර ඇත.

  • වත්කම් ගැන විමසමින් වජිරට ඇමතුම් රැසක්

    එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා.

    එම දුරකථන ඇමතුම්වලින් විමසා තිබුණේ වජිරගේ වත්කම් පිළිබඳවයි.

     

    New Project 65

    ඉකුත් සතියේ වජිරගේ දුරකථනය හිටිහැටියේ කාර්ය බහුලවී ඇත්තේ ඵ් නිසයි.

    ඒ ඔහුගේ වත්කම් ගැන පළ කෙරුණු පුවතක් හේතුවෙන්.

    එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සති අන්තය ගත කළේ ගාල්ලේ ය. ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ රැඳෙමින් දිස්ත්‍රික් කාර්යාලය වෙත පැමිණෙන ජනතාවගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දින දෙක වෙන් කර තිබුණේ පසුගිය සති අන්ත කිහිපයක ම ඒ වැඩකටයුතු පක්ෂයේ විශේෂ වැඩකටයුතු වෙනුවෙන් වැය කොට තිබු බැවිනි.

    කෙසේ නමුත් වජිර කාර්යාලයේ රැඳී සිටින බව ආරංචි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් කිහිපදෙනෙකු ද වජිර මුණගැසීමට පැමිණියේ මේ අතරවාරයේදී ම ය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ තමන්ගේ ආසනය තුළ එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ගෙනයන වැඩකටයුතු පිළිබඳ මෙන්ම පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි.


    හිරේ දාලා නම් අපිව නවත්වන්න බෑ


    කොහොම නමුත් මේ සාකච්ඡා අතරතුරදී තවත් කාරණාවක් හදිසියේම ඉස්මතු වන්නේ ඉරිදා පුවත්පතක පළවී තිබුණු ප්‍රධාන සිරස්තලයක් හේතුවෙනි.

    “හිටපු මැති ඇමතිවරු 20කගේ වත්කම් විමර්ශන අරඹයි” මැයෙන් එක්තරා ඉරිදා පුවත්පතක පළවී තිබිණි. එම පත්තරයේ සිරස්තලයත් කියවමින් කෙනෙක් වජිරට මෙය පෙන්වී ය.
    කිසිඳු කලබලයක් නොවූ වජිර, “මම ඕක දැක්කා. කීපදෙනෙක් මට කතා කරලත් කිව්වා. ඕවට කලබල වෙන්න එපා” යනුවෙන් වජිර මඳ සිනහවක්ද පාමින් ඔහුට පිළිතුරු දුන්නේ ය.

    “නෑ, සර් මම මේ කිව්වේ ආණ්ඩුව හදන්නේ මොනවාහරි කරලා ඔබතුමන්ලව මර්දනය කරන්න. අනික විපක්ෂයේ දේශපාලනඥයින් අතරින් ඔබතුමා ඉදිරියෙන් ම ඉන්නවනේ. ඒ විතරක්ද පසුගිය සතියේ තිබුණු සංවත්සර සැමරුමෙත් එහි සංවිධායක කටයුතු සියල්ලක් ම පාහේ කළේ ඔබතුමා කියලා පත්තරවල පවා ගිහින් තිබුණා.”

    “පත්තරවල විතරක්ද ගිය සතියේ සෙනසුරාදා ෆේස්බුක්වල තිබුණේ අපේ සංවත්සරේ විතරමයි.”


    rv
    තවත් කෙනෙක් හඬ අවදි කළේය.




    “මේවා ඉතින් ආණ්ඩුවට හරියට රිදෙන වැඩ. ඔවුන් හිතුවා රනිල් නායකතුමාව හිරේ දැම්ම ම එතුමා පැත්තකට වෙලා ඉඳියි කියලා. නමුත් එතුමා සංවත්සර කතාවේ දී ම කිව්වනේ හිරේ දාලා නම් අපිව නවත්වන්න බෑ කියලා. ඒවාට රිදිලා වෙන්න ඇති ආණ්ඩුව ආපහු මෙහෙම කතාවක් ඇදලා ගන්න ඇත්තේ”

     

     





    මාධ්‍යවේදියාගේ දුරකතන ඇමතුම


    මේ කතාව යන අතරවාරයේම වජිරගේ දුරකථනය නාද වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකුගේ දුරකථන ඇමතුමක් සමගින්ය.

    “ඇමතිතුමා, අද ගාල්ල ආවේ කියලා ආරංචි වුණා. අද පත්තරවලත් ඔබතුමාගේ ඡයාරූප පළ වෙලා තිබෙනවා. මේ ගැන වොයිස් කට් එකක් ගන්න අපි එන්නද කාර්යාලයට.”

    ඔහු වජිරගෙන් විමසීය.

    සිනහවක්ද සමගින් “එන්නකෝ, එන්නකෝ...”

    විනාඩි 15 ක් යන්නට මත්තෙන් මාධ්‍යවේදීහු වජිරගේ උළුවිටිකේ කාර්යාලායට පැමිණියහ.

    තමන්ගේ කැමරා ආම්පන්න සූදනාම් කර ගැනීමෙන් අනතුරුව “සර්.. අපිනම් ලෑස්තියි” මාධ්‍යවේදීන් පැවසීය.

    “දැන් මොනා ගැනද කියන්න ඕන?”

    වජිර සුපුරුදු ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඇසී ය.

    “සර්, අද වත්කම් විමර්ශන අරඹයි කියලා ඔබතුමාගෙත් නම ඇතුළත් ප්‍රවෘත්තියක් පත්තරවල පළ වෙලා තියෙනවා. ඒක ගැන කතා කරමුද?”

    “මගේ ගැන ඕන වෙලාවක කතා කරන්න බැරියැ. මුලින්ම රටට, රටේ ජනතාවට තිබෙන ප්‍රශ්න ගැන අපි කතා කරලා ඉමු,” යැයි කියමින් වජිර මේ දිනවල වැඩි අවධානයට ලක්ව තිබෙන කාරණයක් පිළිබඳ සිය හඬ අවදි කරන්නට විය.



    ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ






    “වර්තමාන දේශපාලන යාන්ත්‍රණය ඉතාමත් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. අපි ලෝකයේ පැරණිම ශිෂ්ටාචාරයක් තිබෙන ජාතියක්. අපි ලෝකයේ පැරණිම ඉතිහාසයක් තිබෙන ජාතියක්. ඒ වගේම ලෝකයේ උතුම්ම දහම වන බුදුදහම අපේ රට තුළ ජන ගත වී තිබෙනවා. මේ බෞද්ධ දර්ශනය ඔස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව බොහොම පරිස්සමින් ඉදිරියට ගෙනා යා යුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රධාන තැනක් දී තිබෙන්නේ.

     




     ඉරිදා බෞද්ධ දහම් පාසල් ඒ වගේම වෙනත් ආගම් අදහන අය වෙනුවෙන් පැවැත්වෙන දහම් පාසැල්  හරහා අනාගත පරපුරට මේ ගැන අවබෝධයක් ලබාදෙමින් මේ රට සුරක්ෂිත කරලයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ. අපි ලෝකයට නීතී රීති හඳුන්වලා දුන්න බෞද්ධ දර්ශනය හරහා ඉදිරියට යන රටක්. මේ බෞද්ධ දර්ශනය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා හානිවන යම් ක්‍රියාමාර්ග තිබේනම් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික මහජනතාව පරාජය කළ යුතුයි.

     

    1601891878 dhaham pasal M


    දූෂණ විරෝධී පනත ගෙනාවෙ අපි


    මම දැක්කා අද මාධ්‍ය හරහා වත්කම් බැරකම් පිළිබද සොයා බලනවා කියලා ප්‍රවෘත්තියක් පළ වෙනවා. එහි මගේ නමත් සඳහන් වුණා. මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා. මගේ පැත්තෙන් ගත්තොත් මම අවුරුදු 30 කට අධික කාලයක් මේ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වත්කම් බැරකම් ඊටත් වඩා එහාට ගිහින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරය දරපු සමයේ අපේ ආණ්ඩුව විසින් සම්මත කළ දූෂණ විරෝධි පනත හරහා ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් මේ හරහා ඒ ගැන සමාජය දැනුවත් වීම බොහෝම හොඳයි.




     අපේ රට දූෂණයෙන් පිරි රටක් බවට අපේ ඇතැම් දේශපාලන පක්ෂ ලෝකයට ඉදිරිපත් කරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මොකද කළේ, 2023, අංක 9 දරණ දූෂණ විරෝධී පනත 2023 වසරේ අගෝස්තු මාසයේ 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කළා.




    විශේෂයෙන් මේ රටේ මහජනතාව මතක තබා ගත යුතුයි මේ කියන දූෂණ රට තුළ පාලනය කිරීම සඳහා නීති රීති මේ රටේ සම්පාදනය කළේ අවුරුදු දෙක හමාරක් මේ රටේ ජනාධිපතිධුරය දරපු රනිල් වික්‍රමසිංහයි. එතුමා මේක ගෙනාවේ අපේ රට තුළ දූෂණය තිබෙනවා කියන නිසා එය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන ආසියාවේ තිබෙන බලසම්පන්නම නීතීරීති පද්ධතියක් හඳුන්වා දෙන්න. මේ හරහා ඇතිවන ගැටලු තිබෙනවා. මේ හරහා ඇතිවන හොඳ තිබෙනවා. මේ හරහා ඇතැම් විට රාජ්‍ය යාන්ත්‍රණය මුහුණදෙන ගැටලු පවා තිබෙනවා.

    Ranil Wickremesinghe

    මේ දූෂණ වීරෝධි පනත පමණක් නෙමෙයි, පනත් 90ක් පමණ රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙක හමාරක් තුළ සම්මත කර තිබෙනවා. ඒ පනත් සියලලෙන්ම රටේ මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ක්‍රියා කළේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ කියලා මතක් කරන්න කැමතියි.


    කවුරුත් වැරැදි කරනවා


    ලෝකයේ මානවයා කරන ප්‍රධාන ම දෙයක් තමයි වැරදි. කොයි කෙනත් ඉපදුණු දා සිට වැරදි කරනවා. එය තමයි ලෝක ස්වභාවය. ඒවා නවත්වන්න බැහැ. කරන්න පුළුවන් එවා පාලනය කිරීම පමණයි. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය මුල් කරගෙන බෞද්ධ දර්ශනය ඔස්සේ ඒවා අපේ රට තුළ පාලනය කළා. වෙනත් ආගම්වල උනත් තත්ත්වය එසේමයි. ලෝකයේ දියුණුවත් සමග නීති රීති හඳුන්වාදෙමින් ඒ හරහා මහජනයා පාලනය කිරීම සිදුවෙනවා.




    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ මේ රට එක්සේසත් කරන්න. ඒ එක්සේසත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමේ දී සියලුදෙනා එකතු කරගනිමින් අපි පක්ෂ සංවත්සරය සැමරුමේ ඒ නිසයි. දේශපාලන පක්ෂ සහ සංවිධාන 50 කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහ සම්බන්ධ වණා. ඒ සම්බන්ධතාවය අපි දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. එ සම්බන්ධතාවය ශ්‍රී ලාංකික සමස්ත මහජනතාවගේ යහපත සඳහා කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න අපි මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා.''

     

  • වත්කම් හුටපට පත්තුවෙද්දි අල්ලස් කොමිසමේ ලොක්කාගෙන් විශේෂ ප්‍රකාශයක් !

    තොරතුරු දැනුම් දෙන පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා දූෂණ විරෝධී පනත ඉතා දැඩි ලෙස බැඳී සිටින්නේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ අදහස් දක්වමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් රංග දිසානායක පැවසුවේ ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් මේ වන විට තොතරතුරු දැනගැනීමේ පනත උපයෝගි කරගනිමින් තොරතුරු අවභාවිත කරන බවයි.




  • වත්තේගම නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

    වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ නීති විරෝධී ලෙස ජීප් රථ දෙකක් ආනයනය කිරීම සහා එම  ජීප් රථ ව්‍යාජව ලියාපදිංචි කිරීම සම්බන්දයෙන් බව පොලීසිය සඳහන් කරයි.

    මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ  පුළුල් විමර්ශනයකින් අනතුරුව සැක කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස්  කරමින් එම ලියාපදිංචි කිරීම් සිදුකර ඇති අතර ඊට දෙපාර්තමේන්තු සේවකයෙකුගේද සහාය ලැබී ඇත.

    2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වුණු අයෙක් වන වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ලෙස කටයුතු කල රවීන්ද්‍ර බණ්ඩාර හා  ලොහාන් රත්වත්තේ සමඟ සමීපව කටයුතු කල ලක්ෂිත මනෝජ් වීරබාහු යන අය මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත.

     

     

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න